අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය කළින් පිට කළැයි සැකපිට විද්‍යා ගුරුවරයකු ඇතුළු පස්දෙනා පෙබරවාරි 07 දා තෙක් යළි රිමාන්ඩ් කිරීමට නියෝග කළ කඩුවෙල මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පැවසුයේ විභාග ප‍්‍රශ්න පත‍්‍ර පිටවීම බරපතල අපරාධයක් බවයි.
විභාග පිළිබඳව අපේක්‍ෂකයන් අතර විශ්වාසය තහවුරු කළ යුතු බවත් මෙවැනි සැකකරුවන්ට ඇප දීමෙන් මහජන කැළඹීමක් විය හැකි බවත් මහේස්ත‍්‍රාත්වරිය කීවාය.
අත්තටගේ චන්දන සම්පත්, ලක්‍ෂාන් ජයසිංහ, නිරෝෂන් සංජීව, සිරිවර්ධන ජයසේකර හා මංගල පි‍්‍රයශාන්ත රිමාන්ඞ් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාවෙ මොන දේටද මිළක් නැත්තෙ? මට හිතෙන්නෙ මෙයට මුල පිරුණේ නිදහස් ආර්ථිකය වැද්ද ගැනීමත් සමගයි. අම්මා තාත්තා වුණත් විකුණන්න ලෑස්ති රටේ විභාග ප්‍රශ්න පත්‍රයක් කජ්ජක්ද? (නි)
ටියුෂන් ගුරුතුමා නෙමෙයි, අධ්‍යාපන බලධාරීන්වයි අත්අඩංගුවට ගතයුත්තේ. (නි)
වගකිවයුත්තන් සියල්ල අල්ලා දඩුවම් දෙන්න. (නි)
ඔහෙ ටිකදවසක් ඇතුළෙම හිටපුවාවෙ.. මෙයාල ලොකු ව්‍යාපාරයක් කරන්නේ.. පුදුම තරගයක් තියෙන්නේ.. (නු)
ආ... මේ අර ප්‍රශ්න පත්තර ප්‍රශ්නෙට අදාල කට්ටිය නේද (දී )
අනෙත් අයටත් හොඳ පාඩමක් වෙන විදියට දඬුවම් දිය යුතුයි.(නු)
හොද තීරණයක්. ඔවුන් සදහටම රිමාන්ඩ් එකේ තියනවා නම් තමයි මම කැමති. (නි)
ඇත්තටම ඔයවැනි භාරදූර රාජකාරිවලට විශ්වාසවන්ත මිනිසුන් තෝරා පත් කරගත යුතුයි.!(නු)
රැපියල් ශත වලට ලොල් වෙලා අද විදවනවා කට්ටියම..!(නු)
හරිනම් ඔය විෂය භාර නිලධාරීන්වයි ඇතුළට යවන්න ඕන.... කිසිම වගකීමක් ඇගට නොගන්නවාට..!(නු)
දෙයක් උනාට පස්සේ ඒක පොඩි මිනිසාගේ කරපිටින් යවන එකනේ අප රටේ සිරිත..!(නු)
ඕවා ඉතිං මුලින්ම තේරුම් ගන්න එපායැ.. ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කරලා බෙදා හරින තුරු නිසි ආරක්ෂා පද්දතියක් සළසන්න තිබුණනේ..!(නු)
මහජතාව කැළඹෙන්න ඕන දේවල්වටල කැළඹෙයි..!(නු)
ඔය එක කණ්ඩායමක් විතරයි.. පුහුණු ගුරු සහතික විකුණුම් කතාවකුත් ආරංචියි.. මේ වගේ කොයිතරම් නම් දේවල් වෙනවාද? මේවායින් කරදරයට පත්වෙන්නේ අහිංසක ළමයි.,!(නු)
ගුරුවරයන් හැමදාම උත්සාහ කරන්නේ තමන්ගෙ ගුරු වෘත්තිය දක්ෂ ලෙස ක්‍රමවත්ව රුක ගන්න.. ටිකක් එහාට කතා කළොත් උතුරු නැගෙනහිර දරුවන් ප්‍රශ්නපත්‍රවලට උත්තර ලියන කොට දැනුම් තේරුම් ඇතිවම ලියනවා ඇති.. (නු)
මෙයාලාට වඩා වැරදි කරපු අය තව ගොඩක් ලෝකෙ ඉන්නවා නිදැල්ලේ වැජඹෙමින්..!(නු)
මේවා ලෙහෙසියෙන් මගහැරෙන්න දෙන්න නරකයි. සාමාන්‍ය පෙළ කියන්නේ ළමයෙක්ගේ ජීවිතයේ ලොකු කඩයිමක්. (නි)
ඔයිට වැඩිය ජාති කෝලාහල ඇති කරන අය අද නිදහසේ ඉන්නවා. ඔය සර් පවු. නිදහස් කරන්න එයාව. (නි)