IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


වීරකැටියේ සිසුන්ට පාසලෙන් හරසර

උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් දිවයිනේ මුල් තැන දිනූ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ රුසිරු ගම්භීරආරච්චි සහ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ මුල් තැන දිනූ කසුන් ලක්මාල් අද හරසරින් පිළිගනු ලැබූහ.



අදහස් (0)

වීරකැටියේ සිසුන්ට පාසලෙන් හරසර

උපුල් Thursday, 31 January 2013 01:38 PM

විවේචන ගනන් ගන්න එපා.. ඔබලාගේ මහන්සියට ලැබුණ ප්‍රතිඵල ගැන ගොඩක් සන්තෝෂයි.. ඔබලාට ජය..!(නු)

:       0       0

ලක්මාල් ඩුබායි Thursday, 31 January 2013 01:43 PM

මෙවැනි හොද පුවත් දැක්කාම පහත් මානසික ප්‍රතිචාර නොදැක්වීම හොදයි.. මේ මල්ලිලා දෙන්න අපේ ලංකාවටම ආඩම්බරයක්.. වීරකැටියේ ඉන්න ළමයින් ලංකාවෙ පළමු තැනට ආවොත් ඒක සැක සහිත වෙන්නේ ඇයි.. ඒ ළමයි ඉගෙන ගන්නේ අපේ මව්බිමේ නෙමෙයිද? එයාලගේ මේ මල්ලිලා දෙන්නගේ මේ මහුණුවලින් මට නම් පේන එකම දේ තමයි ලංකාවේ මේ වයසේ ඉන්න අනිත් හුගක් ළමයන්ට වඩා ඉගෙනීමට පමණක් ඔළුවෙ තියෙන දෙන්නෙක් හැටියටයි. ආනන්දෙ නාලන්දෙ ළමයින්ට කරන්න බැරි උනදේ ශය දෙන්න කරපු එකට මම ඔය දෙන්න කරපු දේට ගොඩක් ආඩම්බර වෙනවා.. මලයෝ ඔයාලා අනාගතයේදී ලංකාවට හොද පුරවැසියන් වෙන්න මං සුභ පතනවා.. බුදුසරණයි දෙන්නටම..!(නු)

:       0       0

උපුල් Thursday, 31 January 2013 01:46 PM

හසිනි, ඔයාගේ සැක දුරු කරගත්තානම් හොදයි..!(නු)

:       0       0

වසන්ත Thursday, 31 January 2013 06:42 PM

හොද දෙයක් දෙස හොද ඇහින් බැලීම තමයි වැදගත් වෙන්නේ. (නි)

:       0       0

දිල් Thursday, 31 January 2013 06:47 PM

පාසල කුමක් වුවත්, කොහේ තිබුණත් ළමයින්ගේ බුද්ධිමත්භාවය අපි අගය කළ යුතුයි. (නි)

:       0       0

නිමලා Thursday, 31 January 2013 01:47 PM

සුභ පැතුම් මල්ලිලා.!(නු)

:       0       0

රංග Thursday, 31 January 2013 01:55 PM

සුභ පැතුම් (ස)

:       0       0

සුනිල් Thursday, 31 January 2013 01:55 PM

අපෙන් සුභ පැතුම්..පාසලටත් ළමයින්ටත්..!(නු)

:       0       0

සම්පත් Thursday, 31 January 2013 07:02 PM

මිනිස්සුන් කියනවා දැන් නගරයේ පමණයි අධ්‍යාපනය දියුණු කියල. මෙයින් එය බොරු වෙනවා. (දී)

:       0       0

ඉන්දික Thursday, 31 January 2013 07:06 PM

දකුණෙන් බිහිවූ තවත් වීරවරුන් පිරිසක්. (දී)

:       0       0

අමිල Thursday, 31 January 2013 07:09 PM

ඔබටත් ඔබ පාසලේ සියලු ගුරු උතුමන්ලාටත් ජාතියේ ප්‍රණාමය. (දී)

:       0       0

උපුල් Thursday, 31 January 2013 02:04 PM

අනේ මේ වගේ මන්ද මානසික කුහක විවේචන. දරුවනේ, ඔබලාගේ මහන්සියට ලැබුණ අභිමානය විශිෂ්ඨයි .ඒ ළමයි දෙදෙනාට සුභ පැතුම්.ජය වේවා. (ස)

:       0       0

අමිල Thursday, 31 January 2013 07:09 PM

ඔබ සැම දෙනාටම ඉදිරි කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබේවා . (දී)

:       0       0

ඩේවිඩි Monday, 04 February 2013 03:16 PM

මේකටත් කී දෙනෙක් ආණ්ඩුවට බැන්නද?(නදී)

:       0       0

චතුරංග Thursday, 31 January 2013 07:09 PM

මේ ළමයිව පාඩමකට අරගෙන අනිත් ළමයිනුත් සමත් වෙන්න ඕනේ. (දී)

