ලුණගල බිබිල යල්කුඹුර 32 කණුව මහා පාලමෙන් ණයාකඳුර ඇළට වෑන් රථයක් පෙරැලීමෙන් තිදෙනකු මියගොස් නව දෙනෙක් තුවාල ලදහ. තිදෙනෙක් අතුරුදහන් වූහ. මියගිය අය අතර කුඩා දරුවන් තිදෙනකු සිටින බව පොලිසිය කියයි. මහියන්ගන ආඳාඋල්පත මළගෙදර ගොස් ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරැ අනතුරැ හැම තැනම අනතුරැ 2013 අනතුරැ වසරයි..! කවුරු කවුරුත් ප්‍රවේශමෙන් වාහන පැදෙව්වොත් හොදයි..!(නු)
මේ හැමදේකටම මුළ නොසැළකිලිමත් කම තමයි.. අපෙරාදෙ පොඩි අයගේ ජීවිත..!(නු)
සුළු අතපසුවීම පසු තැවිල්ලට හේතුවයි. ජීවිතය නමි තණ අග පිණි බ්දු වගේ.(නදී)
කනගාටුයි.(නදී)
මගේ ලයිසන් එක ගත්තු හැටි මමනේ දන්නේ.අනිත් අය ගැන මොන කතාද? (නි)
හරිම අපරාධයක්. ජීවිත හානි පුවතක් හැමදාම පත්තරේ. (නි)
වෑන් එකේ පහළොස් දෙනෙක් ගිහිල්ල නේද?(නු)
හරිම පුදුමයි අනේ. මේ ටිකේ මම නිවුස් බලපුවාම වෑන් රිය ඈලේ. බස් රිය ලිදේ. කොන්දොස්තර මෑරේ. මට නම් හිතෙන්නේ පසුගිය මාසවල අපේ රිය පදවලා තිබෙන්නේ ගංවතුරෙනේ. ඉතිරි වාහන වලටත් දෑන් වතුර පේන්න බෑ වගේ.(නදී)
මේකට රජය වගකිවයුතුයි කියලා කවුරුවත් කිව්වෙ නැහැනේ..!(නු)
තුවාලකරුවන්ට ඉක්මන් සුවය සහ මියගිය අයට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. (නි)
පාන්දරම පත්තරේ බැලුවොත් දකින්න වෙන්නේ අමිහිරි සිදුවීම්. මේ අනතුරු වැඩිහරියක්ම සිදු වන්නේ රියදුරන්ගේ වරදින්. මෙවන් විපත් දෑසින් නොදකින්න ප්‍රර්ථනා කරමු. (නි)
මේ පල්ලමේ ආරක්ෂා වැටක් නැද්ද?(නදී)
මේ දවස් දෙක තුනට ඔය වගේ අනතුරු කීයක් නමි වුනාද? මේක දැන් අපේ රටටම ආවේනික දෙයක්ද ද කියලා හිතෙනවා.(නදී)
අයියෝ හරිම කනගාටුදායක පුවතක්.(නදී)
රියදුරා බීලද දන්නේ නැහැ.(නදී)