කොළඹ පෞද්ගලික රෝහලක එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක බටයක් පිපිරීමෙන් දැරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙන වෙනම පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබේ.
ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව ඉකුත් අට වැනිදා එම පරීක්ෂණ ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික වෛද්‍ය සේවා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය කියන්නීය.
මියගිය කුඩා දැරිය වන අවුරුදු පහයි මාස තුනක් වයසැති බුද්ධිනී කෞශල්‍යා රත්නායක දැරියගේ අවසන් කටයුතු සෙනසුරාදා (9) මාබිම වක්කඩවල පොදු සුසාන භූමියේදී සිදු විය.
මියගිය දැරියගේ මව ශාමිලා ඒකනායක මහත්මිය මෙසේ කියන්නීය.
‘ජනවාරි 31 දින මගේ දියණිය වෛද්‍ය වරයකුට පෙන්වපු අවස්ථාවේ බබාගේ පරීක්ෂණ වගයක් කළ යුතු බව පැවසුවා. ඊ ඊ ජී සහ එම් ආර් අයි ඇතුළු පරීක්ෂණ කිහිපයක් කරන්න කිව්වා. මම දරුවාගේ පහසුවට රෝහල් ගත කළා. 31 දින සියලු පරීක්ෂණ සිදු කළ අතර එම් ආර් අයි පරීක්ෂණය සිදු කළේ පෙබරවාරි පළමුවන දිනයි.
වෛද්‍යවරිය පළමුවැනිදා තුනයි තිහට විතර පැමිණෙනවා ඒ සඳහා සූදානම් වෙන්න කිව්වා. වෛද්‍යවරයා දුන්න බෙහෙතුත් දීලා මම එම පරීක්ෂණයට දරුවා රැගෙන ගියා. සවස හතරට විතර වෛද්‍යවරිය ආවා.
එම් ආර් අයි යන්ත්‍රය තිබූ කාමරයේ දොරත් ඇරලයි තිබුනේ. මම ඉතින් දරුවාගේ ප්‍රතිබිම්බය බිත්තියෙන් පේන විදියට එළියෙන් වාඩිවී සිටියා. 4.20විතර දරුවා යන්ත්‍රය ඇතුලට දැම්මා. 4.30ට විතර බැලුන් එකක් පුපුරනවා වගේ සද්ධයක් ආවා. ඒ එක්කම වෛද්‍යවරිය කෑගැහුවා උදව් වෙන්න උදව්වෙන්න කියලා. ඒ වෙලාවේ එතන හිටියේ වෛද්‍යවරිය විතරමයි. උදව්වෙන්න කවුරුත් නැති නිසා මම එතන මාත් එක්ක හිටිය සහයිකාවක් එතනට තල්ලු කලා. විනාඩි අටක් පමණ පසුව වෛද්‍යවරිය කෑගැහුවා බබාට ඔක්සිජන් යන්නේ නෑ ඔක්ෂිජන් වැඩ කරන්නේ නෑ මට උදව් කරන්න කියලා.
මම කාමරේ ඇතුළට යන කොට මැෂින් එකෙන් එළියට ආවේ නිල්ම නිල් වෙච්ච ලොකු බඩක් තියන දරදඩු වෙච්ච බබෙක්.
දවස් පහක් තිස්සේ එස් අයි සී යූ ඒකකයේ තියාගෙන මගේ මළ දරුවාගේ සිරුරට ප්‍රතිකාර කළා.
