ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විවාදයට ගැනීම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කිරීමට පක්‍ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් කැඳවන්නැයි විපක්‍ෂ නායකයෝ කතානායක චමල් රාජපක්‍ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලති.
විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා යන මහතවරු ඊට අත්සන් කළහ.
දෝෂාභියෝගය විවාදය බ‍්‍රහස්පතින්දාත් සිකුරාදාත් පැවැත්වීමට පක්‍ෂ නායක රැුස්වීමේදී ගත් තීරණයට විපක්‍ෂය විරෝධය පළ කරයි.
‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ තනි සහ අනන්‍ය බලය ශ්‍රේෂ්ඨාධිකරණයට හිමිවී ඇතැයිද ඊට කිසිදු බාධාවක් නොකළ යුතුයැයිද ඔවුන්ගේ තීන්දු සහ අර්ථනිරූපණ මහත් ගෞරවයෙන් සැලකිය යුතුයැයිද ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය බලපැවැත්විය යුතුයැයිද ව්‍යවස්ථාව අනුව අර්ථ නිරූපණය කිරීමේ ඒකායන බලය ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි වී ඇති නිසා මේ සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නොකරන බවට කථානායක පසුගිය ඔක්තෝම්බර් 9වනදා තීන්දුවක් ප‍්‍රකාශ කළ බවද මේ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 (03) වගන්තිය යටතේ ඉහළ උසාවිවල විනිශ්චයකාරවරයන් ඉවත් කිරීමේ කටයුතු ස්වාධීන පුද්ගලයින්ගෙන් සමන්විත කමිටුවකින් මිස වෙනත් ක‍්‍රමයකින් නොකළ යුතුයැයිද විපක්‍ෂ ලිපියේ දැක්වේ.
එය නොතකා කටයුතු කළහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් මෙන්ම නීතියේ ආධිපත්‍යය බිඳවැටීමක් ද සිදුවෙතියිද එහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිබුණ රැස්වීමෙදි නැගිටලා ගිහිල්ලා දැං කෑ ගහනවා..!(නු)
තේරුමක් නැහැ මහත්තයෝ (දී)
ඉතින් දෙන්න වෙයිද? (නි)
කොහොමත් විපක්ෂය රැස්වෙන්නේ රටට වැඩදායක දෙයක් කරන්නම තමයි. (නි)
ඔබ තුමාගේ ඒ ඉල්ලීමට මම අනුමත කරනවා (දී)
රට වෙනුවෙන් මෙතරම් කැක්කුමක් ඇති විපක්ෂයක් ඇති අපි කොතරම් වාසනාවන්තයෝද? (නි)
මොන දේ කරන්නත් ඉන්නෙ 53 යිනේ.
රනිල් මහත්තයාගේ ඒ ඉල්ලීම ඉතා වැදගත් (දී)
ඇමරිකාවට පොඩ්ඩක් දැනුම් දුන්නා නම් නේද හොද? (නි)