නළුවකු මෙන්ම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ විජය කුමාරතුංග 25 වන ගුණ සමරුව නිමිත්තෙන් විජය කුමාරතුංග අනුස්මරණ පදනම සංවිධානය කළ උපහාර උත්සවයක් කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී අද සවස පැවැත්විණි.
ඒ මහතාගේ බිරිඳවන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි
මෙහිදි ”විජය” නමැති ග‍්‍රන්ථයක්ද එළි දැක්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමණලයෙකුට වෙඩි තිබ්බේ ඇයි දෙවියනේ ...(ස)
ඇයි රනිල් මහත්මයා ආරාධිතයෙක් උනේ. ඒකාලේ නේද විජයව ඝාතනය වුනේ... පුදුම වැඩතමා වෙන්නේ (ස)
විජය ඝාතකයන් දැන් පාර්ලිමේන්තුවට එති... (ස)
ඔබට සමාන තියා ලඟින් වත් යන කෙනෙක් තවම සිංහල සිනමාවට ලැබුනේ නැහැ. දේශපාලන මඩ ගොහොරුවේ නොවැටුනා නම් ඔබ තාමත් රිදී තීරය දෙවනත් කරනවාමයි. (ස)
ලංකාවේ කැත දේශපාලනය නිසා අකාලයේ සැඟවුණු නියම තරුව ඔබයි. ඔබ සදා අමරණීයයි...! (ස)
මේ ගුනානුස්මරණ උත්සවයට විජය ඝාතනය කළ අය සහභාගී වුනේ නැද්ද?(නදී)
අනේ පවු! අද විජය හිටියා නම් කොච්චර හොදද? (නි)
සැමදා ජන හදවත් තුළ රැදුන චරිතයක් වුණ රණසිංහ ප්‍රේමදාස මහතා පවා මේ සුන්දර මිනිසාගේ වියෝවෙන් බොහෝ කම්පා වුණා. (නි)
මොකද අපේ රනිල් සර් තනිවම? (නි)
විජය හිරේට දැම්මේ කවුද කියලා ඔය පොතේ ලියලා තියෙනවද දන්නේ නෑ...(ස)
විජය කුමාරතුංගයාණෙනි, ඔබ අද සිටියා නම්... එදා මිය ගියේ ඔබ නොව සිංහල සිනමාවයි.. එය අද අපිට තදින්ම දැනෙනවා.. (ස)
කලක් පදුරු අස්සේ සැගවී සිට දොරවල් යටින් කොලකෑලි දැම්මා. ජනජීවිතය අවුල් කලා. දැන් කෑගහන ඒ කට්ටිය මේ අහිංසක මිනිහම මරලා දැම්මා.(නදී)
ලාංකීය සිනමාවේ විජයගේ අඩුව පුරවන්න කිසිවෙකුට නොහැකි වුණා. (නි)
විජය, ඔබ අපගේ හදවත් තුළ සදා රැදී ඇත. (නි)
මම කුඩා කාලයේ සිටම ඔහුගේ ගැඹුරු සුන්දර හඩට කැමතියි. (නි)
විජයට වෙඩි තියපු ‘ගෝනි බිල්ලෝ ‘ ටිකට ආරාධනා කරන්න තිබුණනේ රට ජාතිය වෙනුවෙන් කථාවක් පවත්වන්න.. (ස)