:       0       0

කසුන් Thursday, 31 January 2013 07:12 PM

බුද්ධියට ජය වේවා ! ලංකාවටම ආඩම්බරයක්. අපි ඔබට සුබපතනවා. මෝඩ කතා ගණන්ගන්න එපා (ස)

:       0       0

කොඩිකාර මලිත් Thursday, 31 January 2013 02:20 PM

වීරකැටිය පාසලේ ගිය වසරේ උසස්පෙළ පන්තිවල උගන්වපු දවස් ගනන ළමයින්ගෙන්ම අහලා බලන්න.. ලැජ්ජා නැතිව ඡායාරෑපවලටත් පෙනී ඉන්නවා.. අද උනත් ගිහිං බලන්න 2013 උසස් පෙළ පන්තියෙ ළමයි කීදෙනෙක් ඉන්නවාද කියලා.. උදෙත් අතිරේක පන්තිවලට යනවා ළමයි.. ළමයි දෙන්නට උණුසුම් සුභ පැතුම්.. පෞදිගලික පන්තිවල ගුරුවරුන්ට ස්තුතියි..!(නු)

:       0       0

දේශාන් Thursday, 31 January 2013 02:23 PM

වහාම පරීක්ෂණයක් පවත්වන්න. මේ පාසලේ අනිත් ළමයින්ගෙත් ප්‍රතිඵල හෙලිකර යුතුයි (ස)

:       0       0

නිශාන්ත යූ Thursday, 31 January 2013 02:27 PM

ඉතාම හොද ළමයි.. ඔබ දෙපලගේ ඉතිහාසයත් මාධ්‍යයට කියන්න. පාසලේ විභාගවලදී පෙන්නවන ලද සමත්කම්..සහ සාමාන්‍යෙපළ ප්‍රතිඵල ශිෂ්‍යත්ව ලකුණු.. සහ අනෙකුත් ක්‍රියාකාරකම්.. මොකද ගොඩක් අයට පොඩි ගැටලුවක් තියෙනවා.. (නු)

:       0       0

දහම් Thursday, 31 January 2013 02:29 PM

බලන්න මේ ළමයින්ගේ ඇස් දෙස. ඒවා බුද්ධිමත් සහ මොලේ තියෙන බව කියනවා..!(නු)

:       0       0

පරාක්‍රම Thursday, 31 January 2013 02:34 PM

පහත් මානසික ප්‍රතිචාර නොදැක්වූවානම් හොදයි......(ස)

:       0       0

ආර්.සී.සී. ආදි සිසු Thursday, 31 January 2013 02:34 PM

වීරකැටිය මධ්‍යමහා විද්‍යාලය කියන්නේ හම්බන්තොට දිස්ත්තික්කේ අංක එකේ පාසලක්.. කන්නන්ගර මැතිතුමාගේ ප්‍රථම මාධ්‍ය මහා විද්‍යාල 16 න් එකක් (නු)

:       0       0

නිශාන්ත Thursday, 31 January 2013 08:11 PM

රෝයල්, ආනන්ද, නාලන්ද වල වුණත් විභාග පාස් වෙන්නේ දකුණෙන් පහ ශිෂ්‍යත්වය පාස් වෙලා ගිය කොල්ලෝම තමයි. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 31 January 2013 02:42 PM

හැමදාම කොළඹ 1 වෙන්න ඕන නැහැනේ.. ගමේ අය වැඩ පෙන්නන්න පටන්ගත්තා විතරයි.. හම්බන්තොට ගුවන්තොටුපොළවල් වරායවල් අධිවේගී මාර්ගවලට අමතරව ලංකාවෙ අග නගරය කරන්න.. ඔයාලට ඊරිසියයි නේද? (නු)

:       0       0

රොහාන් Thursday, 31 January 2013 08:36 PM

ඔබේ මහන්සියට සරිලන ප්‍රතිඵලයක්. (දී )

:       0       0

කාන්චනා Friday, 01 February 2013 11:57 AM

අපගේ සමහරු හරියට ඇමෙරිකාව, යුරෝපය හැර අන් රටවලට මොකුත් බහැ යන මානසිකත්වයේ ඉන්නවනේ, මේකත් ඊට සමානයි. දරුවනි ඔබ දෙපලට සුභ පැතුම්කව්රුමොනවා කිව්වත් ඔයාල දක්ෂයි ඔබ දෙදෙනා දකුණට ආඩම්බරයක්. (ස)

:       0       0

චන්දි Thursday, 31 January 2013 02:55 PM

සුබ පැතුම් මල්ලියේ (ස)