මම ඉල්ලා සිටිනවා මේ වගේ දෙයක් යළි කිසිම කෙනෙකුට නොවෙන්න අවශ්‍ය නීතිමය පියවර මේකට ගන්න කියලා.‘
වීඩියෝ ජී මධුසංඛ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි වෙන්න ඕනේ (දී)
කකුල් දෙකෙන් ඈවිදගෙන ගිහින් රෝහල් ගතවුනු මගේ මිත්‍රයාටද වුනේ මේවෙනිම දෙයකි. ඒ දෑනට අවුරුදු 7 ට කලින් මේ කියන යමලෝක රෝහලේදිමය. ඔහුගේ වියෝවය නිසා අද ඔහුගේ දරුවාට පියෙකු නෑතුවාසේම,බිරියට ස්වාමිපුරුශයකු නෑතුවාසේම,මටද හොද ම්ත්ත්‍රයකු අහිමි ව් ඈත.(නදී)
කොහොම උනත් ආයෙත් මේ වගේ වැඩ නොවෙන්න වග බලා ගන්න (දී)
කරුණාකර වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න. (නි)
නැවත සිදු නොවේවා (දී)
රජය පැත්තෙන් නීතිමය පියවර ගත යුතුයි.(නදී)
ඇයි රෝහලේ නම දාන්න බයද? (නි)
කොහොමද මේවා සිද්ද වෙන්නේ (දී)
දැන් පන එන්නේ නැහැ ඒ පුංචි දරුවාගේ, වෙන්න කලින් නවත්වන්න ඕනේ මේ වැඩ (දී)
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අපල, රෝගීන්ටත් අපලද කියලා තේරුම් ගන්න අමාරුයි.(නදී)
සෞඛ්‍ය අමාත්‍යංශයේ විවිද අංශ බාරව කටයුතු කිරීමට වෛද්‍ය වරුන් පරිපාලකයන් වශයෙන් පත්කර ඇත. වරින් වර රෝහල් වලින් ඇසීමට ලැබෙන විවිධ වංචා , අක්‍රමිතා සහ රෝගීන්ට සිදුවන අකටයුතුකම් වලින් පෙනීයන්නේ,පරිපාලනයේ තිබෙන දුර්වලතා බව පෙනී යයි. ඕනෑම ගැටලුවකට අමාත්‍යංශයේ පරිපාලකයින්ගේ ක්ෂණික පිළිතුර පරීක්ෂණයක් පැවැත්වීමයි. අතීතයේ මෙවන් පරීක්ෂණ සියගණනක් පවත්වා ඇති මුත් ඒවායින් ඔවුන් ඉගනගත් දෙයක් ඇතිදැයි සක සහිතය. සමස්තයක් ලෙස ගත්කල පුද්ගලික අංශය පවත්වාගෙන යන රෝහල් සහ ඒවායින් සපයන සේවාවන් ගැන තත්ත්ව සහතිකයක් මහජනයාට නොමැත. පුද්ගලික රෝහල්වල වෛද්‍ය වරුන්ගේ සේවාවන් ඇතුළු අනෙකුත් සියලුම ක්‍රියාකාරකම් කිසිම විනිවිද බාවයකින් සිදුනොවන අතර සේවය ලබාගන්නා රෝගියාගේ අයිතිවාසිකම් තඹ සතයකට මායිම් නොකරන බව පෙනේ. පුද්ගලික රෝහල් සපයන සේවයේ ගුණාත්මක බව තහවුරු කර එය යම් පිළිගතහැකි මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය මහජනයාට විශ්වාස කල හැකි, විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් හෝ ක්‍රමවේදයක් ඇතිදැයි සැකසහිතය. උදාහරණයක් ලෙස, මෙම ළදැරිය එම්.ආර් .අයි පරීක්ෂණයට බාජනය කරනවිට එම කාර්ය සඳහා අවශ්‍ය අවම තත්වයන් හෝ කොන්දේසිවත් නොතිබූ බව පෙනේ. නිර්වින්දක වෛද්‍ය වරයාගේ සහයට පුහුණු හෙදියක් නොමැත. හදිසි අවශ්‍යතාවයේදිවත් ඔවුන් සොයාගැනීමට නොමැත. මෙම තත්වය ගැන වෛද්‍යවරියට පුර්ව අවබෝධයක් තිබුනාදැයි සැකය. යන්ත්‍රයේ නඩත්තුව සහ එම නඩත්තු වාර්තා හරියාකාරව පවත්වාගෙන සිදුවේදැයි කිසිවෙක් නොදනී. මෙවන් සියලු කටයුතු හරියාකාරව සිදුකරනබවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පනවනලද සහ යවත්කාලකිරිම්වලට යටත්වන නීති සහ රෙගුලාසි තිබියයුතුය. තිබියයුතුපමනක් නොව ඒවා නිසිපරිදි විදිමත්ව ක්‍රියාත්මක කලයුතුය. එසේ නොමැතිව මෙවන් සිද්දි වැලක්වීමට නොහැක.
