IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


විනය කැඩූ දැල්පන්දු කී‍්‍රඩිකාවන් ජාතික සංචිතයෙන් පැන්නුවා

දැල්පන්දු ක‍්‍රීඩාවේ පැවැත්ම උදෙසා විනය කඩකර හසුවන ක‍්‍රීඩිකාවන්ට දැඩි දඬුවම් ලබාදීමට තමා පසුබට නොවන බව ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඇමැතිවරයා ජාතික දැල්පන්දු සංචිතයේ ක‍්‍රීඩිකාවන් පිරිසකට මීට පෙර අවස්ථාවකදී විනය කඩ කිරීමේ චෝදනා එල්ල වූ බවත් ඔවුන් සංචිතයෙන් නෙරපා දැමීමට තමා කටයුතු කළ බවත් පැවැසීය. විදෙස් තරග සංචාර අවස්ථාවකදී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකාවට කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන් කිහිපදෙනෙකු පහරදුන් බවට වාර්තාවුවත් එම සිදුවීම කළමනාකරු වාර්තාවේ සඳහන් වී නොමැති බවට මාධ්‍යවේදීන් මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක‍්‍රීඩා ඇමැතිවරයා මෙසේ පැවසීය. ”දැල්පන්දු සංචිතයේ සමහර ක‍්‍රීඩිකාවන්ගේ විනය විරෝධී හැසිරීම් මීට පෙරත් මට වාර්තාවුණා. ඒ ගැන කණ්ඩායමේ බලධාරීන් සමගත් මම සාකච්ඡා කළා. මේ ක‍්‍රීඩිකාවන් ගැන මට ආරංචි වූ සමහර දේවල් ප‍්‍රසිද්ධියේ කියන්නත් බැ. නමුත් ඒ විනය කඩකරපු එකම ක‍්‍රීඩිකාවක්වත් සංචිතයේ දැන් නෑ. ඔවුන් සංචිතයෙන් අයින් කරලා දාන්න මා කටයුතු කළා.” එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේ මේ වසරේදී දැල්පන්දු ක‍්‍රීඩාවේ සංවර්ධනයට ක‍්‍රීඩා අමාත්‍යාංශය අතහිතදීමට සූදානම් බවයි. ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පදක්කම් දිනා ගත හැකිවේ යයි විශ්වාස කරන ක‍්‍රීඩා ඉසව් අතර දැල්පන්දු ක‍්‍රීඩාවත් හඳුනා ගෙන තිබෙන බව ඇමැතිවරයා පැවැසීය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට විතරක් නොවේ වැරදි කළ නිලධාරීන් හතර දෙනකුටත් අපි දඬුවම් කළා. ඔවුන් කවුද කියලා ප‍්‍රසිද්ධියේ නම් කරන්න මා කැමැති නෑ. මේ සියලූ ක‍්‍රියාමාර්ග ගත්තේ ක‍්‍රීඩාවේ යහපත ගැනම හිතල බව මා කියන්න කැමැතියි.



අදහස් (0)

විනය කැඩූ දැල්පන්දු කී‍්‍රඩිකාවන් ජාතික සංචිතයෙන් පැන්නුවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 679 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2350 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site