ෙගමන් කරන ලොරියකින් කොළඹ ලිෆ්ටන් වටරවුමේදී උම්බලකඩ පෙට්ටියක් සොරකම් කළ බව කියන ත්‍රිරෝද රථ රියදුරකු අල්ලා දීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට හැකි විය. වාහන තදබදයක් නිසා විනිසුරුතුමා ගමන් කළ රිය මදකට නතර වෙද්දී ඉදිරිපස වූ ත්‍රිරෝද රථයට ලොරියකින් පෙට්ටියක් පටවනු විනිසුරුතුමා දැක ඇත. ඔහු තම පොලිස් නිලධාරීන්ට ඒ බව දැන්වීය. එහෙත් සැකකරු දිවුවේය. ආරක්ෂක නිළධරයා ඔහු ලුහුබැද ගොස් අල්ලා ගත්තේය. උම්බලකඩද ත්‍රිරෝද රථයේ තිබිණි. ත්‍රිරෝද රථ රියැදුරා සහ හොර බඩු කුරුඳුවත්ත පොලිසිය බාර දුන්නේය. උම්බලකඩ වල වටිනාකම රුපියල් 13580කි.කිරුලපොනේ ත්‍රිරෝද රථ රියැදුරු අශෝක රුක්ෂාන් අබේවර්ධන ලබන 18 දැක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. ත්‍රිරෝද රථ රියැදුරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා උසාවියට පැවැසූයේ ත්‍රිරෝද රථ රියැදුරා අහිංසක බවයි. වෙනත් අයකු උම්බලකඩ පෙට්ටිය සොරකම් කළ බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිඥයෙකුගේ කාර්යභාරය ඕනෑම බොරුවක්, වංචාවක් කර වැරදිකරුවා වුණත් තම සේවාදායකයා බේරෙන එක. ඔන්න අපේ විශිෂ්ට නීතිඥවරු.පව් අප්පා. (නි)
විනිසුරුතුමා ඇහැටම දැක්කා නම් කොහොමද වෙන කෙනෙක් කළා කියලා කියන්නේ? (නි)
අපිටත් මෙහෙම හොරු අල්ලන්න පුලුවන් නම්? (නි)
පව් අප්පා! හරි අහිංසකයෙක් වගේ.(නදී)
විනිසුරුවරයෙක් වෙන්න නීති ක්ෂේත්‍රෙය් අත්දැකීම්, පලපුරුද්ද, සහ ගොඩක් කැපකිරීම් කරන්න වෙනවා. ඒ වගේ තෙනෙකුට අපි නිසි ගෞරවය දිය යුතුයි?(නදී)
නිතිඥවරයා රියදුරා අහිංසකයි කිව්වේ උම්බලකඩ ටිකක් දෙනවාවත් කිව්වද?(නදී)
දැන් ඉතින් කාලා බලපන්කෝ උම්බලකඩ.(නදී)
නඩුකාර හාමුදුරුවන්ගේ වැඩේ නම් විශිෂ්ටයි. (නි)
විනිසුරුතුමා පරිස්සමින්... (නි)
ඔන්න අපේ නීතිඥවරු... (නි)
හොරා අහිංසකයා වෙන්නෙ උසාවියෙදි පමණයි. (නි)
විනිසුරුතුමා මේවා පෙන්නලා දෙනකම් පොලිසිය මොකද කළේ..!(නු)
ලංකාවේ නිතිඥයින් ඔවුන්ගේම විනිසුරු ඇසින් දුටු සාක්ෂියත් බොරු කරන්න උත්සාහ කරන හැටි? (නි)
මෙයාලට පුළුවං පොල් හොරු උම්බලකඩ හොරු අල්ලන්න තමයි..!(නු)
විනිසුරුතුමා පොලිසියේ රාජකාරියත් අකුරටම කරලානේ. (නි)
උම්බලකඩ හොරා ගදෙන් දැනේ... (නි)
මේ විනිසුරුතුමන්ට දූෂිත දේශපාලකයින්වත් හදුනාගත හැකිවේවා යැයි පතනවා! (නි)
මට මතක් වෙන්නෙ ජේම්ස් බොන්ඩ්. (නි)
විනිසුරුතුමාට ස්තුතිය. රජකාරියෙන් පිටතත් සේවය කළාට. (නි)
සමහර වෙලාවට මට හරිම සැකයක් පහළ වෙනවා නීතිඥයෙකුගේ කාර්යභාරය කුමක්ද කියා. සාධාරණ තීන්දුවක් ලබාගැනීමට උදවු කරනවාද එහෙම නැත්නම් ඕනෑම බොරුවක්, වංචාවක් කර තම දායකයාට වාසිවන ලෙසට ක්‍රියාකරනවාද කියන එක. (නි)
කාගෙන් බේරුණත් මෙතුමාගෙන් නම් බේරෙනවා බොරු. (නි)
ඇත්ත නැත්ත කුමක් වුණත් කලු කපුටා සුදු කරන්න පුලුවන් කෙනා නීතිය ඉදිරියේ දිනන බව අපේ නීතිඥයින් දන්නවා. (නි)
ඔය විදියටම උසාවි ඇතුළෙ ඉන්න හොරුත් අල්ලන්න පුලුවන් නම්? (නි)
විනිසුරුතුමා පාරෙදීම උසාවියක් පිහිටුවලා වගෙයි. (නි)
වැරදිකරුවා නිවැරදිකරුවා වෙන්නෙත්, නිවැරදිකරුවා වැරදිකරුවා වෙන්නෙත් උසාවියට ඉදිරිපත්වන සාක්ෂි සහ තර්ක කිරීම් මත නිසා අපි කලබල වියයුතු නැහැ. (නි)