ඇවිද ගැනීමට නොහැකි වයස අවුරුදු හයක සහ අවුරුදු දෙකක දරුවන් දෙදෙනකු මව නොමැතිව ජීවත් කරවන 28 හැවිරිදි පියෙක් පල්ලේපොළ පහලගම රුසිගම සිටී.
ඔහු බී.ජී. නිස්සංක ප්‍රේමසිරි මහතාය. දරුවන් දෙදෙනා ජීවත්කරවීමට ඇති ආර්ථික දුෂ්කරතා නිසා ඔහුගේ බිරිද කේ.ජී.රසිකා ශ්‍රියාණි (23)සෞදි අරාබියාවේ ගෘහ සේවයට ගොස් සිටින්නීය.
සිය පියාගේ නිවසෙහි කුඩා කාමරයක පදිංචි වී සිටින ප්‍රේමසිරි දරු දෙදෙනා වෙනුවෙන් සිදු කරනා කැප කීරීම අදහා ගැනීමට නොහැකිය.
ඔවුන්ගේ කැදැල්ලට පැමිණි පළමු දියණිය තරුෂි නිසංසලා (06) අවුරුදු දෙක තුනක් යන තුරු කෙළිදෙලෙන් දුව පැන ඇවිද්දාය.එකවරම දෙපාපණ නැති වු ඇය කතාකිරීමටද නොහැකිව සිරුර අප්‍රාණිකව සිටින්නීය.
ඔවුන්ගේ දෙවැනි දරු වූ දේශාන් කාවින්ද පුතාද යන්තමින් වසර දෙකට පා තබයි. එතෙක් හොදින් සිටි එම දරුවාද සිය වැඩිමහල් දියණියට වැළදුණ රෝගයට ගොදුරු වෙමින් සිටී.
ඔවුන් දෙදෙනා සමග ජීවත්වන නිස්සංක තම පවුලටසිදු වු විපත ගැන මෙසේ කීය.
‘‘අපි හිතුවේ නැති දෙයක් සිද්ධ වුනේ දරු දෙන්නම එක් තැන් වුණා.මේ දෙන්නා සුව කරගන්න අපි හරියට මහන්සි ගත්තා.ඒත් වෛද්‍යවරුන් කියන්නේ ලෙඩේ සොයාගන්න බෑ කියලා.මේ දෙන්නට පිටි කිරි ගන්නවත් විදියක් නෑ.දරුවෝ දෙන්නම මගේ බිරියට විතරක් බලා ගන්නට බෑ පුළුවන් විදියට දරු දෙන්නා ජීවත් කරවන්නයි බිරිය රට ගියේ.මම දැන් මේ දෙන්නාගේ සියලු වැඩපල කරලා කන්න දීලා බලාගන්නවා.
නංගි හරි අම්මා හරි දරු දෙන්නා ළග නවත්තලා දවසක් කුලියට යනවා.ඒ මුදලින් දවස් දෙක තුනක් ජීවත් කරවනවා.මේ දෙන්නා හෝදලා, නාවලා, කවලා පෙවලා බලාගෙන ඉන්නවා.අපිට කියලා ඉන්න ගෙයක් නෑ. ගේ හදන්න අඩිතාලම දැම්මා බිරිය රට යනකොට දීපු සල්ලි ටිකකින් දැන් එයාටත් හරියට පඩියක් ලැබෙන්නේ නැහැ.මගේ දරු දෙන්නාට හොද කරලා දෙන්න කවුරුහරි ඉදිරිපත් වෙනවානම් බුදු බව අත්වේවි.මේ දෙන්නට දෙන්න කියලා තියෙන කරි වර්ගය හරි මිලයි. මම කන්නේ බොන්නේ නැතිව මේ දෙන්නට සලකනවා.මගේ රත්තරං දරුවන් නැගිටුවා ගන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව.‘‘
ඔහුගේ ලිපිනය -බී.ජී.නිස්සංක ප්‍රේමසිරි,රුසිගම,පහළ ගම,පල්ලේපොල.දුරකථන අංකය 071-59 73 078, ලංකා බැංකුව - පල්ලේපොළ,ගිණුම් අංකය 8490042 එම්.ජී.කුසුමලතා යන නමට ගිණුම ඇත. (ඒ ඔහුගේ මවයි.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු ගිණුම් අංකය ඉදිරිපත් කරන්න (ස)
ගිණුමේ නම කලින් සඳහන් නොවීම නිසා මම සල්ලි එව්වේ ඔහුගේ නමට. ලංකා බැංකුවෙන් එම ගිණුමට බැර කරන ලෙස ඉල්ලා සිටිමි.(ස)
මට පුළුවන් හැකි පමණින් මේ පවුලට උදවු කරන්නම්. (නි)
මමත් ආධාරයක් යැව්වා. ඒක ලැබුනද කියල දැනගන්න ක්‍රමයක් තිබුණානම් හොදයි (ස)