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 31 January 2013 02:58 PM

අනේ අපේ රටේ මිනිස්සු තවමත් පහත් මානසිකත්වයෙන් කල්ගෙවනවා වගේ. නීති විද්‍යාලයේ එකම ජාතික සිසුන් පළවෙනි තැනට ආවාම ඔතන ජාතිවාදය ! එකම පාසලේ සිසුන් ‍දෙදෙනෙකු පළවෙනි තැනට ආවාම එතැන දේශපාලනය.....තවමත් අපේ අය දූපත් මානසිකත්වයෙන් මිදෙන්න කැමැති බව විටින් විට ඔප්පු කරති. දක්ෂ සිසුන් තමන්ගේ ස්ථානය ලබාගෙන තිබෙනවා. අපි ඔවුන්ගේ අනාගතය සාර්ථකවේවායි ප්‍රාර්ථනා කරමු. එකම පාසලක දක්ෂයින් කිහිප දෙනෙකු බිහිවිය නොහැකිද? (ස)

:       0       0

උපුල් Thursday, 31 January 2013 08:54 PM

මිනිස්සුන්ට ඕනෑම දෙයක් හිතන්න නිදහස තිබෙනමුත් උසස් පෙළ ප්‍රතිඵල ගැන මෙවන් තත්ත්වයකින් සිතන්න පෙළඹීම ගැන දුකයි. (නි)

:       0       0

ශාන්ත Thursday, 31 January 2013 09:15 PM

සියලු සිසුන්ට සුභ පැතුම්! (නි)

:       0       0

නීල් Thursday, 31 January 2013 03:05 PM

බයෙන් බයෙන් වගේද ? (ස)

:       0       0

සමන්ත Thursday, 31 January 2013 09:24 PM

එදත් අපේ රට එක,අදත් අපේ රට එක,හෙටත් අපේ රට එක. ඔහොම යං පුතා.. ඉතිං මොකෝ බයෙං වගේ... ආෂ්චර්යයේ කොටස් කාරයන් වීමගැන සතු‍ටුයි.(නු)

:       0       0

සුගත් Thursday, 31 January 2013 09:32 PM

ඔබේ කැපවීම මත ලැබුණු ප්‍රතිපලය ගැන අපට ආඩම්බරයි (දී)

:       0       0

මොහොමඩ් Thursday, 31 January 2013 09:35 PM

අපේ රටට ඔබ ආඩම්බරයක්. ගෞරවයක් (දී)

:       0       0

සලාම් Thursday, 31 January 2013 03:08 PM

නියමයි !!!!!!(ස)

:       0       0

අනුෂ නිලංක Thursday, 31 January 2013 03:12 PM

මේ මල්ලිලා දෙන්නටත්, එයාලාගේ දෙමව්පියන්ටත්, වීරකැටිය මධ්‍යමහා විද්‍යාලයේමේ දෙන්නට උගන්වපු ගුරුවරුන්ටත්, මෙයාලා පුද්ගලික පංතිවලට සහභාගී වුනානම් ඒ ගුරුවරුන්ටත්, මෙයාලාගේ ජයග්‍රහණය වෙනුවෙන් හද පත්ලෙන් සංතෝෂ වෙන සියලු දෙනාටමත් අපේ සුභ පැතුම්.! අ‍පේ රටේ සමහර උගත්යැයි සම්මත මිනිස්සු හිතන් ඉන්නේ. තමන්ගේ ළමයි යන පාසල් වලින් මෙවැනි ප්‍රතිඵල නිතරම ලැබෙන්න ඕනේ කියලා. පහුගිය අවුරුදු කිහිපයේම මේ වගේ දෙවල් වුණා. ඒනිසා මම දකින විදිහට අතිගරු ජනාධිපතිතුමාගේ සිහිනය වුණේ මේකයි.මොකද එතුමා ලබාපොරොත්තු වුණේ නාගරික ප්‍රෙද්ශ කිහිපයකට පමණක් සීමා වී තිබු වරප්‍රසාද ගමේ ජනතාවටත් ලබා දෙන අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනගන්නයි. ඒ වගේම, අපේ රටේ නිදහස් අධ්යාතනය වෙනුවෙන් කැප වී ක්රිටයා කළ සී. ඩබ්. ඩබ්. කන්නංගර මහත්තයාගෙත් පරමාර්ථය වුනෙත් ඒකයි. අමතක කරන්න කරන්න එපා මේ හැමෝම අපේ රටේ දරුවෝ. අපේම දරුවෝ. ඉතින් ඕනෑම දෙයක වැරැදි දකින අයට නම් මේක වැරැද්දක් වෙන්න පු‍ලුවන් ඒ වුණත් මේ හැමෝගේම කැප කිරීම කොයිතරම්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒක මේ විදිහට හෑල්ලු කරන, ඒකට ඊර්සියා කරන අයට කවදාක්වත් හොඳක් වෙන්නේ නැහැ. ‍අනික මෙයාලාගේ නමේ අගට රජපක්ෂ කියලා නැහැනේ. එදා අපේ රටේ සමහර නායකයෝ බටලන්ද වගේ වධ කඳවුරැ දාලා මේ වගේ දරුවෝ කොච්චර විනාශ කළා ද? අනික ‍අපේ සනත්, මුරලි, කොළඹ අය නෙවෙයිනේ. තව කොච්චර උදාහරණ ඕනද? (නු)

