
(අංජුල මහික වීරරත්න)
ශ්රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජ.වි.පෙ ප්රධාන කාර්යාලයේ දී අද (27)පැවැත්විණි.
මාලදිවයින සහ ශ්රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම වෙනුවෙන් පැවති මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී දෙරට අතර ආර්ථික හා වෙළෙඳ කටයුතු වැඩිදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක අලි ෂරීෆ් (Ali Shareef) පළමු ලේකම් අහමඩ් අසීම් (Ahmed Azim) ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නීතිඥ මධූ කල්පනා මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd