අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වයඹ පිල සමත් විය. කොළඹ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (30) පැවැති අවසන් මහ තරගයේදී ජෙහාන් මුබාරක් මෙහෙයවූ වයඹ පිල ලකුණු 133 කින් තිළිණ කණ්ඩම්බි මෙහෙයවූ කඳුරට/ඌව ඒකාබද්ධ පිල පරාජය කිරීමට සමත් විය.
මෙහිදී වයඹ පිල වෙනුවෙන් ෆර්විස් මහරුෆ් (112) සහ යොවුන් ක‍්‍රීඩක නිරෝෂන් දිල්වැල්ල (104) ශතක රැස්කිරීමට සමත් වූහ.
නුවන් ප‍්‍රදීප් දක්‍ෂ පන්දුයැවිමක නිරත වෙමින් ලකුණු 46 කට කඩුලූ 5 ක් දවාගනිමින් කඳුරට/ඌව ඒකාබද්ධ පිල ලකුණු 215 කට සීමා කළේය.
වයඹ පිල ඕවර 50 යේදී කඩුලූ 4 ට 348
(ඩිල්ෂාන් මුණවීර 28, නිරෝෂන් දික්වැල්ල 104, ෆර්විස් මහරුෆ් 112, ජෙහාන් මුබාරක් 77, අමිල් ප‍්‍රසාද් 80/2)
කඳුරට/ඌව ඒකාබද්ධ පිල ඕවර 38.4 කදී සියලූ දෙනා දැවී 215
(භානුක රාජපක්‍ෂ 24, කෞෂාල් සිල්වා 60, තිළිණ කණ්ඩම්බි 79, සචිත‍්‍ර සේනානායක 16, කෝසල කුලසේකර 20/2, නුවන් ප‍්‍රදීප් 46/5)
ශූරතාව දිනූ වයඹ පිල
(ඡයාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙහාන් මුභාරක් දැන් ආයෙත් ශ්‍රී ලංකා ටීම් එකට තොරා ගනීවි. (ස)
මෙච්චර දක්ෂ මහරුෆ්ව ඇයි ලංකා ටීම් එකට ගන්න බැරි. මෙතනත් ජාතිවාදය තියෙනවද ? (ස)
අපේ සුභ පැතුම් (දී)
ක්රිකට් ගහන තව මහරුෆ් කෙනෙක් ඉන්නවා කියලා දන්නෙ අදනේ. (නි)
මොරිල් මෙයා මහරුෆ් නෙමෙයි.. මහරුෆ් කියන්නේ වෙනත් ක්‍රීඩකයෙක්.!(නු)
මේකේ මුකුත් සවිස්තරාත්මක විස්තරයක් නෑනේ අනේ (ස)
මොරිල්, මහරුෆ්ට සහ මුබාරක්ට ඕනෑවටත් වඩා අවස්ථාව දීලා තියෙනවා අතීතයේදී.... ජාත්‍යන්තර තරඟ වලදී දක්වපු දක්ෂතාවයන් බොහොම අඩු මට්ටමක තියෙන්නෙ..... (ස)
නියමයි කොල්ලනේ. ඔබයි වීරයින්! (නි)
මොරිල්, නිරෝෂන් දිල්වැල්ල අන්තර් සමාජ තරඟ වලින් ඔය හැමෝටම වඩා ඉදිරියෙන් සිටින්නේ.... ඒකනිසා පොඩ්ඩක් හොයලා බලලා කතාකරන්න..... (ස)