:       0       0

ප්‍රසන්න Saturday, 02 February 2013 05:02 PM

මෙය ගම්වල දරුවන්ගේ පිබිදීමක්. හමිබන්තොට පාසැලක් වුන නිසා නේද මෙහෙම මඩ ගහන්නේ.(නදී)

:       0       0

ප්‍රීතිකා Thursday, 31 January 2013 03:20 PM

සුබ පැතුම් (ස)

:       0       0

නීල් Thursday, 31 January 2013 09:49 PM

මමනම් හිතන්නේ මේක සම්පූර්ණයෙන්ම වංචාවක්. (ස)

:       0       0

ප්‍රගීත් Friday, 01 February 2013 07:28 PM

මොකක්දෝ පටලැවිල්ලක් ම‍ගේ හිත තුළත් උපන්නා. (නි)

:       0       0

දමිත් Thursday, 31 January 2013 03:30 PM

මෙන්න දකුණේ කොල්ලෝ. රණබිමෙත් , වැඩබිමෙත් මේ ලෝකෙම අපේ රටට තමයි (ස)

:       0       0

ජයවර්ධන Thursday, 31 January 2013 03:38 PM

සුබ පැතුම් (ස)

:       0       0

කුමුදු Thursday, 31 January 2013 10:08 PM

ඔබ රටට සම්පතක්. ජය වේවා. (දී)

:       0       0

වත්සලා Saturday, 02 February 2013 10:59 AM

සුබ පතනවා මල්ලිලා දෙන්නටම .රටට වැඩක් කරන්න මේ ර‍ට යන අත හොයාගන්න බැරුවයි අපි මේ ඉන්නේ (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 31 January 2013 03:43 PM

හද පිරි සුබ පැතුම් .....සුබ අනාගතයක් වේවා... (ස)

:       0       0

චාමර සෙනෙවිරත්න බෝවලවත්ත Thursday, 31 January 2013 10:14 PM

මගේ හෘදයාංගම සුබපැතුම් මල්ලිලා දෙන්නට. අතිගරු ජනාධිපති තුමාගේ දැවැන්ත සංවර්ධන ව්‍යාපාරයේ අති ප්‍රබල සනිටුහනක් , සුබ අනාගතයක් මල්ලිලා අපගේ බැංකුවේ සියලුම අයියලගේ අක්කලාගේ සුබපැතුම් (ස)

:       0       0

කුමාර Thursday, 31 January 2013 10:18 PM

කොළඹ පැත්තෙ පාසල් වල වුණත් දක්ෂකම් පෙන්වන්නේ ගම්වලින් ආපු දක්ෂයෝයි. (නි)

:       0       0

වීරකැටිය ජනතාව Thursday, 31 January 2013 03:47 PM

අමතක කරන්න එපා.. වීරකැටිය මධ්‍යමහා විද්‍යාලය කියන්නේ පළමු මධ්‍යමහා විද්‍යාලයවලින් එකක්.. දහස්ගණන් වීරකැටිය විද්‍යාලයෙන් බුද්ධිමතුන් බිහිවී ඇත. ජයවේවා..!(නු)

:       0       0

සරත් Thursday, 31 January 2013 11:27 AM

මගේ ප්‍රණාමය , දෙදෙනාටම සුබ අනාගතයක් (ස)

:       0       0

නිශ්ශංක Thursday, 31 January 2013 03:47 PM

පහත් මානසිකත්වය කියන එක ජාතියකට පමණක් උරුම දෙයක්ද දන්නේ නැහැ.. ඉහළින් සමත්වූ ඔබ දෙපලටම උණුසුම් සුභ පැතුම්..!(නු)

:       0       0

තිස්ස Thursday, 31 January 2013 11:31 AM

පුතුනි ඔබට ජය ! දළදා සමිදු පිහිටයි (ස)

:       0       0

අජිත් Thursday, 31 January 2013 11:34 AM

සුබ පැතුම් දෙන්නටම ..මිනිසුන් මඩ ගහන්න එපා දක්ෂ දරුවන්ට,දකුණේ කොල්ලන්ට (ස)

:       0       0

උපුල් Thursday, 31 January 2013 11:18 PM

කුහක ප්‍රතිචාර දැක් වූ අයගේ ජීවිතත් එහෙමම ඇති. ඒ වගේ අය සමාජයට පිලිලයක් (ස)

:       0       0

සිල්වා Thursday, 31 January 2013 04:03 PM

කණගාටුයි දේශාන්, ඔබගේ නමටත්  එක්ක ලැජ්ජයි,මේ ප්‍රථිඵල පිලිබඳ ඔබේ අදහස. (ස)

