ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙදින ඉන්දිය නිල සංචාරයට විරෝධය පාමින් එරට නවදිල්ලි ඇතුළු ප‍්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වූ ඉන්දීය එම්.ඞී.එම්.කේ. පක්‍ෂයේ නායක හා කොටි හිතවාදී වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ ඇතුළු උද්ඝෝෂකයින් 1000 කට වැඩි පිරිසක් ආද (08* ඉන්දියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම පිරිස නවදිල්ලි නුවර පිහිටි ඉන්දිය අගමැති නිල නිවාස ආසන්නයේ විරෝධතාවයක නිතර වීමට තැත් කිරීම යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
තවද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද බුද්ධගයාවට පැමිණි අවස්ථාවේදී එහි සිටින වාමාංශික පක්‍ෂවලට සම්බන්ධ පිරිස් විරෝධතාවයක් සංවිධානය කළේය. මේ හැර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට විරෝධය දක්වමින් තමිල්නාඩු හිටපු මහ ඇමැති සහ ඞී.එම්.කේ. පක්‍ෂ නායක එම්. කරුණානිධි ඔහුගේ පක්‍ෂ සාමාජිකයින් 3000 ක සහභාගීත්වයෙන් දැවැන්ත විරෝධතාවක් පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ උපදේෂකලා පත්කරනව ඉන්දියාවට පයගහන්න බැහැ.(නදී)
වඳවීගෙන යන මේ දේශපාලන පක්ෂ මෙවැනි උද්ඝෝශන වලින් හරි ගොඩ එන්න බලනව ඇති. (ස)
මේ අය හැමදාම අපිට ලෙඩමයි අදින්න හදන්නේ. ජනාධිපතිතුමනි, ඔබට ජය වේවා! (නි)
නියමයි (ස)
තව මෙහේ ඉන්න කොටින්ට කිරි පොවමු (ස)
ඉන්දීය රජය ක්‍රියා කළ ආකාරය ගැන ඇත්තෙන්ම සතුටුයි. (නි)
තමිල්නාඩුවේ කිසි කෙනෙකුට ලංකාවට එන්න දෙන්න එපා. (නි)
මේකට මොනවද විස්‍ඳුම? (ස)
ඉනුන්දි වගේ කෙනෙකුට බලය ලැබුනා නම් මුළු පැත්ත පලාතම ඉවරයි.(නදී)
නියමයි ඉන්දියා පොලිසිය.. ඔවුන් එල්ටීටීඊයට උදව් කරනවා.. (නු)
ලොකු දෙයක්. රැවටීමක්ද දන්නේ නැහැ.(නදී)
ඉන්දියාවත් හිටපු හැටියේ කරන්නේ මාර වැඩනේ.(නදී)
ඕක එතරම් ගනන් ගන්න දෙයක් නෙමෙයි.. ඒක එයාගේ රැකියාව.. මෙහෙත් ඉන්නවා ඔය වගේ නායකයෝ උද්ඝෝෂණ සහ විරෝධතා විතරයි.. වෙන මොකුත් බැහැ..!(නු)
අනේ පව් තවමත් දුක තුනී වෙලා නැතිව ඇති.. මෙයාට දැනෙන විදියෙ දඩුවමක් දෙන්න ඕන.. දුක තුනී වෙන්න.!(නු)
ඉන්දියාවෙ අයට වයිකෝ ඉන්නවා කියලා දැනගන්න ලංකාවෙ කවුරුහරි යන්න ඕන..!(නු)
වයිකෝගේ විරෝධතාවය සාධාරණයි (නි)
ඕවා කොච්චර කළත් අපේ ජනපති සැලෙන්නෙ නැහැ..!(නු)
අනේ වයිකෝ..!(නු)
වයිකෝ මෙහෙ හිටියනම් කේ.පී, කරුණා, පිල්ලෙයාන් වගේ නිදහසේ ඉන්න තිබුනා කියලා දැන් හිතෙනවා ඇති.(නදී)
කොටි පැටව් බෝ වෙලා වගේ..!(නු)
අපේ ජනපතිතුමා ඕවට සැලෙන්නෙ නැහැ.. ජය වේවා..!(නු)
යන්න ඕන හැම සුමානෙම ඉන්දියාවට ගිහිං එන්න.. එතකොට ප්‍රශ්න ඉවරයි..!(නු)
රැවුලත් ඕනෑ, කෑදත් ඕනෑ ප්‍රතිපත්තියකයි ඉන්දියාව ඉන්නේ. ගියපාර ජිනීවා වලදී අපට ඡන්දය නුදුන්නේ ඒකයි. මුලු ඉන්දියාවෙම ජනතාව ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට උපහාර කළයුතුයි. මන්ද ප්‍රභාකරන් අපාගත නොකරන්න ඔය සාමගිවිසුම් කාලේ ගෙනාපු නැවුගණන් ආයුධ වලින් මුලු ලංකාවත් අල්ලලා,දකුණු ඉන්දියාවෙත් කොටසක් කඩාගෙන ඊලම පිහිටලා හමාරයි. ජනාධිපතිතුමනි, ඕවා ගනන් ගන්න එපා. ඊලම නැති වුණ දුකටයි ඔය කෑ ගහන්නේ. (නි)
තවමත් යුද්ධය සමිබන්ධ ඇතිවූ වෛරය ඒ මිනිසුන් තුළ මැකී නොමැති බව මෙම සිදුවීම් තුලින් අපට පෙනේ.. මෙවැනි භාදක මැද ජනපතිතුමා තම රට වෙනුවෙන් කරගෙන යන්නාවූ මහගු සේවයට අතහිතදීම අප කාගේත් යුතුකමකි. වගකීමකි. ඒ අතර ජාතිභේද කුළ භේද ආගම් භේද නොසලකා අප සියල්ලන් ශ්‍රි ලාංකිකයන් ලෙස රටේ ජනතාවගේ අනාගත සුභ සිද්ධිය තකා කවුරැත් සහජීවනයෙන් එකතුව කටයුතු කිරීමට දැං කාලය බව මෙයින් අපට තහවුරැ වේ..!(නු)
ඕකත් චිත්‍රපටියක්ද දන්නේ නැහැ.(නදී)