නව වසරට සෙත් පැතීමේ අරමුණ ඇතිව මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාර,කොචිල් සහ පල්ලි සිය ජනවාරි පළමු වැනිදා දවස පුරාම පින්කම්, පුද පුජා සහ දේව මෙහෙයන් පැවැත්විනි.
ශ්‍රී ලාංකිකයන් මෙන්ම යුරෝපීයයෝ ද වෙනත් ජාතිකයෝ ද විශාල වශයෙන් මෙම ආගමික වැඩසටහන් සඳහා ඉමහත් උනන්දුවකින් සහභාගී වූහ. ලන්ඩන් බෞද්ධ විහාරය ඇතුළු අනෙකුත් ශ්‍රී ලාංකික බෞද්ධ විහාරයන්හි උදේ අටේ සිට රාත්‍රී අට දක්වා සෙත් පිරිත් දේශනා, ධර්ම දේශනා, දානමය පින්කම් සහ බෝධිපුජා පැවැත්වින. මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් පැවසුවේ වෙන අවුරුදු දිනයනට වඩා අති විශාල ජනකායක් මෙවර විහාරස්ථානය කරා පැමිණ වන්දනා මාන කළ බවයි. මේ පිරිස අතරින් වැඩිදෙනා විහාරස්ථානයේ දායක දායිකාවන් පමණක්ම නොවන බවද උන්වහන්සේ පැවසුහ. සද්ධාතිස්ස විහාරය, තේම්ස් බෞද්ධ විහාරය, මහමෙව්නා භාවනා අසපුව, ලේච්වර්ත් ධම්ම නිකේතනය, ලුම්බිණී විහාරය, ස්කොට්ලන්ත බෞද්ධ විහාරය, බර්මින්හැම් මහා විහාරය, ජේතවන විහාරය, කේතුමතී විහාරය, හීත්‍රෝ අතුල දස්සන විහාරය ඇතුළු සියලුම විහාරස්ථානයන් දවස පුරාම වන්දනාකරුවන්ගෙන් පිරී පැවති යේය. ඒ හැම දෙනෙකුම ශ්‍රී ලාංකික චාරිත්‍රානුකුලව කැවුම් සහ කිරිබතින් සංග්‍රහ කිරීමටද එම විහාරස්ථානයන්හි දායක දායිකාවෝ පියවර ගත්හ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සන්තෝෂයි..හරිම ලස්සනයි.. හැම දෙනාටම තමන් අදහන ආගමේ නාමයෙන් වාසනාවන්ත සුබ නව වසරක් වේවා (ස)
කොයි රටේ හිටියත් අපේ කම අමතක නොකරන අයට සුබ නව වසරක් වේවා (ස)
බෞද්ධයින් හැටියට අපිට ලොකු ආඩම්බරයක්. (නි)
මම දන්නේ නැති නිසා අහන්නේ මේක අපේ සිංහල අවුරුද්ද නම් අප්‍රියෙල් වල හින්දු අවුරුද්දද තියෙන්නේ ? (ස)
බෞද්ධයෝ කොහොමද කතෝලික අවුරුද්ද සමරන්නේ ? (ස)
සිතාරා ඔයා හරි . මෙච්චර හොඳට සමරලා තියෙන්නේ වෙන අයගේ අවුරුද්දක්නේ (ස)
කවදා හැදෙයිද!!! ආගමික වතාවත් කරන එකට කුහකකම් කරන්නෙපා. සියල්ල දත් අය සේ අදහස් දක්වයි, ඇදමම හොයයි, ඇදම කියති.කවදාවත් තමුන් යහපතක් කරන්නේ නැත. (ස)
විශිෂ්ඨයි (ස)
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා (දී)