මේවායින් අන්තිමට පාඩුව අර අහිංසක දෙමවුපියන්ටයි. (නි)
බලදරයිනි නැවත මෙවන් දේ නොවෙන්න වග බලා ගන්න (දී)
බන්ඩාර මහතාගේ අදහසට ගරු කරමි. එමෙන්ම ලංකාදීපයටත් ප්‍රණාමය! මන්ද පාඨක අදහස් වගකිවයුතු අයට බලා ගැනීමට සැළැස්වීම. ලෙඩ්ඩුන්ව ගසාකන තව ක්‍රමයක් නම් චෑනල් සේවයයි. දොස්තර මහතා පරීක්ෂණ ගණනාවක් අසවල් රෝහලෙන් කරගෙන එන්න කියලා ලියා දෙනවා. එයාලට හෑම පරීක්ෂණයකින්ම ගාන කැපෙනවා,රෝගින්ගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයට යම්කිසි ගාස්තු ක්‍රමවේදයක් හා තත්වපාලනයක් පිලිබද පරීක්ෂණයක් කරන්නේ නම් මැනවි. (නි)
පුද්ගලික රෝහලක් කියලා හඳුන්වන්නේ නැතුව රෝහලේ නම කිවුවා නම් නේද ජනතාවට සේවයක් වන්නේ? පුවත්පත් එකක්වත් නම කියන්නේ නැත්තේ ඇයි? (නි)
ඒක තමයි වෙන්න ඕනේ තව කෙනෙකුට මේ දේ නොවෙන්න (දී)
නැවත මෙවන් විපත් නොවේවා (දී)
එතකොට වැරදි කාරයා මියගිය පොඩි දරුවද?(නදී)
කොළඹ යමලෝක රෝහලේ වෙලතින්නේ.(නදී)
ඇ මේවට උත්තර දීලා තිබුනේ (ස)
සෞඛ්‍ය අමාත්‍යංශය සැම රෝහලකම සෑම මාස තුනකටවරකවත් පරීක්ෂා කළයුතුය.මහජනයා රකින්න ඕනෙම පියවරක් ගන්න එක රජයේ පිළිවෙත විය යුතුයි. (ස)
ඇයි රෝහලේ නම කියන්න බැරි. මොකද්ද ඔච්චර බය.? ඒක දන්නේ නැද්ද...?
කිසි දෙයක් වෙන්නේ නැහැ. ඕවා යට යයි.(නදී)
නැවත මෙවැනි දේ සිදු නොවේවා (දී)
ඒ වැඩේ ඉතා වැදගත් (දී)
අපේ රජයේ රෝහල් තව වැඩි දියුනු කරන්න.(නදී)
රජයේ රෝහල් වල නොමිලේ බේත් දෙද්දී මිනිස්සු මේවට සල්ලි ගෙවල යන්නේ හොඳ සේවයක් ලබා ගන්න. බොරුවට පරීක්ෂණ කරල සල්ලි කුට්ටියක් කඩාගෙන මේවා යට ගහන්නේ නැතුව, සාධාරණය ඉෂ්ට කරන්න. අපිට මේවට සල්ලි දීල යන්න ඕනේ වෙන්නේ නෑ රජයේ රෝහල් වල නිලධාරී වාදය නොතිබුණ නම්. මට නම් ලංකාවේ අප්‍රසන්නම දේ තමයි සෞඛ්‍යය ක්ෂේත්‍රය. ලෙඩ්ඩුන්ට කතාකරන්නේ සත්තුන්ට වගේ. මගෙන් ලගඳි විදේශික වෛද්‍යවරයෙක් ලංකාවේ රජයේ රෝහලකදී ඇහුව මේ වගේ ඉස්පිරිතාලයේ ඉදල සනීප වෙලා ගෙදර යනකොට මේ මිනිස්සුන්ට මානසික ලෙඩ වලට කීපාරක් බේත් ගන්න වෙනවද කියල. මේ ඒකාධිකාරය තියාගන්න තමයි සම සෞඛ්‍ය, හෙද උපාධි එපා කියල දොස්තරල කියන්නේ. (නදී)
හරිම කනගාටුදායක සිද්ධියක්. මුදල් නෙමෙයි ගත් මුදලට සේවයක් දිය යුතුයි.(නදී)
පුවත්පත්වල ආචාර ධර්ම හරියට ආරක්ෂා කරනවා. ලෙඩුන්ගේ ආරක්ෂාව ගැන හිතලා රෝහලේ නම කියන්න ඕනේ. (නදී)
අයෙත් ලංකාවේ මෙහෙම දෙයක් නොවිය යුතුයි (දී)
ඒ වැඩේ හොද දෙයක්, අයෙත් මෙහෙම වැඩ නොවෙන්න වගබලා ගන්න (දී)
මාතර රෝහලේ වරදකින් ලමයෙකුගේ අත කපපු සිද්ධියට රෝහලේ නම සහිතව විශාල ප්‍රචාරයක් දුන්නා. මේ පෞද්ගලික රෝහලේ ලමයෙක් මැරිලා මේ රෝහලේ නමත් ප්‍රචාරය කරන්න.(නදී)
අනිවාර්යයෙන්ම සිදුවියයුතු දෙයක් ඒක (දී)
නැවත මෙහෙම දෙයක් සිදු නොවිය යුතුයි (දී)
කොච්චර පරීක්ෂණ තිබ්බත් වැඩක් නැහැ, නැවත මෙවැන්නක් සිදුවෙන එක නවත්වන්න (දී)