IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලන්ඩන් අහසේ ලස්සන ගිනි මල් පිපේ

2013 නව වසර පිළිගැනීම සඳහා ලන්ඩන්  නගර සභාව මගින් අති විශාල ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීය.
ලන්ඩනයේ තේම්ස් නදී තීරයේ සුවිශාල ”ලන්ඩන් ඇස” කතුරු ඔන්චිල්ලාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ ගිනිකෙළි සංදර්ශනය දැක බලා ගැනීමට ලන්ඩන් නුවර මේ දිනවල පවතින දැඩි සීතල කාලගුණයද නොතකා ලක්ෂ දෙක හමාරකටත් වැඩි සෙනගක් තේම්ස් නදී ඉවුර අසල එක්රැුස්වී සිටියහ. ගිනිකෙළි සංදර්ශනය අත්‍යාලංකාර වෙඩි 12,500 යොදගත් බව සංවිධායකයෝ කියති. මේ සඳහා වැයවූ මුදල රුපියල් කෝටි 4කි. ගිනිකෙළි සංදර්ශනය සංවිධාන කිරීමෙහි මුලිකත්වය දැරූ ලන්ඩන් පුරපති බොරිස් ජොන්සන් පැවැසුවේ මෙතරම් විශාල සෙනගක් මවිතයට පත්කළ මනරම් ගිනි කෙළි සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන තමන් උද්දාමයට පත්වන බවයි.



අදහස් (0)

ලන්ඩන් අහසේ ලස්සන ගිනි මල් පිපේ

රොෂාන් Thursday, 03 January 2013 06:51 AM

ලස්සනයි , නමුත් මේක ලන්ඩන්වල හැම අලුත් අවුරුද්දකම වෙන දෙයක්. ඒ නිසා විශේෂයක් නෑ (ස)

:       0       0

ජයී තිසර Wednesday, 02 January 2013 03:23 PM

මැදියම් රැයේ ගණඳුර අතරින් නැඟුන ආ‍ලෝකයේ ලස්සන විහිදා පෙනෙන කැමරා ඇසින් අපහට පෙන්වා දුන්න මහත්මට තිස්ස මගෙ ස්තූතිය මෙන්න (ස)

:       0       0

නිත්‍යා Wednesday, 02 January 2013 08:21 AM

ඇත්තෙන්ම හරිම ලස්සනයි (ස)

:       0       0

ජනක Wednesday, 02 January 2013 09:43 AM

මහජන මුදලින්ද කරලා තියෙන්නේ (ස)

:       0       0

හිමාල් Wednesday, 02 January 2013 09:57 AM

ලංකාවේ ඔහොම දෙයක් කරොත් කෝටි 10 ක්වත් ගියා කියාවි (ස)

:       0       0

හේමන්ත Wednesday, 02 January 2013 10:21 AM

අපේ රටේ අය අපිට දීලා තියෙන ගිනිගෙඩි වල හැටියට මේවා මොනවද? (නි)

:       0       0

අචිනි Wednesday, 02 January 2013 10:23 AM

හිමාල් හරියටම හරි. (නි)

:       0       0

දමිත් Wednesday, 02 January 2013 10:49 AM

මේ දවස් ගතකරන්න ඕනෑ පින් කරලා, දන් දීලා, සිල් රැකලා.... ඒකයි මගේ නම් අදහස. (නි)

:       0       0

නිරාන් Wednesday, 02 January 2013 11:05 AM

මේ ගොල්ලෝ ඔක්කොම බයේ හිටියේ 2012 ලෝක විනාසේ වේවි කියලා. එහෙම නොවුන නිසයි දැන් සතුටු‍ වෙන්නේ (ස)

:       0       0

නිරාන් Wednesday, 02 January 2013 11:09 AM

මේ ගොල්ලෝ ඔක්කොම 2012 ලෝක විනාසය වෙයි කියලා බයේ හිටියේ..ඒක නොවීමේ සතුට තමයි මේ සමරන්නේ (ස)

:       0       0

අජිත් Wednesday, 02 January 2013 11:13 AM

ඉතාමත් අලංකාරයි. මෙයට වඩා අපේ රට අලංකාරයි. එංගලන්තයේ ඉන්න අය විදින්නේ ලොකු දුකක්. ඒ දුක ගොඩක් අය පෙන්නන්නේ නැහැ. බොහොම සීතල කාලයක් අපේ රටේ අයට නෙහැ. බොහොමයක් අය නොදන්නවා උනාට ඔවුන්ට ගොඩක් ප්‍රශ්න තියනවා. වෙනසකට තියෙන්නේ ඔවුන් අපිට ප්‍රශ්න කියා ලතවෙවී ඉන්නේ නැතිව ප්‍රශ්න වලට විසදුම් සොයන එක. ඔවුන් උත්සාහවන්තයි. මේ ලැබුවාවූ අලුත් අවුරුද්දේ අපි හැමෝම එකතු වී අපේ පරණ ආකල්ප වෙනස් කර අපේ පුංචි රට ගොඩනගමු. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !(ස)

:       0       0

පියුමි Wednesday, 02 January 2013 11:42 AM

ඇත්තටම ලස්සනයි. ඔබ සැමට සුභ නව වසරක් වේවා! (නි)

:       0       0

චන්දිම Wednesday, 02 January 2013 11:47 AM

අපිට නම් ලැම්බොගිනි එනවෝ.... (නි)

:       0       0

එරංග Wednesday, 02 January 2013 11:51 AM

ලංකාවේ අපි නම් ඉතින් 2012 පුරාම ගිණිකෙළි දැකලානේ තියෙන්නේ. (නි)

:       0       0

එරංග Wednesday, 02 January 2013 11:53 AM

ඉතාමත්ම ලස්සනයි

:       0       0

Krishan Wednesday, 02 January 2013 12:01 PM

මොනවා උනත් හරිම අලංකාරයි (ස)

:       0       0

ලංකාසිරි Tuesday, 01 January 2013 10:05 PM

ලෝකෙ කොහෙ ගිනි මල් පිපුරුවත් පළදාව එන්නේ ලංකාවටනේ..? මෙදා පාර මොන ගිනි ගෙඩි එයිද දන්නෙ නැහැ.. බඩේ ගිනි තමයි ඉවසන්න බැරි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 753 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 568 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site