ශ්රී ලංකාවේ 65 වන නිදහස් දින සමරු උළෙල ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම නිදහස් දින සමරු උත්සවයට විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ද තානාපති නිලධාරීහු ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සහ සාමි මන්ත්‍රණ මණ්ඩල මන්ත්‍රීවරු ද පොදු රාජ්‍ය මණ්ඩල නිලධාරීවරීහු ද බුද්ධි මණ්ඩල සාමාජිකයෝ ද 180ක් පමණ දෙනෙක් සහභාගී වුහ.
ශ්‍රී ලංකාවේ සෑම අංශයකම සිදුවන සංවර්ධන ප්‍රගතිය ගැන විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා විශේෂ දේශනයක් පැවැත්වීය.
උත්සවය අතරතුරේ සිංහල, ද්‍රවිඩ සහ ඉස්ලාම් සංස්කෘතික අංගයක් ඇතුළත් නැටුම් ගැයුම් ද පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රගතිය විදහා දැක්වූ ඡායාරූප ප්‍රදර්ශනයක්ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ නිදහස් උත්සවය ලන්ඩන් වල ඉන්න සිංහලයන්ට තහනම් දෙයක් ද 180 ක් විතරක් ආවේ. (ස)
රැජිණට ආරාධනා කරලා නැතිව වගේ ... කීවා නම් එතුමියත් එනවා.. එනවාමයි.. අපේ නැටුම් බලන්නන.!(නු)
දකින්නත් ආසයි..!(නු)
පිළිවෙලයි, ලස්සනයි, සංවිධානාත්මක උත්සවයක්.. අපේ ඝාම්භීරත්වය මෙතන තියෙනවා.. සුදුමහත්තරැන්ට නිදහස අපට දීපු එක ගැන ඊරිසියා හිතෙන්න ඇති නේද?(නු)
ඇයි සිංහල දරුවන් ඉදිරියට නොදාන්නේ? (නි)
ඇත්තෙන්ම නෝනිස් මහතා ආදර්ශමත් තානාපතිවරයෙක්.. ස්තුතියි..!(නු)
මේක අපේ නිදහස් උත්සවයද? ජාතික ඇදුමෙන් කවුරුවත් පෙනනෙන්න නැහැනේ..!(නු)
අපෙන් සුභ පැතුම්! (නි)
කවුද නෝනිස් කියන්නේ? (නි)
පේන්නත් එක්ක ඒක හොදයි (දී)
ඒන හොද වැඩක්. ලංඩන්වල ශ්‍රී ලංකිකයෝ ඔච්චරමද ඉන්නේ. සමහර විට එයාලා දන්නේ නැතුව ඇති අපි දැන් නිදහස් ජාතියක් කියලා.(නදී)
මටනම් මේ මොකක්ද කියලා හිතාගන්න බැහැ. මෙතන නිදහසක් සමරන බව පේනනේ නැහැ. ලංකාවේ දුප්පත් මිනිසුන්ගේ බදුවලින් එකතුකරගත් සල්ලි වලින් පාටියක් දාලා වගේ පේන්නේ. කෝ එංගලන්තේ ඉන්න ලංකිකයෝ. හත්අට දෙනෙකුගෙන් සමරන නිදහස මොකක්ද? (නදී)
මම ඉන්නේ ලංඩන්. මෙච්චර කාලෙකට අපි වෙනුවෙන් වැඩකරපු හොදම මනුස්සයා නෝනිස්.
අපේ සිංහල දේශය දිනෙන් දින වැජඹේවා. (ස)
පංකාදුයි. නෝනිස් මහත්තයත් ආදර්ශවත් මහත්මයෙක්. (ස)
නිදහස සමරන්න සුද්දගෙන් නිදහස් වුන එකට. මේ ෆොටෝ වල ඉන්න තරමක් ඉන්නේ සුද්දෝ. හරියට සුද්දන්ගේ නිදහස් උතසවයක් වගේ. අපි තවමත් නිදහස නෑ කියලා තේරෙනවා නේද. සුද්දෝ ගොඩයි. කළු සුද්දෝ ටිකයි. (ස)
කොයිතරම් ලස්සනද ?
ඒ නිදහස් උත්සවය තමයි වැදගත්ම එක (දී)