සබරගමුව සරසවියේ පර්යේෂණ මා වී ගස අද වන විට අඩි 12ක් උසට වර්ධනය වී තිබිණ. මේ අනුව ලොව උසම වී ගස මෙය බව පෙනේ යැයි සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී අයි යාපා කියයි.
මෙතෙක් ලොව උසම වී ගස ලෙස ගිනස් වාර්ථාවක් හිමි කැර ගත්තේ ඉන්දියාවේ නාගලන්ඩ්හි අඩි හත හමාරක් උස වී ගසකි.
සබරගමු වී ගස ජලය නොමැතිව වගා කළ හැකි අසළ නියඟයට ඔරොත්තු දෙන බව කියන ආචාර්ය යාපා කොළඹගේ ආරේ රෝපනය කළ වී ඇට වලින් පැළවූ පඳුරද හොඳින් වැඩෙන බව කියයි.
අස්වැන්න නෙළීමට හය මාසයක් ගත වන හෙයින් පෝෂණය අතින් ද එය ඉහළ තැනක් ගනිතියි ඔහු සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව කියන්නේ ලෝකෙන්ම හොදම රට කියලා දැන් පැහැදීලි නේද (දී)
කාටද ආඩම්බර (දී)
ලංකාවේ විශ්මිත ප්‍රදේශයක් තමයි සබරගමුව කියන්නේ (දී)
සුභපැතුම්
මගේ රට තමයි ලෝකෙන්ම විශ්මිත රට (දී)
අපේ ගෙදරත් ඔය ගහක් තිබුණා.ඒක ඇල් වී ගහක්. ඒ ගහ මීටවැඩිය උස ගියා. ඒත් ඒකට මැස්සෝ වගයත් බෝවෙලා කපන්න වුණා. (නි)
ලංකා මාතාව කවදත් ලෝකෙන්ම එක තමයි (දී)
සබරගමුවත් එක්ක අපෙ රාවනා රජුගේ ළඟ සම්භන්දයක් තියෙනවා (දී)
මෙම වී වර්ගය සුරක්ෂිතව වගා කරමින් කළ සේවයට ඔබ තුමාට තුති. හැබැයි දැන් කෘමිනාශක වෙලෙන්දන්ගෙන් එය බේරගන්න වෙයි. ඕකටත් කෘමි වර්ගයක් හදයි. ලංකාවේ පැතිරෙන තුරු පිටරටකට යන්න ඉඩ තියන්න එපා.. තෙරුවන් සරණයි ! (ස)
පුළුවනි නම් ඔය වී ගහේ වී ඇට වල පෝටෝ එකක් දානවද... (ස)
සබරගමු විශ්වවිද්‍යාලේ කොහොමත් වැදගත් දේ තියනවා. ජය වේවා (ස)
ධම්මි, ආචාර්ය්‍යතුමාගේ නම පී.අයි.යාපා. කොළඹගේආර යනු වී පැළය රෝපණය කළ ප්‍රදේශයයි. (නි)
ඉන්දියාවේ නාගලන්ඩ් හි තිබුන උසම වී වර්ගය ලෝකයේ හොඳම හෝ ගුණාත්මකම වී වර්ගයද? නැත. එහි උස හැරෙන්නට වෙනත් ඉස්තරම් බවක් බත් කන කවුරුවත් නොදනී. අපේ රටට අවශ්‍ය වන්නේ උලුප්පා පෙන්වන විශාල ගස් නොව රසවත්, ගුණවත්, රසායනික පොහොර හා කෘමිනාශක මත නොරඳන වී වර්ගයකි. මේක ගැන අඬහැර පාන්න කලින් බත් උයා කෑමට ගත හැකි දෙයක්ද කියා බලලාම හිටියා නම් නරකද? (ස)
ඔවායේ බීජ පිටට යන්න දෙන්න එපා. කොහේ වැවුවත් කෘමිනාශක හෝ රසායනික පොහොර දාන්න දෙන්න එපා. මටත් වී ඇට දෙක තුනක්වත් දෙනවද බෝ කරගන්න (ස)
වැදගත් සුභ පණිවිඩයක්.... ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා! (ස)
"සඳුන් සේනාධීර අසුභවාදී කතා කියන්න එපා" සුභවාදී කතා කියලා නලවලා නේද මේ රට මෙතරම් පිරිහුනේ . මේකත් කොන්ක්‍රීට් සංවර්ධනයට වඩා වෙනසක් ඇත්ද කියා බලන්න පුළුවන් වෙන්නේ ඉදිරියේදී මිස ගසේ උස අනුව නොවේ. (ස)
වී වගාවෙන් ලබන ජයග්‍රහන අප රට ඉදිරියට ගෙන යනු ඇත. ජය වේවා! (ස)
බටහිර රටවල් දැන ගත්තොත් විනාසයි (ස)
කෘෂි කර්මය විෂයට ප්‍රසිද්දම තැන තමයි සබරගමු විශ්වවිද්‍යාලය (දී)
සේනාධීර අසුභවාදී කතා කියන්න එපා (ස)
සිල්වා,ස්තුතියි මා නිවැරදි කළාට. (නි)
රාවනා රජුගේ හාස්කම් තමයි (දී)
මෙන්න හොඳ කතාවක් (ස)
මේක අපි කලේ කියල කියන්න කට්ටිය දැන් බලාගෙන ඇති මහත්තයෝ. (ස)
සතුටුයි ..හරිම සතුටුයි .. (ස)
"ලස්සන හිමවතේ මාවී පැසිලා"...නැවත දකින්න ලැබේවා! (ස)
මේක විජාත්ක බලවේගයක ප්‍රතිපලයක්. (ස)
පර්යේෂක ආචාර්ය යාපා කොළඹගේනේ පර්යේෂණය කරන්නේ.ඉතින් ඔබ කියන සරල දේ එතුමා නොදන්නවා වෙන්න බැහැ සේනාධීර. (ස)
ජය වේවා ... (ස)
අප්පේ ගොයම් කපන්න ඉනිමගකුයි ඉනිමග අල්ලන්න තව කෙනෙකුයි එපැයි (ස)
අපි ඒ ගස ආරක්ෂා කර ගන්න ඕනේ (දී)
කොහොමද කාටද ආඩම්බර (දී)
දැන්නම් වටින්නේ ගං වතුරට ඔරොත්තු දෙන වී වර්ග තමයි (ස)
පාරම්පරික දේශීය වී වර්ග හා වගා තාක්ෂණයන් භාවිතා කිරීම සහ අනාගත ආහාර නිශ්පාදනයේ අභියෝග ජයගනැම සදහා යෝග්‍ය වගා තාක්ෂණයන් වශයෙන් භාවිතා කිරීම සම්බන්ධව තොරතුරු ලබාගැනීම සහ එ සදහා දායකවීමට Ranketha Traditional Rice හා සම්බන්ධ වන්න. (ස)
මේ වී අපිට මිල දී ගන්න පුලුවන්ද.?