ගිය වසරේ මැයි මාසයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ වැඩවර්ජනයට එරෙහිව තමන් හදවත් ලෙඩෙකියි කියමින් තහනම් නියෝගයක් ගත් දෙමටගොඩ වේළුවන පාරේ අජිත් සේනකගෙන් රුපියල් කෝටි දෙක හමාරක් ඉල්ලමින් එම සංගමය අද අතුරු ඉල්ලීමක් කෙළේය.
කොළඹ දිසා විනිසුරු අමල් රණරාජා මහතා නඩු විභාගය ලබන 31 වැනිදාට කල් තැබීය.
හෘදයාබාධයක් ඇතැයි කියමින් 2012 මැයි 10 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළු වූ ඔහු වෛද්‍ය උපදෙස් නොතකා රෝහලෙන් පිටවී ගොස් ඇතැයි ද සංගමය කියයි.
වැඩ වර්ජනය අවසන් වූ නිසා තම අතුරු තහනම දික් කර ගැනීමට හෝ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට හෝ ඉල්ලීමක් නොකරන බව අජිත් සේනකගේ නීතීඥ ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා කියා සිටියේය.
වෛද්‍ය සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එස් පර්තලිංගම් මහතා කියා සිටියේ පැමිණිලිකරු නඩු ගාස්තු ගෙවිය යුතු බවයි.
වන්දි ඉල්ලීමේ නඩුව විභාගයට ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
දවසේ නඩු ගාස්තු ගෙවන ලෙස අජිත් සේනකට නියම කළ විනිසුරු වන්දි ඉල්ලීමේ විභාගය මැයි 31වැනිදාට කල්තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සෙට්වෙලා දොස්තරලත හලාල් කරලා වර්ජනය කරමූද ?(නදී)
වෛද්‍ය සංගමය මේ ගැන දක්වපු උනන්දුවෙන්ම අර අත කපපු ළමයටත් කෝටි 100 ක විතර වන්දියක් අරන් දෙන්නකෝ ඒ දොස්තරගෙන් (ස)
මීගමුව රෝහලේදී 6 වැනි තට්ටුවේදී වෛද්‍යවරයෙකු විසින් සිදු කළ දූෂණයේදී මියගිය ඇගලුම් කම්හල් සේවිකාව සම්බන්ධයෛන් දුන් වන්දිය ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියනවද? (නි)
ලංකාවේ M. B. B. S. අය තරම් උද්දච්ච පිරිසක් ලෝකේ කොහේවත් නෑ (ස)
මම කැමතියි අපේ රටේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන නවත්වලා ප්‍රමිති සහගත ලෙස රජයේ රෝහල් පමණක් පවත්වාගෙන යනවා නම් (නි)
එම්.බී.බී.එස්. කියන එකට තේරුම් දෙකක් තියෙනවා. 1 මහත්මා බෝධිසත්ව බුද්ධිමත් සේවය 2 මොළකන බොරුකාර බහිරව සූරාකන්නෝ මේ දෙකින් වලංගු එක තෝරාගැනීම ඔබට භාරයි. (නි)
මටත් පෙනෙන්නේ තහනම් නියෝගය අරන් තියෙන්නේ ඇත්තම ලෙඩකට නෙමෙයි වගේ (ස)
ඉන්දික හරියටම හරි , මමත් එය අනුමත කරනවා. සිසිරගේ කතාවත් හරි. එයාටත් අපේ ප්‍රණාමය (ස)
රටේ ඉහළම රැකියාව කරන්නේ වෛද්‍යවරු. එයාලට විරුද්ධව කතා කරන හැමෝටමත් අන්තිමට යන්න වෙන්නේ වෛද්‍යවරු ළගටම තමයි. (නි)
අත කපපු ළමය දොස්තරට වන්දි ගෙවිය යුතුයි රොහාන් ඒකයි අලුත් විදියට විය යුතුයි (ස)
සනත් ලංකාවෙ කොහෙද සාධාරණය තියෙන්නෙ..!(නු)
ඉදිරි අනාගතයේදී අපිට වෙන අසාධාරණ වලට මෙහෙමවත් විරෝධතා තියන්න බැරි වේවි. (නි)
දර්ශන, දොස්තර මහත්වරු නිසා බේරෙන ගණන මැරෙන ගන්නට වැඩ වැඩියි. මැරෙන්න බෙහෙත් කරන අය ඉන්නවනම් නඩු දාන්න. කුහක කම පෙන්නන්න එපා. (නු)
ඉලේපෙරුම ඔයා කොහොමද හරියටම දන්නෙ දඩුවම් දෙනවද නැතිද කියල ? ඔය ඒකෙද වැඩ කරන්නෙ ? දන්නෙ නැති දේ කතා කරන්න එපා. අඩු ගන්නේ නීති මොනවද කියලවත් මෙතන බනින අය දන්නවද ? හැමදෙනාම එක එක දේ කිව්වත් තමන්ගේ අසනීප වලට බෙහෙත් කරපු බව මතක නැහැ. ඔය වෙන රටවල් ගැන කතා කරන මහත්වරුනේ මෙහෙත් වෙලාවට වැඩ කරන ක්‍රමයක් ගේමුද එහෙනම්? (නු)