:       0       0

රොෂාන් Thursday, 31 January 2013 04:01 PM

ඔබ රටට ගෞරවයක්. (දී)

:       0       0

සදුනි Thursday, 31 January 2013 04:07 PM

ඔබ දැක්වූ දක්ෂතාවයට මුළු ලෝකයේම හරසර ලැබෙනවා දුවේ පුතේ (දී)

:       0       0

මොහොමඩ් Thursday, 31 January 2013 11:43 AM

රෝයල්, තෝමස්, ආනන්ද, නාලන්ද පරාදා වීරකැටියට මුල් තැන (ස)

:       0       0

හසිනි Thursday, 31 January 2013 11:43 AM

සුබ පැතුම් .... ඒත් 2 දෙවනි වතාවෙත් මගේ සිහින බොඳ වුණා ප්‍රතිඵල ගැන සැකයි මට (ස)

:       0       0

දිනේෂ් Thursday, 31 January 2013 11:47 PM

සැකයෙන් බලන්න කලින් ඇස් දෙක ඇරලා බලන්න, අවුරුද්දකට කී දෙනෙක් මේ පාසලෙන් වෛද්‍ය පීඨයට, ඉන්ජිනේරු පීඨයට යනවද කියලා. (නි)

:       0       0

කසුන් Thursday, 31 January 2013 04:09 PM

දරුවන්ටත් පාසලටත් අපගේ ප්‍රණාමය (දී)

:       0       0

එසෑම් Thursday, 31 January 2013 11:47 AM

රාජපක්ෂලා ලංකාවෙ පළමු තැන තමයි..!(නු)

:       0       0

අමිල Thursday, 31 January 2013 04:10 PM

පුදුම අහඹුවක්. (ස)

:       0       0

ඩිලාන් Friday, 01 February 2013 01:29 PM

සුබ පැතුම් (ස)

:       0       0

අමිල Thursday, 31 January 2013 04:10 PM

ඒ විභහහගෙත් නැවත තියන්න වෙයි වගේ (ස)

:       0       0

ජයී තිසර Friday, 01 February 2013 01:34 PM

උත්සාහයේ උපරිම ප්‍රතිඵල ලද්දී..... සතුටුයි අසන්නට මේ වගෙ හොඳ සිද්ධී..... හමුවේ බොහෝ බාධක ජීවන මගදී..... මෙලෙසම ජයෙන් ජයවේවා ඉදිරියෙදී (නි)

:       0       0

ෂිරාස් Thursday, 31 January 2013 11:53 AM

පාඩම් කරලා පඩම් කරලා මේ දරුවගේ මූණත් ඉදිමිලා (ස)

:       0       0

සමන් Friday, 01 February 2013 12:50 AM

කොල්ලෝ කවදත් හැමදේම කරන්නේ නිශ්ශබ්දව තමයි. (නි)

:       0       0

පෙරේරා Saturday, 02 February 2013 08:08 PM

හැමදේම සැකෙන් බලන්න එපා. ඒ දරුවන්ට සුභපතන්න.(නදී)

:       0       0

සිල්වා තබුක් Thursday, 31 January 2013 11:58 AM

පාසල නොවෙයි වටින්නේ.. රටේ උගත් පරපුර බිහිවීමයි අවශ්‍ය..උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.. සුභ පැතුම්..!(නු)

:       0       0

කණිෂ්ක Thursday, 31 January 2013 04:16 PM

ඔසන් සලාම් - දෝහා, හොද කොමෙන්ට් එකක්. අපේ අය එක්කෝ ජාති වාදේ නැත්නම් දේශපාලනේ. ඔය දුපත් මානසිකත්වයෙන් මිදිලා රට ගැන, අනාගතේ ගැන හිතල වැඩ කරන්න. මල්ලිලා දෙන්නටම මගෙන් සුබ පැතුම්. (ස)

:       0       0

ඉන්දික Friday, 01 February 2013 12:51 AM

මේ දෙන්නටම අපට ඉත සිතින් සුබ අනාගතයකට සුබ පතමු . මේ තුල දේශපාලනයක් හෝ වෙනත් දෙයක් නොදැක අවංකව ආඩම්බර වෙමු . අපේ රටේ අධ්‍යාපන ගැන අපි සතුටු වෙමු. යාපනයත්- හම්බන්තොටත්- නුවරත්- කොළඹත් - ලංකාවම බව මතක තිය ගමු. (ස)

:       0       0

සමන්ත Thursday, 31 January 2013 04:22 PM

මේක ගැන සැක හිතෙනවා (ස)

:       0       0

අජිත් Thursday, 31 January 2013 12:10 PM

රෝහණ දේශයේ අභිමානය ලෝකෙට ගෙන යන්නේ ඔබයි. ඔබ දෙදෙනාට හෘදයාංගම සුභ පැතුම්! (ස)

