අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ජෙහාන් මුබාරක්ගේ නායකත්වයෙන් යුත් වයඹ පිල සහ තිළිණ කණ්ඩම්බිගේ නායකත්වයෙන් යුත් කඳුරට/ඌව ඒකාබද්ධ පිල අතර අද (30* එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පෙරේදා (28 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී වයඹ පිල රුහුණ පිලට එරෙහිව කඩුලූ 7 ක පහසු ජයක් ලැබීය.

රුහුණ පිල  ඕවර 39 කදී 161

(ෂෙහාන් ජයසූරිය 69, ගයාන් මනීෂාන් 20, සචිත් පතිරණ නොදැවී 36, කෝසල කුලසේකර 28/2, සොහාන් බොරලැස්ස 27/3, නුවන් ප‍්‍රදීප් 18/2)

වයඹ පිල  ඕවර 19.5 කදී කඩුලූ 3 ට 162

(ඩිල්ෂාන් මුණවීර 48, ෆර්විස් මහරුෆ් නෙදැවී 33, චාමර කපුගෙදර නොදැවී 56, මාලින්ද පුෂ්පකුමාර 51/2*