ප්‍රථමවරට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරියෝ තිදෙනෙක් අද (21) විනිශ්චයාරූඪ වූහ.

එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිත්වය විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මියයි.   චන්ද්‍රා ඒකනායක සහ  ඊවා වනසුන්දර   සෙසු විනිසුරුවරියෝ වූහ.

මෙම විනිසුරු මඩුල්ල විසින් මූලික අයිතිවාසිකම් හා  අභියාචන ‍පෙත්සම් 17ක් අද සලකා බැලූහ.