හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම සංවිධානය කරන සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ලූම්බිණි විදුහල සහ හමීඞ් අල් හුසේනියා විදුහල සමත් වූහ. සෙනසුරාදා පැවැති අවසන් පූර්ව වටයේ තරග වලදී ශාන්ත බෙනඩික් විදුහල සහ කොළඹ හින්දු විදුහල පරාජය වූහ.
පළමු අවසන් පූර්ව තරගයේදී ශාන්ත බෙනඩික් විදුහල පරදවා ලූම්බිණී විදුහල ගෝල 3-2 ක ජයක් ලැබීය. තරගයේ පළමු භාගය අවසන් වන විට කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට හැකියාවක් නොලැබුණ නමුත් දෙවැනි භාගයේදී 35 වැනි සහ 40 වැනි මිනිත්තු වලදී ගෝල වාර්තා කරමින් ශාන්ත බෙනඩික් විදුහල තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය.
තරමක් ප‍්‍රමාද වී තරගයට අවතීර්ණවූ ලූම්බිණී විදුහල 42 වැනි, 45 වැනි සහ 53 වැනි මිනිත්තු වලදී ගෝල රැස් කරමින් තරගයේ ජයග‍්‍රහණය තමන් වෙත නතු කරගත්හ.
දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කොළඹ හින්දු විදුහල පරදවා හමීඞ් අල් හුසේනියා විදුහල ගෝල 5-0 ක පහසු ජයක් ලබාගත් අතර ආරම්භයේ සිටම තරගයේ පාලනය තමන් සතු කර ගැනීමට හමීඞ් අල් හුසේනියා කී‍්‍රඩකයෝ සමත් වූහ.
පළමු භාගය අවසන් වන විට ගෝල 4-0 ක් ලෙස ඉදිරියෙන් සිටි ඔවුහු දෙවන භාගයේදී තවත් ගෝලයක් එක්කරමින් තරගය ජයගත්හ. පිට පිටම ලබාගත් ගෝල ති‍්‍රත්වයක්ද සමගින් ගෝල 4 ක් රැස්කළ එන්. සී. මොහොමඞ් රහුමාන් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.
මෙම තරගාවලියට සමගාමීව පැවති වයස අවුරුදු 40 ට වැඩි ප‍්‍රවීණ කී‍්‍රඩකයින්ගේ පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගද සෙනසුරාදාම පැවත්විණ.
එම තරග වලින් මාලිගාවත්ත ප‍්‍රවීණයන්ගේ පිල හමුවේ කොළඹ ප‍්‍රවීණයන්ගේ පිල ගෝල 2-0 ක ජයක් වාර්තා කරද්දී කොම්පඤ්ඤ වීදිය ප‍්‍රවීණයන්ගේ පිල පරදවා දඩුවම් පහර මගින් ගෝල 3-0 ක ජයක් ලබාගැනීමට ජාවා ලේන් ප‍්‍රවීණයන්ගේ පිල සමත් විය.
තරගාවලියේ අවසන් මහ තරග පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත අතර එදින ආදි අල් හුසේනියා පාපන්දු කී‍්‍රඩකයන්ගේ ප‍්‍රදර්ශන තරගයක්ද පැවැත්වීමට සංවිධායක කමිටුව කටයුතු සූදානම් කර තිබේ.
1 - ජාවාලේන් ප‍්‍රවීණයන්ගේ පිලේ දැල රකින්නා විසින් දඩුවම් පහර අවස්තාවකදී පන්දුව රැකගන්නා අයුරු
2 - කොම්පඤ්ඤ වීදිය ප‍්‍රවීණයන්ගේ පිලේ දැල රකින්නාට කිසිදු දඩුවම් පහරක් වලක්වා ගැනීමට නොහැකි විය. (ඉන් එක් අවස්තාවක්)
3 - හින්දු විදුහලේ කී‍්‍රඩයාගෙන් හමීඞ් අල් හුසේනියා විදුහලේ කී‍්‍රඩකයාට වෙට්ටුවක්
4 - හමීඞ් අල් හුසේනියා විදුහලේ කී‍්‍රඩකයා ඉදිරියට ඇදෙමින්
5 - තරගය නැඹීමට පැමිණ සිටි පේ‍්‍රක්ෂකයෝ
ඡයාරූප : ශානුක අරවින්ද
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලූම්බිණි - හමීඞ් අල් හුසේනියා විදුහල් අවසන් තරගයට
ඇන්ටන් Sunday, 03 February 2013 04:41 PM
ලුමිබිනියට ජය වේවා.(නදී)