මදුරාවල බැල්ලපිටිය වැලිකැවැල්ල අක්කර අනූව ගම්මානයට පානීය ජලය ඉල්ලා ගැමියකු වන ප්‍රදීප් ප්‍රියධර්ම (42) මහතා ගස් නැග උපවාසයක් ඇරැඹීය.
ඔහුට සහාය දක්වමින් ගම්වැසියෝ පිරිසක් ගස යට සාමාකාමී විරෝධතාවක් පැවැත්වූහ.
‘මම ජීවත් වෙන්නේ එදිනෙදා කුලී වැඩ කරලා. වතුර දෙනවා කියලා මැනගනත් ගියා. ඒත් තාම දුන්නේ නෑ. අපිට බොන්නවත්, වැසිකිළි කැසිකිළි පහසුකම් සඳහාවත් වතුර නෑ. දේශපාලඥයොයි, නිලධාරීනුයි හැමදාම අපිව රවටනවා විතරයි. ජලය දෙනකම් මම ගහෙන් බහින්නේ නෑ‘ යැයි ප්‍රදීප් ප්‍රියධර්ම ගස උඩ ඉඳගෙන පැවැසීය.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන පාර ඡන්දෙ එනනම්ම ගහ උඩ ඉන්න වෙයි.. ඡන්දේ එහෙම දාලා ආපහු ගහට නගින්න බලාගෙන බහින්න..!(නු)
ලැම්බොගානි වලට බදු අඩුකරලා රටක් දියුණු කරන්න බැහැ.. මුලින්ම රටේ ජනතාවගේ දැවෙන ගැටලු වලට පිලියමක් හොයන්න වෙයි...!(නු)
බහින්නනම් එපා මල්ලි ඔහොම්මම ඉන්න .පොලීසියෙන් ඇවිත් ඔයාව බස්සවනකම් (ස)
අලුත් වතුර ඇමතිතුමා මේ ගැන සොයා බලලා දැනට ගබඩාවල ගොඩ ගසා අති වතුර බෝතල් ටිකක් හෝ ගමට එවයි..! දැං ගහෙන් බහින්නකෝ..!(නු)
ඔයා හිතාගෙන ඉන්නේ ඔයාව ගහෙන් පස්සලා තැඹිලි වතුර පොවයි කියලාද? (නු)
මැන ගෙන ගියානම් ඇස්තමේන්තු හදනවා ඇති ඉබි ගමනේ.. රජයේ නිලධාරීන් ගැමියන්ට සලකන විදිහ නම් සාධාරණ නැහැ. ජලය යනූ මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. එය හැකි ඉක්මණින් හෝ නිසි වේලාවට ලබාදීමට කටයුතු කිරීම අදාල නිලධාරීන්ගේ වගකීමකි. මන්ද එය නිකං නොදෙන නිසා....(නු)
වැසිකිළි කැසිකිළි සදහා බොහෝ දෙනා පාවිච්චි කරන්නේ කැළෑව නිසා ඒක නම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ මම හිතන්නේ. (නි)
අඬන්නෙ නැතිව කිරි එරෙන්නෙ නෑ. සටන් කරන්නේ නැතිව ලබා ගන්න පුළුවන් දේවල් අල්පයි. මොහු මුළු ගමම වෙනුවෙන් සටන් කිරීමට ඉදරිපත් වී සිටින වීරයෙක්. මොහුගේ සටන ලැම්බොගිනි ඉල්ලලා නෙවෙයි. බොන්න වතුර පොදක් සඳහා. මොහුට හිනාවෙන්න, අපහාස කරන්න එපා.(නු)
වතුර දෙන්න අපිට වෙලාවක් නැහැ.. අපේ අළුත් ඇමති මණ්ඩලේට ක්වාටස්,වාහන පර්මිට් දෙන්න සල්ලි ඕනෙ.ඔයාලා මැරෙණකම් ගහ උඩ හිටියත් වතුර දෙන්න වෙන්නේ නැහැ.. (නු)
රොෂාන් සහ ගාමිණී, මේ විදියට කතා කරන්න එපා.. ඔබ ඇත්ත සිදුවීම දන්නේ නැත්නම්.. උත්සාහ කරන්න ඒ අයව තේරුම් ගන්න.. ඔබට සෑම දේම තිබෙන්න පුළුවං. බලන්න ඉහත ඡායාරෑප දෙස.. කොපමණ දුප්පත්ද කියලා.. ඔවුන්ව විහිළුවට ගන්න එපා.. (නු)
