හෙළ මියැසි ගී රාවය නම් ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයක් වෙරෝනා ස්තිමාතේ සම්මන්ත්‍රණ හාලාවේදී 20 දා පැවැත්වීමට නියමිතය. කොළඹ සරසවියේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙසසහභාගී වීමට නියමිතය. පාර්මා සිලෝන් කොරතිවා ආයතනය, මෝදනා ස්වර්ණ මුතු ජුවලර්ස් කොන්සිලේයෝ දෙල්ලා ස්තනේරි ආ වෙරෝනා ශාඛාව, වෙරෝනා වෙන්නප්පු මිත්‍රත්ව සංගමය හා වෙරෝනා බෞද්ධවිහාරස්ථාන දායක සභාව හෙහි අනුග්‍රාහක්තය දක්වයි. මාධ්‍ය අනුග්‍රහය ලංකාදීප එසැණ පුවත්, ඉරිදා ලංකාදීප, ලක්හිරු අන්තර්ජාල පුවත්පත් සේවය හා ෆෙර්ෂ් ටී.වී.ආයතනයයි.
හෙළ මියැසි ගී රාවය සඳහා මිගාර ප්‍රමුඛ තත්සර සංගීත කණ්ඩායමේ සංගීතයට වෙරෝනා හා මිලානෝ නුවර ගායක ගායිකාවෝ හඩ මුසු කරති. මෙදිනට ප්‍රවීණ ගී පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගී පද රචනයෙන් හා 2011 වර්ෂයේ දක්ෂතම සංගීතවේදියා ලෙස රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද දර්ශන රුවන් දිසානායකගේ සංගීතයෙන් ඔපවත් වේ. වෙරෝනා පදිංචිව සිටින කොළඹ විජයබා විද්‍යාලයේ හිටපු සංගීත ආචාර්ය චන්ද්‍රිකා නිස්සංක මහත්මියගේ නවතම ගීතය දොරට වැඩීම ද මෙදින සිදුකැරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් උණුසුම් සුභපැතුම් (දී)
වැඩේනම් නියමයි. (නි)
බොහොම හොද වැඩක්. අපෙන් සුභ පැතුම්! (නි)
සංගීතය රස විදින කාටත් හොද පණිවිඩයක් (දී)