මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව විද්‍යා හා ගණිත අංශයෙන් දිවයිනේ මුල් තැන ගැනීමට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් සමත් වූ අතර කලා, වාණිජ හා තොරතුරු තාක්ෂණ අංශයෙන් ප්‍රථමස්ථාන දිනා ගැනීමට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවෝ තිදෙනෙක් සමත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් (ස)
අද වන විට හම්බන්තොට (තංගල්ල) තියෙන උපකාරක පන්ති කරන ගුරුවරුන් නිසා තමයි මේ වගේ හොද ප්‍රතිඵල ලැබෙන්නේ. මේ වෙනස 2001 වසරේ ප්‍රතිඵල වල සිටම පැවතුණා. මා සතියට දවස් දෙකක් හෝ එකක් පාසල් ගිහින් ඉංජිනේරුවෙක් වෙන්න ලැබුණෙත් උපකාරක පන්ති කරන ගුරුවරුන් නිසා තමයි. ලොකු ලොකු පාසල් වැඩ පෙන්නුවේ ගමේ ළමයි පාසල් වලට ගත්ත නිසා බව සමහර අයට අමතකයි. (නි)
ඉසුරන්දි, කොළඹ දේවි බාලිකාවත් ගමේ පාසලක්ද ? සියලු දෙනාටම මගෙන් සුබ පැතුම් (ස)
මම ළමයිනුත් අරන් යනවා වීරකැටියට පදිංචියට. (නි)
වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හොඳම පාසල. (නි)
මේ ළමයින අපට වාසනාවක් (දී)
නමවත් අහල නැති රට තොට ඇවිදලා නැති අයත් අදහස් දක්වනවනේ....ඒ දරුවොන්ට අපහාස කරන්න එපා. (ස)
හැමෝගෙම දක්ෂතා අගය කරමු ...ඒකට ගමේ, නගරයේ කියලා වෙනසක් නෑ. ගමෙත් දක්ෂ දරුවෝ ඉන්නවා (ස)
ඒ ළමයි වගේ අනෙත් ළමයිනුත් හැදෙන්න ඕනේ (දී)
මේකේ අවිශ්වාස කරන්න දෙයක් මට නම් නැහැ. (නි)
කට්ටිය හිතන් ඉන්නේ කොළඹ කියන්නේ අමුතු තැනක් කියලද ?? දක්ෂයන්ට ලංකාවේ කොහේ වුණත් එකයි. ජය වේවා දරුවනි !! (ස)
ඔබගේ ඉදිරි ජීවිතය සාර්ථක වේවා. (දී)
වෙන්න පුළුවන්, මේ දරුවොන්ට දැන් ගොඩක් පහසුකම් තියෙනවා. බුදුසරණයි (ස)
වීරකැටිය මධ්‍යමහා විද්‍යාලයl කියන්නේ හම්බන්තොට දිස්ත්තික්කේ අංක එකේ පාසල. කන්නන්ගර මැතිතුමාගේ ප්‍රථම මාධ්‍ය මහා විද්‍යාල 16 න් එකක්
හම්බන්තොට දක්ෂ දරුවෝ දෙන්නේක්.. මෙතුවක් කල් හම්බන්තොට වැටිලා තිබුනු අඩුම අධ්‍යාපන දක්ෂතා පෙන්වන දිස්ත්‍රික්ක හැටියට.. ඔබ දෙපලට සියළු දේවාශීර්වාදය ලැබේවා..!(නු)
වෙන්න බෑ !!!! (ස)
සුබ පැතුම් (ස)
හොද දේවල් වගේම,හොද දක්ෂ දරුවන් දිහා බලන්නෙත් අවිශ්වාසයෙන්, සැකයෙන්. මේ අපහාස කරන්නේ ඇයි ? මිනිසුනේ ඊර්ෂියා නොකරන්න.සිසුවනි ඔබලාට තවත් දිරිය ලැබේවා! (ස)
මෙකනම් සැබෑ ආශ්චර්‍යයක් . අහන්නත් සන්තෝෂයි (ස)
වෙන්න බෑනම් තමයි (ස)
මෙතන මොනවා හරි වෙලා තියෙනවා..!(නු)
ජනාධිපති තුමා හම්බන්තොට ඉන්නව කියන එක මෙකට අදාල නැ.දැන් හම්බන්තොට ගොඩක් දියුණුයි. යන්න එන්න පාරවල් තියෙනවා.ඉස්සර පැයක් බස් එකෙ ගිය කෙනෙක්ට දැන් යන්නෙ විනඩි 20ක් වගෙයි .ඉතින් පාඩම් කරන්න කාලෙ ඉතුරුයි.මෙතන ගණිතයෙන් පළමුවෙනිය වෙච්ච කෙනා ගැන මම දන්නව.එයා ලෝකයෙන්ම 51 වෙනිය වෙච්ච කෙනෙක් .ඒක නිස එයා එහෙම වෙවි කියල මුල ඉදලම ගොඩක් අය හිතුවා . ඉංග්‍රීසි වලට B සමාර්තයක් තියෙන බව පිළිගන්නව. මෙහෙ English කතකරන මිනිස්සු නෑ .භාවිතය ගොඩක් අඩුයි.එක නිස එහෙමෙ වෙනව. (ස)
දරුවනි, ඔබට අපගේ උත්තමාචාරය! (නි)
බොරු ලකුණු දමාගැනිමක් කුමකටද . තොරතුරු තාක්ෂණ ලෙස විෂය දාරාවක් දැනට නැත. ඇත්තේ ජීව විද්‍යා, ගණිත, කල හා වාණිජ විෂය දාරා පමණි (ස)
වරුණ ඔයාලා පත්තර බලන්න එපා. රටටත් කරදරයක්..!(නු)
මම අදහස් දැක්වීමෙන් වැලකී සිටිනවා..!(නු)
මෙතන මොනවත් වෙලා නැහැ ළමයි දෙන්නගෙ සහ ගුරුවරුන්ගේ උනන්දුව තමයි.. මොකද කොළඹ පාසල් වලින් ආවොත් විතරද වෙන්න පුළුවං.. ඔබට අපේ සුභ පැතුම්..!(නු)
කුහක කතා කියන මිනිස්සු මේ සමාජයට පිලිලයක් ...දරුවනි ඔබලාට ජය වේවා (ස)
කෝ අද කොළඹ අවට තියෙන සුපිරි පාසල් , අද හොද ප්‍රතිඵල දකින්න ලැබෙන්නේ ගමබද පාසල් වලින් (ස)
ණැන නුවන රට පුරා එක සේ විහිදේවා. හොඳ තරඟයක් බලාගන්න පුළුවන් ගම්බද පාසල් වලින් (ස)
ප්‍රතිඵල වල සැකයක් තියෙනව. හිටි හැටියෙ නමවත් අහල නැති ඉස්කෝලෙකින් පළවෙනියො දෙන්නෙක් ? (ස)
දුවේ, පුතේ ඔබලා අපේ රටේ අනාගතය (දී)
විශ්වාස කරන්නනම් අමාරුයි. අනේ මන්දා (ස)
සුසන්ත, පාසලේ නමවත් අහලා නැත්නම් ඉතින් ඔයා පාසල්වත් ගිය කෙනෙක් නෙමෙයි වෙන්න ඇති. (නි)
සුසන්ත ඔයා ඉන්නේ ලංකාවේද ? ඔයාගේ දැනුම ගැන හරිම කණගාටුයි (ස)