වතුර ඉල්ලන් ගස් නෑගලා වෑඩක් නෑ. පොලව හාරගෙන යටට ගියානම් නිකම්ම වතුර හම්බවෙන්න තිබුනා.උදව්වටත් කට්ටිය හිටිය එකේ එවගෙ සත්‍යක්ග්‍රහයක් කලනම් මාධ්‍යතුලින්ම විශාල ගරුත්වයක් ලබිලා ලංකාවේ උද්ගෝෂණ ව්‍යාපාරය වෙනස් මගකට යොමුකරන තිබුණි (අ)
උන්නත් දාහයි මලත් දාහයි..!(නු)
මේ මිනිස්සුන්ට එකතු වෙලා ලිඳක් කපාගන්න බැරි ඇයි උපවාස කරන වෙලාවේ. හැම දේම ආණ්ඩුවෙන් කරලා දෙන්න ඕනෑද? (අ)
මේ ප්‍රශ්නෙට ඔක්කොටම ඉස්සරවෙලා ඒ සම්බන්ධව ඇමැති කෙනෙක් පත් කළ යුතුයි (අ)
කවුද දන්නේ ඔය කියන පළාතෙ ජල මට්ටම ගොඩක් පහළින් තියෙනවද කියලා. හොඳ ළිඳක් හාරගත්තා කියමුකෝ. මේ අයට ළිඳ බැඳගන්න මුදල් නැත්නම් මොනවා කරන්නද? ගමකට එක ළිඳක් ඇතිද? (නි)
මේ අයට පිහිට වෙන්න ආණ්ඩුවට නොහැකිද? කෝ රටේ සංවර්ධනය? (නි)
පව් අසරණ දුප්පත් මිනිස්සු (ස)
මට එන තරහා මේ අය දෙන පොරොන්දු වලට... අනේ ඇත්තටම මෙහෙමත් රටක්.. පව් අර පුද්ගලයා මුලු රට වෙනුවෙන්ම නේද ගහ උඩ ඉන්නේ..!(නු)
වතුර ඉල්ලලා ගහ උඩට නැග්ගට වැඩක් නැහැ. කොහෙන් හරි ලිඳක් හරගන්න බලන්න ගමේ කට්ටිය එකතු වෙලා. (ත)
අනේ අයියේ අක්කේ ඔයාලම නේද ඡන්දෙ දුන්නේ? (ත)
ඇවිත් මැණගෙන ගියාද? එහෙනම් ආපහු මනින්න එන්නේ නැවත ඡන්දයක් තියෙනකාලෙක තමයි..!(නු)
බලාගෙන මල්ලි හයියෙන් අල්ලගන්න. වතුර කෙසේවෙතත් ඔයාගේ ජීවිතේට අනතුරක් වෙයි ලිස්සලා වැටුණොත්. (ත)
මංජුල නිවැරදියි. (නි)
අයියෝ! මෙයා මේ මොන ගහකටද නැගලා තියෙන්නේ? (නි)
ඉවසලා ඉවසලා බැරිම තැන මිනිස්සු කරන වැඩ මේවා (දී)
2015 ඡන්දෙ වෙනකල් ගහ උඩ ඉන්න වේවි, ඒත් වතුර ලැබෙන එකක් නැහැ. ඒ වුණාට වතුර දෙනවා කියලා බොරු පොරොන්දුවක්වත් ලැබේවි. එහෙනම් 2015 වෙනකල් ගහ උඩ ඉන්න.. (නි)
තියෙන මිනිස්සුන්ට මේක දැනෙන්නෙ නැහැ. එයාලට මේක විනෝදයක්. (නි)
එක පැත්තක වතුර වැඩිවෙලා මහ විනාශයක් වෙද්දී, තව පැත්තක බොන්නවත් වතුර නැතුව මිනිස්සු වේළෙනවා. (නි)
ඔය දූෂිත දේශපාලඥයෝ, රාජ්‍ය නිලධාරීන් ගැන බලාපොරොත්තු තියාගෙන හිටියට වැඩක් වෙන්නෙ නැහැ. ගමේ ඔක්කොම එකතු වෙලා හොද උල්පතක් හොයාගෙන හාරන්න. (නි)
අහිංසක මිනිස්සු නම් ඇත්තටම පවු. ඒත් ඉතිං ගස් නැග්ගා කියලා වතුර ලැබෙයිද? (නි)
ඇමතිලා ඕනෑ තමයි. නමුත් හිටියත් කරන්නේ නැහැනේ. (නි)