සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් පළපුරුදු විදේශ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු වන වඩිවෙල් ක‍්‍රිෂ්ණමුර්ති මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නම් කර ඇති බව සෞදි අරාබියේ ඇරැබ් නිව්ස් පුවත්පත වාර්තා කරයි.
අවසන් වරට දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කළ ක‍්‍රිෂ්ණමුර්ති මහතා වසර 33කට අධික කාලයක පළපුරුද්දක් ඇති විසි වසරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ දූත මණ්ඩල සේවයේ යෙදී ඇති දක්‍ෂ නිලධාරියෙකි.
2006 සිට 2009 දක්වා බංගලිදේශයේ ද සේවය කළ ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම නෙදර්ලන්තය, චීනය ඇතුළු විවිධ රටවල ශ්‍රී ලංකාව නියෝජනය කෙළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක්. (නි)
හොදයි. (නි)
නව තානාපතිතුමනි, අපි ඔබට සුභ පතන්නෙමු. රිසානා සිද්ධිය වැනි දෙයක් නැවත සිදු නොවීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු. (නි)
ඔබ තුමාට සුභ පැතුම්! මෙහෙ සේවය කරන ලාංකිකයන්ට මිනිසුන්ට මෙන් සලකන්න ඔබතුමාට ශක්තිය දෛර්ය ලැබේවා..! (ස)
මට තියෙන්නේ වෙන දෙයක් බලන් ඉන්න තමයි (දී)
මම හිතුවේ දකුණු ඉන්දියානු විකට නළුවා කියලා..(ස)
ඉතාම හොදයි. (නි)
හරිම හොඳයි !(ස)
අප ගැන රට ගැන හිතලා සේවය කරන ඕනම නෙනෙක් අපි සාධරයෙන් පිළිගනිමු. (ස)
අපි ඔබ තුමාව සාදරයෙන් පිලිගනිමු.(නදී)
එක හොඳයි වෙන ජාතියක කෙනෙක් දැම්ම එක. ඔබතුමාට නිවැරදිව හොදින් රාජකාරි කරන්න ලැබේවා! (නි)
අපට ඔබ මිණි පහනක් වේවා! (නි)
ඔබව සාදරයෙන් පිළිගනිමු. (නි)
ක‍්‍රිෂ්ණමුර්ති මහත්තයා ඉතාම මිත්‍රශීලී වැදගත් මහත්මයෙක්. (නි)
හොද තීරණයක්. ඔබ සාදරයෙන් පිළිගන්නවා. (නි)
සෞදියේ අයට හොද කාලයක් එන බව විශ්වාසයි. (නි)