පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු කරගෙන යාම සඳහා වන ස්ථාවර නියෝග නීතියක් නොවන බවත් රීතියක් බවත් අධිකරණ විනිසුරුවරයකුට එරෙහි චෝදනා විභාග කිරීමේ නීතිමය බලයක් පර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට නැති බවත් අභියාචනාධිකරණය ප්‍රකාශ කෙළේය.
ශ්‍රී ස්කන්ධරාජා , ඒ. ඩබ්ලිව් ඒ සලාම් හා අනිල් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එම තීරණය ඒකමතික විය . ඔවුන් ප්‍රකාශ කෙළේ විනිසුරුවරයකුට එරෙහි චෝදනාවක් විභාග කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කර ගත යුතු බවයි. එහි දී චෝදනා ඔප්පු කිරීමේ නීතිමය තත්ත්වය නිවැරැදි ලෙස සිදුවිය යුතු බව ද ත්‍රි පුද්ගල විනිශ්චය මණ්ඩලය පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වාසනාවන්! (නි)
සත්‍යය සැමදා සත්‍යයයි. (නි)
වෙන දෙයක් වෙනකම් අපිත් ඔහේ බලා ඉන්නවා (ස)
ඒක උසාවියේ අර්ථකථනයනේ. අපි බලමුකො පාර්ලිමේන්තුවේ අර්ථකථනය කොහොමද කියලා. මට පේන්නේ නම් හැමෝම බලය පෙන්වන්න යනවා. දැන් එතකොට මොන නීතියක් යටතෙද දෝෂාභියෝගයක් ගෙනාවේ? දෝෂාභියෝගය ගෙනාවේ නීති විරෝධී විදිහටද? මට නිකන් පිස්සුවගේ මේවා අහලා. (නි)
මේක විශිෂ්ට තීණ්දුවක්. (නි)
නූපන් පරපුර වෙනුවෙන් දුන් අභිමානවත් නඩු තීණ්දුවක්... (නි)
නීතිය අකුරටම ඉටුවිය යුතුයි. (නි)
මෙන්න නියම දේශප්‍රේමියෝ.... (නි)
මමත් පිලි ගන්නවා ඒ කතාව (දී)
එතකොට ඔය කියන බුද්ධිමත් උත්තරීතර තැනක ඉන්න කෙනෙක් අමතක වෙලාවත් වැරදි කළොත් එයව කොතනටද ගේන්න පුළුවන්? පාර්ලිම්නේතු තේරීම් කාරක සභාවට බලයක් නැත්නම් එදාම මෙතුමියට ප්‍රතික්ෂේප කරන්න තිබුණා. (නි)
අපිට මොකද
වෙන්න පුළුවන්
අපිට වැඩක් නැහැ
මෙම අර්ථ නිරූපනයට අනුව රජයේ නිලදාරින්ට ආයතන සංග්‍රහය යටතේ දෙන දඩුවම් අහෝසිවේවිද? එමෙන්ම විවිධ ආයතන තමන්ගේ කාර්යාල පරිපාලනය සදහා අනුගමනය කරන ආයතනමය රෙගුලාසි යටතේ දෙනුලබන දඩුවම වල නීතිමය තත්ත්වය කුමක්ද ? (නි)
මොනවව වෙනවාද ඇත්තට (දී)
ඇත්ත....ඇත්ත....
නීතියට ජය වේවා (ස)
අධිකරණයට ජයවේවා නිතිය උත්තරීතරයි. (ස)
ඔය මොන නීතිය දිනුවත් සාමාන්‍ය ජනතාවට නීතිය සුරකින ආයතනවලින් සාධාරණයක් ඉටු වෙනවාද? නීතීඥ මහත්වරුන්ගේ ඉදලා ජනතාව ගසා කනවා. ලේසියෙන් විසඳන්න පුළුවන් නඩු අවුරුදු ගණන් කල් මරලා දුප්පත් ජනතාව පීඩාවට පත් කරනවා. (නි)
අධිකරණය හැම පැත්තෙන්ම වගේ උත්තරීතරයි . (ස)
නීතියට ජය වේවා! (නි)
නියමයි (ස)
මා නීතිය දන්නේ නැතිවුනාට මෙය මෙහෙම වියයුතුයි කියල හිතුව. (ස)
හොඳ පුවතක් (ස)
නීතිය කාටත් පොදුයි (ස)
අපි නම් දන්න විදියට අධිකරණය පුලුවන් නීති ක්‍රියාත්මක කරන්න මිසක්, එයාලට නීති හදන්න බැහැ. (නි)
උත්තරිතර නඩු තින්දුවකි (ස)
ඒ කියන්නේ විනිසුරුවරුන්ට නීතියක් නැහැයි කියන එකද? (නි)
අධිකරණයවත් පාර්ලිමේන්තුවවත් නෙමෙයි උත්තරීතර, ජනතාවගෙ ඡන්ද බලය. ජනතාවගෙ ඡන්දෙන් පාර්ලිමේන්තුවට යන අයයි නීති හදන්නෙ. එහෙම ගත්තහම නීතියට උඩින් පාර්ලිමේන්තුව තිබෙනවා. ඊටත් උඩින් ජනතා බලය තිබෙනො. පාර්ලිමේන්තුවයි අධිකරණයයි කියන දෙකම ජනතාවගෙ උත්තරිතර බවට ගරු කරන්න ඕනෑ. (නි)
අනේ වාසනාවන් (ස)
රටේ අනාගත පරපුර වෙනුවෙන් දුන් තීන්දුවක් (ස)
මොකද්ද මේ සුභ පුවත (ස)
මට තේරුමක් නැහැ. අධිකරණය කියනවා ඒ අයට බලය තියෙනවා කියලා. පාර්ලිමේන්තුව කියනවා ඒ අය උත්තරීතරයි කියලා. මට පේන හැටියට දෙගොල්ලම තමන් උසස් කියලා හිතලා වැඩකරනවා. මිනිස්සු තුෂ්නිම්භුත වෙලා ඉන්නවා. ඊලාම්වාදීන් කට ඇරගෙන ඉන්නවා... (නි)
මහජනතාවත්, අධිකරණයත් උත්තරීතරයි. මහජනතාව අපියි. ජයවේවා! (නි)
මම කියන්නේ අධිකරණය වඩා උත්තරීතර බවයි. (නි)
ඔබතුමාහරි ඔහොම කර එක අපිට සතුටක් (ස)