:       0       0

තරු Tuesday, 05 February 2013 08:05 PM

දකුණේ අය කවදත් දක්ෂයි. (නි)

:       0       0

රුෂාන් Thursday, 31 January 2013 12:13 PM

රට වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙයක් කරන්න ලැබේවා (ස)

:       0       0

නිශාන්ත Friday, 01 February 2013 02:18 AM

කොළඹ පාසල් වලට ගිහිල්ලත් පාස් වෙන්නෙ ඉතින් දකුණෙන් ශිෂ්‍යත්වේ කරලා ගිය නංගිලා මල්ලිලාම තමයි. (නි)

:       0       0

කමල් Thursday, 31 January 2013 12:14 PM

පුදුමයි....එක පාරම හම්බන්තොටින් (ස)

:       0       0

ඇතීනා, Friday, 01 February 2013 03:39 AM

දක්ෂයින් හැමදෙනාටම සුබපැතුම්.සමහර අයගේ අදහස් ගැන හරිම කණගාටුයි.දේවිබාලිකාවේ ප්‍රතිඵල ගැන සද්දයක් නැහැ.එකම පාසලක දක්ෂ දරුවෝ.එකම පළාතක දක්ෂ දරුවෝ.......වීරකැටිය,මාතර,ගාල්ල.පුදුම වෙන්නේ හැමදාම දකුණ හෑල්ලු කරන කුහක ඊර්ශියාකර මෝඩයින්.දරුවනේ ඔබලාගේ ඉදිරි ගමනට ශක්තිය, ධෛර්‍යය නොඅඩුවම ලැබේවා!!!!!!! (ස)

:       0       0

අසංග Friday, 01 February 2013 04:12 AM

පසුගිය අවුරුද්දේ ලංකාවේ පාසල් ශ්‍රේණි ගත කලා, එතකොට වීරකැටිය මධ්‍ය මහ විද්‍යාලය ලංකාවෙන්ම 50 වැනි පාසැල දැන් ලංකාවෙන්ම එක ,ඒතකොට මොකද හේතුව ? (ස)

:       0       0

අසංග Friday, 01 February 2013 04:22 AM

ලංකාවේ මුස්ලිම් ළමයි හරිම දක්ෂයි , එකනේ නීති විද්‍යාලයෙන් මේඅවුරුද්දේ මුස්ලිම් ළමයි වැඩි ගානක් පාස් උනේ , ඒ වගේ තමයි හම්බන්තොට ළමයිත්. දක්ෂ ඇති

:       0       0

ඩොනල් Thursday, 31 January 2013 12:20 PM

රටටම ඔබේ දස්කම් පෑ දිනය අදයි කසුන් , රුසිරු රන් දිවි මග ජයෙන් ජයයි ! (ස)

:       0       0

පුෂ්පා Friday, 01 February 2013 04:52 AM

වරක් මගේ මිතුරෙක් මෙහෙම කිව්වා “ලංකාවෙ මිනිසුන්ට ඕනෑ විභාගයකින් තමන්ගෙ ළමය පාස් වෙන්න විතරක් නෙවෙයි, අනිත් අයගෙ (විශේෂයෙන්ම දන්න කියන අයගෙ) ළමයි ෆේල් වෙන්නත් ඕනි“. මේක විකාර, ආත්මාර්ථකාමි ප්‍රකාශයක් ලෙසයි මට ඒ වෙලාවෙ පෙනුනෙ. නමුත් මෙම තීරයේ පළවුණ සමහර අදහස් දැක්කම හිතෙනවා මේකෙ යම් සත්‍යයකුත් තියෙනව කියල. උසස් පෙළ විභාගයෙන් සමත් වූ සියළු දෙනාටම මගේ සුභ පැතුම් (ස)

:       0       0

රුවන් Friday, 01 February 2013 06:17 AM

අපෙනුත් උණුසුම් සුභපැතුම් (දී)

:       0       0

නුශාන් Thursday, 31 January 2013 12:28 PM

ප්‍රශ්නෙකට නෙවෙයි අහන්නෙ ..විද්‍යා, ගණිත දෙකම අයිලන්ඩ් ෆස්ට් වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයට ගියේ කෝමද ? (ස)

:       0       0

ආශා Friday, 01 February 2013 06:34 AM

මේ මල්ලිලා දෙදෙනාටම මගේ උණුසුම් සුබ පැතුම්.. මේ ප්‍රතිඵල මුස්ලිම් පාසලක ළමුන් ලබාගත්තොත් දැන් අපේ ජාතිවාදී මාමලා වහා පරික්ෂණයක් කරන්ඩ ඕන කියයි. (ස)

:       0       0

උපුල් Thursday, 31 January 2013 12:33 PM

මේක කොහොමත් වෙන්න බැරි වැඩක් (ස)