නිදහස් අද්‍යාපනය නැති කරල සල්ලි තියෙන අයට විතරක් ඉගෙන ගන්න පුළුවන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගේමු..!(නු)
ඈත්තටම ඔයාලගේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටිය කිසිකෙනෙක් වෛද්‍යවරයෙක් බෙරගෙන නැතිද? එ බේරගත් ජිවිතයක වටිනකම මිලකරන්න පුලුවන් ද?(නු)
දොස්තරලාගේ වැඩ ගැන අහන්න හෙදියන් ගෙන් සහ අනෙකුත් සේවකයන්ගෙන්.. එයාලා කියලා දෙයි..!(නු)
ලෙඩුන්ට අයිතිවාසිකම් නැද්ද? හෘද රෝගියෙක් නේද? ලෙඩුන්ට මෙහෙමද සලකන්නේ.(නදී)
දොස්තරලා හිතාගෙන ඉන්නේ රටේ තියෙන ඉහළම රස්සාව කරන්නේ එයාලයි කියලා. (නි)
ජනතාව සමග හැප්පෙන්නෙ නැතුව තමන්ගේ වෘත්තීය ගරුත්වයත් රැකගෙන ප්‍රසන්නව ඉන්න බලන්න. (නි)
වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ලෙන් නැතිවු අහිංසක මිනිස් ජීවිත වලට කවුද වන්දි දෙන්නේ? (නි)
පැමිණිල්ල පැහැදිලි මදි. (නි)
අජිත් ඉල්ලගෙන කාලා වගෙයි. (නි)
කියලා වැඩක් නැහැ රොහාන්. අත කපලා දාන්න කටයුත් සිදුකළ වෛද්‍යවරයාගෙන් කෝටි 100ක් ඉල්ලලා නඩුවක් දාන්නයි තියෙන්නෙ. වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලීම කෝටි දෙක හමාරක් වන්දි ගෙවිය යුතු වරදක් නම්, අත කැපුවට ඒ ගණන අසාධාරණ නැහැනෙ. (නි)
පඩයක් ගියත් නඩු දාන අයට ඔහොම තමයි කරන්න ඕනේ.(නදී)
ලංකාවේ කොන්දොස්තරලාටත් අන්ත දොස්තරලා ඉන්නවා. සල්ලි, සල්ලි,සල්ලි කිසිම මනුස්සකමක් දන්නේ නැහැ. ඒ වුනාට උගන්නන්න වියදමි කලේ රජයෙන්.(නදී)
අර අත කපපු ළමයට වන්දි දෙන්නේ කවිද?(නදී)
මහජන මුදල් වලින් ඉගෙනගෙන එම මහජනයාම අපහසුතාවයට පත්කරමින් එම සංගමය වන්දි ඉල්ලිම ලැජ්ජා සහගත ක්‍රියාවකි. මොනතරම් දීමනා රජයෙන් දීලා තිබෙනවාද? ඉන්ධන ගාස්තු ,දුරකතන දීමනා, තීරුබදු රහිත වාහන දීමනා ඔබතුමන්ලා වැඩ වර්ජනයෙ යෙදෙනකොට මහජනයා කොපමණ අසරණ වෙනවාද ?ඔය සංගමයේ කීදෙනෙන් චැනල් සේවයේ යෙදී කීයක් හම්බකරනවාද?ඇත්තෙන්ම අප රටේ ආදායම් බදු දෙපාර්තමේන්තුව මොකද කරන්නේ? පුද්ගලික රෝහල්වල කීදෙනෙක් වැඩ කරනවාද කියලා බලන්නේ කවුද? පුද්ගලික දොස්තර විදුහල් රටේ අනිවාර්යෙන්ම බිහිවිය යුතුයි. එතකොට තමා ඉල්ලුමට සැපයුම තිබෙන්නේ.ඒකාධිකාරිය බිද වැටෙන්නේ.එදාට හොද සේවයක් රටේ මහජනයාට ලැබේවි. (නි)
කවදාවත් වතුර ඉහලට ගලන්නේ නැහැ. හැමදාමත් වතුර ගලන්නේ පහලට.(නදී)
මාතර රෝහලෙන් ප්‍රතිකාර ගනිද්දී වෛද්‍ය නොසැලකිල්ල නිසා අත කපා දැමීමට සිදු වූ නීති ශිෂ්‍යාවට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගේ එම වෘත්තීය ෙනාසැලකිල්ල ගැන වෛද්‍ය සංගමය මොනවද කර තිබෙන්නේ. වෛද්‍ය වෘත්තීය නොසැලකිල්ල ගැන ලැබෙන පැමිණිලි යට ගැසීම මෙරට සාමාන්‍ය ෙදයක්. ඒංගලන්ත්යේ වෛද්‍ය සභාව නම් වෛද්‍ය වෘත්තීය නොසැලකිල්ල ගැන ලැබෙන පැමිණිලි ගැන සොයා බලා සාධාරණය ඉෂ්ට කරනවා. (නදී)
සනත්ගේ කීම හරි. ඔක්කොම එකතු වෙලා අත කපපු දොස්තරට කෝටි සීයක විතර නඩුවක් දාන්න ඕනේ.(නදී)
කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව මතක් වුණා. (නි)
කොසොල් රජු දුටු සිහින සැබැ වෙන කාලයයි මේ (ස)
මහජනයා මහජන මුදල් වලින් ඉගෙන ගනී ? (නි)