
(සුජිත් හේවාජුලිගේ, අංජුල මහික වීරරත්න සහ ළහිරු හර්ෂණ)
මාතලේ රත්තොට රජයේ වත්තකින් පවුල් තුනක 14 දෙනකු වතු ප්‍රධානියකුවිසින් භීෂණය පතුරුවමින් ඔවුන්ගේ නිවාස කඩා බිඳ දමා පලවා හරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය යෙදීම හේතුවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (22)පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය.
පැයකට ආසන්න කාලයක් මෙම විරෝධතාව පැවැත්වුණු හෙයින් සභාවේ කටයුතු පාලනය කරගැනීමට කතානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
රෝහිණී කුමාරි විජේරත්න,වඩිවෙල් සුරේෂ්, එස් රාධක්‍රිෂ්ණන්,මනෝ ගනේෂන්, එස්.වේළු කුමාර්,කින්ස් නෙල්සන්,චමින්ද විජේසිරි,කාවින්ද ජයවර්ධන ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම විරෝධතාවයට සම්බන්ධ වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd