සෞදි රජතුමා රිසානා නෆීක්ගේ ගෙල කපා මරද්දී ශ්‍රී ලංකාවේ රජ්ජුරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගෙළ කපා නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වැළලූවේ යැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා කළුතරදී පැවසීය.
දෝෂාභියෝගය සහ එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් උසාවි ගොස් බොරුවට රස්තියාදුවී ආණ්ඩුව සමග සිටිනවා යැයි තමාට ද චෝදනා එල්ල කළ විපක්ෂයේ සමහරුන් දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණීමෙන් පැහැදිලි වන්නේ ඒ අය මහින්ද රාජපක්ෂ රෙජීමයේ කොන්ත්‍රාත්තුව ඉටු කළ බව යැයි කී වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට එරෙහිව රට පුරා ජනතාව එකට ඒකරාශි කළ හැකි එකම බලවේගය එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ‘විපක්ෂ විරෝධය‘ පමණක් යැයි ද අවධාරණය කළේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ව්‍යවස්ථාවේ බෙල්ල කපලා‘
ජීව Sunday, 13 January 2013 10:35 PM
ඇයි ඉතින් තවත් බලන් ඉන්නෙ ජනතාව ඒකරාසි කරන්නෙ නැතුව.? (දී)
රසිකා Sunday, 13 January 2013 10:58 PM
මගේ හිත තවමත් අඩනවා දියණියේ. (නි)
බන්දුල Sunday, 13 January 2013 02:23 PM
ජනතාව ඒකරාශී කරගන්න කලින් පක්ෂයේ මිනිස්සුන්ව එකතු කරගන්න බලන්න. (නි)
කමල් Sunday, 13 January 2013 02:49 PM
රටේ ජනතාව කිසිවෙකුගේ හෝ රෙජීමයේ කොන්ත්‍රාත්තුවක් ඉටුනොකළ අතර වත්මනෙහි ලාංකික ජනතාව දේශපාලනික වශයෙන් ඉතාමත්ම අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතිබව සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට ඉතාම පහසුවෙන් තේරුම් යා යුතුය. (නි)
නදීෂා Monday, 14 January 2013 02:16 PM
කොහොමද උපමාව (දී)
ආනන්ද Sunday, 13 January 2013 03:22 PM
දැන් ඔක්කොම බෙල්ල කපන කතා තමයි (දී)
නෆීක් Monday, 14 January 2013 02:17 AM
උපමාව නම් නියමයි (දී)
නිරන්ජන් Monday, 14 January 2013 02:17 AM
කමල්, ලාංකික ජනතාව දේශපාලනික වශයෙන් ඉතාමත්ම අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතිබව ඔබ සදහන් කළාට ඒ ඔබේ මතය මිසක් අපේ මතය නෙමෙයි. විපක්ෂය අද දේශපාලනික වශයෙන් ඉතාමත්ම අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතිබවට එය නිවැරදි විය යුතුයි. (නි)
නිලංග Sunday, 13 January 2013 04:23 PM
අනේ මහත්වරුනි, අහිංසක රිසානා මේ දේවල් වලට ඇද ගන්න එපා. පිං සිද්ධ වෙයි. (නි)
යොහාන් Sunday, 13 January 2013 04:43 PM
අනේ මන්ද මොනවා වෙයිද කියල (දී)
අජිත් කරුණාරත්න Sunday, 13 January 2013 04:52 PM
ඇති යන්තම් ඔහොම කතාවක් හරි කිවුවා. (නි)
සමන් Monday, 14 January 2013 07:28 AM
කමල් හරි. (නි)
සිල්වා Sunday, 13 January 2013 05:01 PM
නියමයි නායකතුමා නියමයි... (නි)
අජිත් Monday, 14 January 2013 08:35 AM
මට තේරුනේ නැහැ (දී)
ජෝයි Monday, 14 January 2013 09:17 AM
ගරු විපක්ෂ නායකතුමනි, රිසානා දෑරියව ඝාතනය කළ එක හෑබෑව. ඒ දෑරිවිය හිරේ ඉන්නා විට ඔබලා කතා කළේ නැහැ නේද? ඔබතුමාට විපක්ශ නායකයා හෑටියට අපි ආදරෙයි. ඒත් අපේ ආච්චි තාමත් අහනවා කෝ චුයිංගම් කියලා,නංගියි මල්ලි දෙන්නම අහනවා කෝ බේස්ලට් කියලා, ඔබතුමා මීට පස්සේ ඔයවාගේ මෝඩ කතා කියන්න එපා. රටේ ජීවත්වන ජනතාවට පටු දේශපලන අරමුණු වලින් තොරව වැඩ කරන්න. ඔය වලං පොලවෙ ගසන්න ,නලා පිබින්න,ගොන් කරත්තවල යන්න... වාගෙ වෑඩ කරන්න යන්න එපා. මොනවා වුණත් අපේ විපක්ෂ නායකතුමාට අපි තාමත් ආදරෙයි. (නි)
නන්දන Sunday, 13 January 2013 06:00 PM
කුමක්ද කල යුත්ත? (දී)
ලලිත් Sunday, 13 January 2013 05:58 PM
ඇයි පොතක පිටුවක් වත් ගලොලද (දී)
අජිත් කරුණාරත්න Monday, 14 January 2013 10:45 AM
විපක්ෂයෙන් පැනගිය කට්ටිය තමයි රටේ මේ අභාග්‍යසම්පන්න තත්ත්වයට වගකිව යුතු වන්නේ. (නි)
චාමික Sunday, 13 January 2013 08:17 PM
සම්පූර්ණ ඇත්ත නායකතුමනි, රට ගෙන යන්නෙ කොහාටද කියලා අපේ අයට තවම තේරෙන්නෙ නැහැ. (නි)
හේමන්ත Sunday, 13 January 2013 09:19 PM
ලංකා නීතියට එහෙම කියන්න එපා (දී)
කුරුවිට Sunday, 13 January 2013 09:34 PM
රිසානාව මේ ප්‍රශ්න වලට ගාවාගන්න එක වැරදියි කියන එකයි මගේ හැගීම. (නි)