:       0       0

කළුපාත Thursday, 31 January 2013 12:37 PM

ගමන් බිහිවෙච්ච එකනම් හොදයි. ඒත පොඩ්ඩක් සැකයි (ස)

:       0       0

දෝහා Thursday, 31 January 2013 04:47 PM

අපේ අයට සැක හිතෙන්නේ නැත්තේ මොනවාටද? ඔක්කොම වපර ඇහෙන්නෙ බලන්නේ..!(නු)

:       0       0

රෑන් Thursday, 31 January 2013 04:48 PM

විවේඡකයන්ට දොස් කියන්නත් බැහැ. කෙසේනමුත් මෙම දරුවන්ට සුභ අනාගතයක්! (නි)

:       0       0

ඉසුරු ගමගේ Thursday, 31 January 2013 12:40 PM

මෙතන මොකක් හරි ගැටළුවක් තියෙනවා.. (නු)

:       0       0

ඉසුරන්දි Thursday, 31 January 2013 04:49 PM

මේක තමයි එයාලගේ දක්ෂතාවය . එයිලට සුබ පතනවා මිසක් වපර ඇසින් බලන්න එපා (ස)

:       0       0

මහේෂ් Friday, 01 February 2013 07:42 AM

උණුසුම් සුබ පැතුම් (ස)

:       0       0

ප්‍රසන්න Sunday, 03 February 2013 04:21 PM

ලෝකෙම බබළවන්න ශක්තිය ලැබේවා (දී)

:       0       0

පද්මි Thursday, 31 January 2013 12:45 PM

මේක සැකසහිතයි මේ දෙන්නගේ මුහුණුවල සතුටක් නැති පාටයි..!(නු)

:       0       0

අනුර Thursday, 31 January 2013 12:44 PM

සුභ පැතුම් මල්ලිලා දෙන්නට..!(නු)

:       0       0

අජිත් Friday, 01 February 2013 07:54 AM

ඔබ දෙදෙනා දකුණට ආඩම්බරයක්. සුබ පැතුම් (ස)

:       0       0

නුවන් Thursday, 31 January 2013 12:49 PM

මේ තරම් ප්‍රීතිමත් මොහොතක ඡායාරූපවල බයෙන් සැකෙන් ඉන්නේ මොකද ? කවුරු හරි දන්න කෙනෙක් පහදා දෙන්න (ස)

:       0       0

සද්දා Thursday, 31 January 2013 12:52 PM

අනාගත බුද්ධි අංකුරවලට හද පිරි උණුසුම් සුභ පැතුම්.. කොහොමත් දක්ෂයින් දේශය උගතුන් බුද්ධිමතුන් බිහිකළ බිහිකරන තක්ෂලාවක්..!(නු)

:       0       0

රොහාන් Friday, 01 February 2013 08:22 AM

වසර ගණනාවක් මහන්සි වීමෙන් සිහිනය සැබෑ කරගෙන. (දී)

:       0       0

රිස්වාන් Thursday, 31 January 2013 12:54 PM

කොළඹ පාසල් වලට වඩා වීරකැටියේ පාසල හොඳයිනේ බැලුවම (ස)

:       0       0

සිසිර Thursday, 31 January 2013 05:05 PM

ඔබ සියලු දෙනාටම ජය වේවා (දී)

:       0       0

චන්දන Thursday, 31 January 2013 01:04 PM

අපොස විභාගයෙන් වැඩිම ලකුණුත් රාජපක්ෂපක්ෂ විද්‍යාලයට. (නු)

:       0       0

කපිල කේ. මදනායක Friday, 01 February 2013 08:57 AM

කව්රුමොනවා කිව්වත් ඔයාල දක්ෂයි.ඔයාලට සුභ පැතුම්..මේ රටට අවංක සේවයක් දෙන්න..අළුත් දෙයක් ලෝකෙට දෙන්න.. (ස)

:       0       0

නිලූ Friday, 01 February 2013 09:31 AM

අහිංසක මල්ලිලා දෙන්නා ලබපු ජයග්‍රහණය අවතක්සේරු කරන්න එපා. ඔබට සුභ පැතුම් (ස)

:       0       0

දමිත Thursday, 31 January 2013 05:23 PM

මේ පාර ප්‍රතිඵල හරි ඇති නේද ගියපාර වගේ වැරදිලාද දන්නෙත් නැහැ..!(නු)

:       0       0

සිල්වා Thursday, 31 January 2013 01:14 PM

අපගේ සමහරු  හරියට  ඇමෙරිකාව, යුරෝපය හැර අන් රටවලට මොකුත් බහැ යන මානසිකත්වයේ ඉන්නවනේ, මේකත් ඊට සමානයි. දරුවනි ඔබ දෙපලට සුභ පැතුම්. (ස)

