සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී හෙට (01) පෙරවරු 10.00 ට ආරම්භ වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතයට ඇතුළත් නොවූ ලසන්ති මධුෂානි, ඕෂදී රණසිංහ සහ අමා කාංචනා විස්සයි20 සංචිතයට කැදවීම් ලබා සිටිති. චමරි පොල්ගම්පොළ, නිපුනි හංසිකා සහ මධුරි සමුදිකා යන ක‍්‍රීඩිකාවන්ට විස්සයි20 සංචිතයේ ස්ථානය අහිමිවී තිබේ.
ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 සංචිතය:
ශෂිකලා සිරිවර්ධන (නායිකා), ඒෂානි ලොකුසූරිය (උප නායිකා), චමරි අතපත්තු, ලසන්ති මධුෂානි, ඩිලානි මනෝදර, ඕෂදී රණසිංහ, චමනි සෙනෙවිරත්න, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේෂිකා ප‍්‍රබෝදනී, ප‍්‍රසාදිනී වීරක්කොඩි, දීපිකා රසාංගිකා, ඉනෝකා රණවීර, අමා කාංචනා සහ රංගිකා ප‍්‍රනාන්දු
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහමු අක්කලා නංගිලා බර දාලා. එතකොට ගෙවීම් තවත් වැඩි වේවි. (නි)
අයියෝ කෝ මේ සංචිතයට දොල වත්තගේ නම?(නදී)
හොදට පුහුණුවිම් කළොත් ජය නියතයි. (නි)
කවුද මේ? (නි)