
(අංජුල මහික වීරරත්න)
යෝජිත ' ශ්‍රී ලංකා වරාය හා සැපයුම් සංවර්ධන ව්‍යාපෘතිය ' සකස් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන සඳහා වන ජාත්‍යන්තර බැංකුව විසින් ලබා දෙනු ලබන ප්‍රදානයට අදාලව ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
'ශ්‍රී ලංකා වරාය සහ සැපයුම් සංවර්ධන ව්‍යාපෘතිය ' සකස් කිරීම පිණිස ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව වෙතින් ඇමෙරිකා ඩොලර් මිලියන 03 ක ප්‍රදානයක් ලබා ගැනීම පිණිස වන ප්‍රදාන ගිවිසුමට අත්සන් තැබීමට 2025-10-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, එකී ප්‍රදාන ගිවිසුමට 2025-10-31 දින මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විසින් අත්සන් තබා තිබේ. එකී ප්‍රදාන ගිවිසුමේ විධිවිධාන පරිදි ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමකට එළඹිය යුතු වේ. එසේම, එම ව්‍යාපෘතියේ මෙහෙයුම්, තාක්ෂණික, සාමාජීය, පාරිසරික, ප්‍රසම්පාදන සහ මූල්‍ය කළමනා කරණ කටයුතු සඳහා සහාය ලබා දීම හා අධීක්ෂණය කිරීම පිණිස ව්‍යාපෘති කළමනා කරණ ඒකකයක් ද ස්ථාපිත කළ යුතුව ඇත. ඒ අනුව, යෝජිත ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීමටත් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd