IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වඩිනාගල හෙල්ලීම පල්ලෙකැලේට දැනේ

අම්පාර වඩිනාගල අද උදෑසන සුළු භූ කම්පන තුනක් සිදුවූ බවත් එම චලන වඩිනාගල සහ පල්ලෙකැලේ පිහිටුවා ඇති භූ කම්පන මානවල රිච්ටර් මාපක 2-2.5 ත් අතර අගයකින් සටහන්වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචර්ය එන්.පී.විජයනන්ද මහතා පවසයි. එවැනි සුළු භූ කම්පනයකින් දෙදරායාමක් හැර නිවාස වලට හෝ මිනිසුන්ට හානියක් සිදුවන්නේ නැත. ආචාර්ය විජයනන්ද මහතා පවසන්නේ වඩිනාගල කම්පන සිදුවන්නේ ශබ්දයක් සමග බවයි. ස්වභාවික භූ චලනයකදී එවැනි ශබ්දයක් ඇතිවන්නේ නැත. වඩිනාගල සිදුවූ කම්පන පිරික්සූ විට ඒවායින් සියයට 98 ක් පමණ දිවාකාලයේ සිදුවීමත් ගංවතුර පවතින කාලයේ එවැනි කම්පන සිදු නොවීමත් හේතුවෙන් මෙම කම්පනවලට හේතුව මිනිස් ක්‍රියාකාරකමක් බවට සැක කළ හැකිබවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

වඩිනාගල හෙල්ලීම පල්ලෙකැලේට දැනේ

අජිත් කරුණාරත්න Saturday, 26 January 2013 02:40 PM

කවමත් හෙල්ලෙනවාද? (නි)

:       0       0

බන්දුල Saturday, 26 January 2013 05:05 PM

සුනාමිය එනකොට බුදියගෙන හිටිය කට්ටිය මහා විනාශයක් වෙනතුරුත් තෙපරබාමින් ඉඳියි මම හිතන්නේ .ඔය භුමි චලන එන ප්‍රදේශයේ තමයි සේනානායක සමුද්‍රය තියෙන්නේ .ඒ නිසා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි . (නි)

:       0       0

ගාමිණි Saturday, 26 January 2013 07:08 AM

රටේ සිදුවෙන අපරාධ වලට භුමිකම්පා නොවී තියෙයිද? (නි)

:       0       0

දෝහා Saturday, 26 January 2013 09:52 AM

මටත් සැකයක් ආවා මේක භූමිකම්පාවක්ද නැතහොත් වෙනයම් කම්පාවක්ද කියලා. (නි)

:       0       0

දෝහා Saturday, 26 January 2013 09:54 AM

මෙච්චර දක්ෂ පරීක්ෂක අය ඉන්දැද්දි මේ කම්පාව මොකද්ද කියලා කියාලා ඇයි තවතම යොගන්න බැරි උනේ..!(නු)

:       0       0

දෝහා Saturday, 26 January 2013 09:55 AM

මට පේන්නේ මේක වෙනයම් කම්පාවකින් වෙන දෙයක්.. මේක අවි පුහුණුවීමකින් එන සබ්දයක් සමග එන කම්පනයක්ද දන්නේ නැහැ..!(නු)

:       0       0

දමිත Saturday, 26 January 2013 09:56 AM

වඩිනාගම දැං කී සැරයක් හෙල්ලුනාද?(නු)

:       0       0

දෝහා Friday, 25 January 2013 12:59 PM

මට සැකයක් ඇතිවුණා ආපහු සංවිධානයක් බිහිවෙලා පුරුදු වෙනවාද කියලා..!(නු)

:       0       0

දම්මි Friday, 25 January 2013 01:00 PM

නැත්නම් දැං කීයක්නම් භූ චලන උනාද? තවම ඒවාට නිශ්චිත හේතුවක් හොයාගන්න බැරි උනානේ.. කාටවත්..!(නු)

:       0       0

දෝහා Friday, 25 January 2013 01:00 PM

ඉක්මනට සෝදිසි මෙහෙයුමක් දැම්මනම් හොදයි අම්පාරෙ කැලෑවල් අස්සෙ..!(නු)

:       0       0

දෝහා Friday, 25 January 2013 01:02 PM

ඕවා සුළුවෙන් හිතන්න එපා.. දැක්කනේ නියපොත්තෙන් කඩන්න තිබුණ දේ පොරොවෙන් කපන්න උනා..!(නු)

:       0       0

දෝහා Friday, 25 January 2013 01:03 PM

ඔහොම සද්ද ඇහෙනවා කිවුව දවසේ ඉදලම මගේ හිතේ සැකයක් තියෙනවා කොටි ආපහු පුහුණුවීම් අරඹලාද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site