වෙරෝනා නුවර පදිංචි ශ්‍රි ලාංකිකයකූ (40) රාත්‍රි සාදයකට සහභාගි වී තම පාපැදියෙන් නිවස බලා යන අතර පාරේ ගමන් ගත් මෝටර් රථයක සිටී තරුණ පිරිසක් වායු පිස්තොලයකින් ඵල්ල කළ කුඩා ඇටබෝලයක් ඇසේ වැදිමෙන් ඇසේ පෙනිම අහිමි වු බව රෝනා පුවත් පත කියයිග පාරේ වැටී සිටී ශ්‍රී ලාංකිකයා ජංගම මුර සංචාරයේ යෙදි සිටී පොලිස් නිළධාරින් පිරිසක් විසින් රෝහල් ගත කිරිමෙන් පසු ඔහුට හදිසි සැත්කමක් සිදුකළ ද යලි ඇසේ පෙනුම ලබා ගැනිමට වෛද්‍යවරුනට නොහැකි වීය. මොටර් රථයේ සිටී තරුණ පිරිස විහිළුවට කළ ක්‍රියාවක් ලෙස පෙනිගියත් ශ්‍රි ලාංකිකයාට ඇසක පෙනිම අහිමි වීම බරපතල කරුනක් බැවීන් ආරකෂිත වීඩියෝ කැමරා පරීක්ෂා කොට වැරදි කරුවන් අත්අඩංගූවට ගන්නා බව පොලිසීය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයගේ වැඩේ යන යන තැන බීලා මොකක් හරි කරගන්න එකනේ (ස)
මෝඩකමට බෙහෙත් නැහැනේ. (නි)
අනේ අපොයි! නුවණැස පාවිච්චි කළා නම් බේරෙන්නත් තිබුණා. (නි)
ඉතාලි ඇවිල්ලා සල්ලි හම්බ කරනවා තමයි. ඒ වුණාට ලංකාවෙ ඉන්න කවුරුත් දන්නෙ නැහැ මෙහෙ සල්ලි හම්බ කරන්න විදින දුක. නාපොලියේ කී දෙනෙක් දවසකට ගුටි කනවද ඉතාලි කොල්ලන්ගෙන්? (නි)
වෙන්න තියෙන දේ කොහේ හිටියත් වෙනවා. (නි)