IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ව්‍යවස්ථා වෙනසක් කරන බව ජනපති කීවා : දෝෂාභියෝගය ගැන කතා නෑ‘

ශ්‍රී ලංකා නීතීඥ සංගමය අඟහරුවාදා සිට සුපුරුදු රාජකාරි අරඹන බව එහි ලේකම් සංජය ගමගේ මහතා ප්‍රකාශ කළේය. සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු විධායක සභාවේ 30 දෙනකුගෙන් යුත් අධිකරණ කලාප 11ක නියෝජිත පිරිසක් අරලියගහ මැදුරේදී ජනපති හමුවී පැය තුනක සාකච්ඡාවකින් පසු ගමගේ මහතා එසේ කීවේය.

අමැතිවරුන් වන රාවුෆ් හකීම්, ජී එල් පීරිස් සහ මහින්දානන්ද අලුත්ගමගේ , ජනධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ද මෙම විශේෂ හමුවට එහි වූහ.

අග විනිසුරුට එරෙහි දෝෂාභියෝගක්‍රියාවලිය අවසන් නිසා ඒ ගැන කතා නොකළ බවත් එවැනි අර්බුදයකදී ඊළඟට ගත යුතු පියවර ගැන සාකච්ඡා කළ බවත් ඔහු කීවේය.

ඊට පිළියම් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන බව ජනපති පැවසීයයැයි ඔහු සඳහන් කළේය.

නව අග විනිසුරු පිළිගැනීමේ උ‍ළෙලට නොයන නමුත් ඔහු යටතේ වැඩ නොකරන බව තම සංගමය කිසිවිටකත් නොපැවසූ බව ද ඔහු කීවේය. අධිකරණයේද, ඊට අදාල වෙනත් දේ ගැනද සාකච්ඡා වූ බව හෙතෙම කීවේය.

මේ අතර ජනාධිපති කාර්යාලයය නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ තුණ්ඩු කෑල්ලෙන් රට පාලනය කරන යුගයකට මේ රට නැවත ඇද දැමීමට කිසිවිටකත් ඉඩ නොතබව බව ජනපති කී බවයි.

රටක නීතිය හෑල්ලු කර දේශපාලන වාසි ගැනීමට මාන බලන කණ්ඩායම් හඳුනාගැනීම රටට ආදරය කරන සියලු වෘත්තිකයන්ගේ වගකීම බව ජනපති එහිදී අවධාරණය කර ඇත.

තම සංගමයට මුවා වී දේශපාලන වාසි ගැනීමට සමහර කණ්ඩායම් උත්සාහ කළ බව නීතීඥ සංගම් නිලධරයන් ජනපතිට කී බවද එම නිවේදනයේ සඳහන් වේ.

පසුගිය සමයේ නීති ක්ෂේත්‍රයේ සිදුවීම්වලට තම සංගමයේ කිසිදු සම්බන්ධයක් නැති බව ඔවුන් පෙන්වා දුන් බව ද ජනපති කාර්යාල නිවේදනය කියයි.



අදහස් (0)

‘ව්‍යවස්ථා වෙනසක් කරන බව ජනපති කීවා : දෝෂාභියෝගය ගැන කතා නෑ‘

නලින් Tuesday, 15 January 2013 10:43 AM

ඒක පාර්ලිමේන්තුවේ වැඩක් මිසක් විධායකයේ වැඩක් නොවේ (දී)

:       0       0

තුසිත Tuesday, 15 January 2013 12:45 AM

ඕක අහන්නමද ගියේ? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 15 January 2013 01:14 AM

මේ කතාව සත්ත්‍යක්ද????? (ස)

:       0       0

ජයම්පති Tuesday, 15 January 2013 01:46 AM

අන්තිමට බලද්දී අපිනේ මෝඩයො වෙලා තියෙන්නේ. (නි)

:       0       0

අජිත් Tuesday, 15 January 2013 07:25 AM

මේ ප්‍රශ්නයට එතුමා ගාව ගන්න එපා (දී)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 15 January 2013 12:54 PM

දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ අධිකරණයේ. නේද? (නි)

:       0       0

ඒකනායක Tuesday, 15 January 2013 07:49 AM

නීතිඥ සංගමයෙත් දැන් සැර බාලවෙලා වගේ (ස)

:       0       0

සදරුවන් Tuesday, 15 January 2013 09:34 AM

කතා නොකර හරි හොද දෙයක් වෙන්නයි ඕනේ (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 15 January 2013 09:52 AM

කොහොම හරි හොද දෙයක් වෙන්නයි ඕනේ. (දී)

:       0       0

රොෂාන් Monday, 14 January 2013 05:30 PM

අපිට තියෙන්නේ වෙන්නේ මොනවාද කියලා බලන් ඉන්න විතරයි (දී)

:       0       0

යොහාන් Monday, 14 January 2013 05:34 PM

මොකද්ද දන්නේ නැහැ ව්‍යවස්ථා වෙනස (දී)

:       0       0

සමන් Monday, 14 January 2013 06:17 PM

රටට ජහපතක් වෙනවා නම් එච්චරයි (දී)

:       0       0

ජනක Tuesday, 15 January 2013 10:24 AM

ජනපති තුමා අදාළ නැති වැඩට ඇගිලි ගහන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site