2012 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල වලට සිසුන් බඳවා ගැනීමේ ගැටළුවට වහා විසඳුම් දෙන ලෙස රජයට බල කර සිටීමේ මහජන පෙත්සමකට අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද සවස පැවැත්විණි.
‘තාරුණ්‍යයේ හඩ‘ ශිෂ්‍ය එකමුතුව පවසනුයේ වාණිජ අංශයෙන් විෂයන් තුනටම ‘ඒ‘ සාමාර්ථ ලබාගත් සිසුන් දෙදහසකට ආසන්න ප්‍රමාණයකට මෙවර විශ්ව විද්‍යාල වරම් අහිමි වී ඇති බවයි. ජාතික ආදායමෙන් සියයට හයක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස ද ඔවුහු රජයට බල කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම වාණිජ අංශයෙන් සරසවියට ගන්න ගාණ වැඩි කරන්න ඕනෑ. (නි)
අයියෝ සල්ලි (දී)
තම දරුවන් මෙලෙස පාරට ඇද දැමීමට වගකිවයුතු වන්නේ දෙමාපියනුයි. (නි)
වානිජ විශය ධාරාව හදාරන සිසුන් ගනන වැඩි නිසා විශ්ව විද්‍යාලයට තෝරා ගන්නා ප්‍රතිශතය වැඩි වෙන්න ඕන අනිත් විශයන්ට වඩා. ඒක ඉතින් ඕනම ලදරුවෙකුට තේරෙන දෙයක් අනිත් අයට නොතේරුනාට.(නදී)
ආපහු උසාවි යන්න වෙයි වගේ.(නදී)
කරුණාකරලා මෙවරත් විශ්ව ව්ද්‍යාලයට ගන්න ළමයි ගාන වැඩිකරන්න. මෙවරත් විෂය මාලා දෙකක්. මේකෙන් වෙන්නේ එක් පැත්තකට අසාධාරණයක්. නව විෂය මාලාවේ ළමයින්ගේ පුථිපල වැඩි නිසා රෑන්ක් අඩුයි. ඒහෙත් පරණ විෂයමාලාවේ ඊට හාත්පසින්ම වෙනස්. කරුණාකර මෙවර ළමයි ගන්න ගාන වැඩිකරන්න.(නදී)
සමන්තට දරුවෝ නැහැ වගේ. ඉන්න කාලෙට ඔයා රට ගැන හිතන්නකෝ.(නදී)
දෙමව්පියෝ වැරදියි කියනනේ දුක් විදගෙන උගන්නලා ළමයිට මෙහෙම වුන හින්දද?(නදී)
රජයේ විශ්ව විද්‍යාල වැඩිකල නොහැකි නම් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කළ යුතුයි අඩු ගානට.(නදී)
කවුරු වුණත් හරිම පින් පාටයි. (නි)
දෙමවිපියන් තමන්ගේ රට ගැන හිතුවේ නැහැ. එයාලා බැළුවේ පවුල ගැන විතරයි.(නදී)