සෞදි රජතුමා රිසානා නෆීක්ගේ ගෙල කපා මරද්දී ශ්‍රී ලංකාවේ රජ්ජුරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගෙළ කපා නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වැළලූවේ යැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා කළුතරදී පැවසීය.
දෝෂාභියෝගය සහ එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් උසාවි ගොස් බොරුවට රස්තියාදුවී ආණ්ඩුව සමග සිටිනවා යැයි තමාට ද චෝදනා එල්ල කළ විපක්ෂයේ සමහරුන් දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණීමෙන් පැහැදිලි වන්නේ ඒ අය මහින්ද රාජපක්ෂ රෙජීමයේ කොන්ත්‍රාත්තුව ඉටු කළ බව යැයි කී වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට එරෙහිව රට පුරා ජනතාව එකට ඒකරාශි කළ හැකි එකම බලවේගය එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ‘විපක්ෂ විරෝධය‘ පමණක් යැයි ද අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉතින් තවත් බලන් ඉන්නෙ ජනතාව ඒකරාසි කරන්නෙ නැතුව.? (දී)
මගේ හිත තවමත් අඩනවා දියණියේ. (නි)
ජනතාව ඒකරාශී කරගන්න කලින් පක්ෂයේ මිනිස්සුන්ව එකතු කරගන්න බලන්න. (නි)
රටේ ජනතාව කිසිවෙකුගේ හෝ රෙජීමයේ කොන්ත්‍රාත්තුවක් ඉටුනොකළ අතර වත්මනෙහි ලාංකික ජනතාව දේශපාලනික වශයෙන් ඉතාමත්ම අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතිබව සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට ඉතාම පහසුවෙන් තේරුම් යා යුතුය. (නි)
කොහොමද උපමාව (දී)
දැන් ඔක්කොම බෙල්ල කපන කතා තමයි (දී)
උපමාව නම් නියමයි (දී)
කමල්, ලාංකික ජනතාව දේශපාලනික වශයෙන් ඉතාමත්ම අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතිබව ඔබ සදහන් කළාට ඒ ඔබේ මතය මිසක් අපේ මතය නෙමෙයි. විපක්ෂය අද දේශපාලනික වශයෙන් ඉතාමත්ම අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතිබවට එය නිවැරදි විය යුතුයි. (නි)
අනේ මහත්වරුනි, අහිංසක රිසානා මේ දේවල් වලට ඇද ගන්න එපා. පිං සිද්ධ වෙයි. (නි)
අනේ මන්ද මොනවා වෙයිද කියල (දී)
ඇති යන්තම් ඔහොම කතාවක් හරි කිවුවා. (නි)
කමල් හරි. (නි)
නියමයි නායකතුමා නියමයි... (නි)
මට තේරුනේ නැහැ (දී)
ගරු විපක්ෂ නායකතුමනි, රිසානා දෑරියව ඝාතනය කළ එක හෑබෑව. ඒ දෑරිවිය හිරේ ඉන්නා විට ඔබලා කතා කළේ නැහැ නේද? ඔබතුමාට විපක්ශ නායකයා හෑටියට අපි ආදරෙයි. ඒත් අපේ ආච්චි තාමත් අහනවා කෝ චුයිංගම් කියලා,නංගියි මල්ලි දෙන්නම අහනවා කෝ බේස්ලට් කියලා, ඔබතුමා මීට පස්සේ ඔයවාගේ මෝඩ කතා කියන්න එපා. රටේ ජීවත්වන ජනතාවට පටු දේශපලන අරමුණු වලින් තොරව වැඩ කරන්න. ඔය වලං පොලවෙ ගසන්න ,නලා පිබින්න,ගොන් කරත්තවල යන්න... වාගෙ වෑඩ කරන්න යන්න එපා. මොනවා වුණත් අපේ විපක්ෂ නායකතුමාට අපි තාමත් ආදරෙයි. (නි)
කුමක්ද කල යුත්ත? (දී)
ඇයි පොතක පිටුවක් වත් ගලොලද (දී)
විපක්ෂයෙන් පැනගිය කට්ටිය තමයි රටේ මේ අභාග්‍යසම්පන්න තත්ත්වයට වගකිව යුතු වන්නේ. (නි)
සම්පූර්ණ ඇත්ත නායකතුමනි, රට ගෙන යන්නෙ කොහාටද කියලා අපේ අයට තවම තේරෙන්නෙ නැහැ. (නි)
ලංකා නීතියට එහෙම කියන්න එපා (දී)
රිසානාව මේ ප්‍රශ්න වලට ගාවාගන්න එක වැරදියි කියන එකයි මගේ හැගීම. (නි)