:       0       0

සපුමල් Thursday, 31 January 2013 01:18 PM

යථාර්තය තේරුම් ගන්න බැරි කොළඹ අය බොරුවට මේවට කෑ ගහනවා (ස)

:       0       0

යුක්ති Thursday, 31 January 2013 05:34 PM

උණුසුම් සුභ පැතුම්..!(නු)

:       0       0

මෝරාල Thursday, 31 January 2013 01:17 PM

ඔබ දෙදෙනාට ජය .. අපි දන්නවා උසස්පෙළ කොතරම් අමාරුද කියලා..!(නු)

:       0       0

සිරිමල් Thursday, 31 January 2013 01:21 PM

ඇයි අහන්නේ නැත්තේ කලා වානිජ, IT වල පලවෙනි තැන් තුනම දේවී එකට ගියේ ඇයි කියලා...කුහක කම නේද ?. වීරකැටිය සෙන්ට්‍රල් එක මීට කලිනුත්, ලංකාවේ ඉහලම ප්‍රතිඵල පෙන්නපු පාසැලක්. මෙතන කට්ටියට ප්‍රශ්නේ, ඒක හම්බන්තොට වීමයි.. අනේ මේ වගේ ලාංකිකයො. රටක් දියුනු වෙයිද? ඒ ළමයි පස් දේනාට එක වගේ සුබ පතන්න පුරුදු වෙන්න..!(නු)

:       0       0

යොහාන් Thursday, 31 January 2013 01:22 PM

වීරකැටියේ ආශ්චර්යය.. ජය වේවා..!(නු)

:       0       0

මහේන්ද්‍ර Thursday, 31 January 2013 06:05 PM

දරුවන්ට මෙන්ම ගුරුවරුන්ටද අපගේ ප්‍රණාමය (දී)

:       0       0

මහේන්ද්‍ර Thursday, 31 January 2013 06:05 PM

වසර කිහිපයක කැප කිරීමෙන් මුළු ජීවිත කාලයම සතුටුවෙන්න පුළුවන්. (දී)

:       0       0

මිලින්ද Thursday, 31 January 2013 06:19 PM

දේවි බාලිකා නම් කවුරුත් දන්නවා ඒත් මේ කවුරුවත් නොදන්න ඉස්කෝලයකින් දෙන්නෙක් එකපාර ? (ස)

:       0       0

තුෂාර Tuesday, 05 February 2013 04:03 PM

පාසැල නෙමෙයි වැදගත්. ළමයින්ගේ දක්ෂකමි අගයන්න. අපේ විශ්ව විද්‍යාලයේ නමි ඔය පැත්තෙන් ආපු ළමයි ඕනතරම් ඉන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්ල නායයාම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 29 10 0

බදුල්ල කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල - වැල්ලවාය මාර්ගය ආසන්නයේ ඉකුත් 21 වන දින ඇති වූ නායයෑම් තත්ත්වය පිළිබදව වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස ආරක්‍ෂක රාජ්‍ය අ


ඇල්ල නායයෑම පාලනයට විශේෂ වැඩපිළිවෙලක්
2024 අප්‍රේල් මස 29 16 0

ඇල්ල කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයාමේ අවධානම් තත්ත්වය අවම කිරිමේ අරමුණින් එහි එකතු වෙමින් පවතින ජලය නිසි පරදි ජල සී


චීන තානාපති මැද මුලන ගෙදරට
2024 අප්‍රේල් මස 29 139 0

ශ්‍රී ලංකාවෙි චීන තානාපති ක්වී ශෙන්හෝන්ග් (Qi Zhenhong) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේදී පැවැත්විණි.


බෑණාගේ පිහි පහරින් නැන්දම්මා මරුට: බිරිය රෝහලට
2024 අප්‍රේල් මස 29 287 0

මොනරාගල නක්කල පාලම හංදිය ප්‍රදේශයේ නිවෙසක ඇතුළු වූ ආරවුලක් අතර තුර බෑණා එල්ල කළැයි කියන තියුණු ආයුද පහරකින් නැන්දම්මා මියගොස්, බිරිය තුවාල ලබා ඇතැයි


ලංකාවට ගේන්න හැදූ මත් ද්‍රව්‍ය ඉන්දියාවෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 29 234 0

ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා ගෙන ආ ඉන්දීය රුපියල් කෝටි 602 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2000ක් පමණක් වටිනාකමින් යුත් මත් ද්‍රව්‍ය කිලෝ 86 ක් ඉන්දීය මුහුදු සීම


මහජන ආරක්ෂක අමාත්‍යංශයේ චෝදනාවට නීතීඥ සංගමයෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 29 745 0

උද්දච්ච ප්‍රකාශ නිකුත් කිරීම වැදගත් නොවන බවත් වැදගත් වනුයේ නීතියට අවනතවීම බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න මහතා පැවැසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1780 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1612 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site