ජෙහාන් මුබාරක්ගේ නායකත්වයෙන් යුත් වයඹ පිල අන්ත්ර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී වයඹ පිල රුහුණ පිලට එරෙහිව කඩුලූ 7 ක පහසු ජයක් ලැබීය.
අවසන් මහ තරගය වයඹ පිල සහ කඳුරට/ඌව ඒකාබද්ධ පිල අතර හෙට (30) එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
රුහුණ පිල ඕවර 39 කදී 161
(ෂෙහාන් ජයසූරිය 69, ගයාන් මනීෂාන් 20, සචිත් පතිරණ නොදැවී 36, කෝසල කුලසේකර 28/2, සොහාන් බොරලැස්ස 27/3, නුවන් ප‍්‍රදීප් 18/2)
වයඹ පිල ඕවර 19.5 කදී කඩුලූ 3 ට 162
(ඩිල්ෂාන් මුණවීර 48, ෆර්විස් මහරුෆ් නෙදැවී 33, චාමර කපුගෙදර නොදැවී 56, මාලින්ද පුෂ්පකුමාර 51/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වයඹ කොල්ලෝ... වයඹට ජය! (නි)