කරුනාකර බැංකු ගිණුම් වාර්තා පළකරන්න. (නි)
නියම මනුෂ්‍යයෙක්.පියෙක් . ඔබට ජය! (ස)
අපි හැමෝම උදවු කරමු. (ස)
දිරිය මවක්, දිරිය පියෙක් (දී)
අනේ ඒ පියා තමයි අසරණ උනේ (දී)
කලින් කෑගහපු අයට මොකද හිතෙන්නේ උත්තර දෙන්න පුළුවන්ද ? (ස)
අපි හැමෝම හැකි පමණින් මේ පවුලට උදව් කරන්න ඕන. (ස)
දරුවන්ට ගිනිතියන පියවරුන් සිටින කාලයක ඔබගේ කැපවීම අගය කරනවා (ස)
අනේ කරුණාකරලා මෙයාගේ බැංකු ගිණුම් අංකයයි විස්තරයි පළකරන්න. (නි)
බැංකු ගිණුම් හා විස්තර දන්වන්න (ස)
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.... (නි)
අම්මේ රට යන්න එපා, (දී)
මේ පුවත බලන සියලු දෙනාම රුපියල් සියය බැගින් යවනවා නම්... (නි)
මේ වගේ ළමයින්ට අම්මා ළග ඉන්නම ඕනෑ. අපි කවුරුත් උදවු කරමු. (නි)
සියලු දෙනාටම තෙරුවන් සරණයි! ඉක්මන් සුව ලැබේවා! (නි)
කරුණාකර ඔවුන්ට උදවු කරන්න. (නි)
මේ වගේ පිරිමින්ට තමයි රජය විසින් කොරියන් රැකියා අවස්ථා ලබාදෙන්න ඕනෑ. (නි)
අපි මොවුන්ට පිහිට වෙමු. මෙම ප්‍රදේශයේ තිබෙන තරුණ සංවිධානයක්වත් ඉදිරිපත් වෙනවා නම් ඒ අයට උදවු කරන්න, අපේ අය උදවු කරනවා. (නි)
දරුවන් ගැන නම් ඇත්තෙන්ම හරිම දුකයි. වරද කොතැනද? සිතීම ඔබට භාරයි. (නි)
ඉතා සංවේදී දසුනක්. අසරණ වුණු අහිංසක මල් කැකුළු දෙකක්. ඔබ දෙදෙනාටම ඉක්මන් සුවය පතමි. (නි)
මෙන්න කට්ටියට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා හැකි පමණින් උදවු උපකාර කරන්න. (නි)
ඔන්න නියම තාත්තලා. (නි)
අනේ ඉක්මණට කවුරුන් හෝ වේවා, පිහිට වෙන්න. (නි)
අපි අනුකම්පා කර කර ඉන්නේ නැතිව අපි ඒ මිනිස්සුන්ට පිහිටක් වෙමු (දී)
ජීවිතය කියන්නේ මෙන්න මේකට (දී)
1630ක් මේක කියවලත් කිසිම අදහස් නැතිව ඉන්න එක හරි පුදුමයි.. (නු)
තාත්තේ ඔබ දෙවි කෙනෙක් (දී)
ලංකාදීප කරුණාකර මේ ළමයින් වෛද්‍යවරයකුට යොමු කරන් බැරිද? මම බංගලාදේශයේ ඉන්නේ වෛද්‍යවරයකු සොයාගැනීමට නොහැක.. මේක හොදකරන්න පුළුවං නම් මම කැමතියි උදව් කරන්න.. මේ ළමයින්ට..(නු)
මේ විස්තර හරි නේද අපිට සල්ලි යවන්න? (නි)
මේරි ඔයා මේ ලිපිය කියෙවුවේ නැද්ද, ගිණුම් අංකය සහ විස්තර ඉල්ලන්නේ. (නි)
මමත් ආධාරයක් දැම්මා. නමුත් ඒවා ලැබුණාද කියලා අපි දැනගන්නේ කොහොමද? (නි)
අපි අනිවාර්‍යයෙන්ම උදවු කරනවා (ස)
සනත්, ඔබ කියන කතාව හරි. මමත් කියන්නේ මේ වගේ තරුණ පවුල් වලට අත දෙන්න වගකිවයුත්තෝ පෙරමුණට ආ යුතුයි. (නි)
අවුරුදු 16න් බදිනකොට හිතන්න තිබුණා. (ස)
කෙනත්, අපි මේ ළමයි දෙන්නට උදවු කරමුද ? (නි)
ඒ මව කල දේ හරිද ? (දී)
අයියෝ අසරණ මව (දී)
මෙම තොරතුරු අපිට ලබාදුන්නාට ස්තූතියි. (නි)
උදවු කරපු සියලුම දෙනාට යහපතක්ම වේවා! මේ දරු දෙන්නට කරන ලොකුම උපකාරය තමයි එයාලගේ අම්මාව ඉක්මනට ගෙන්නලා දෙන එක. කවුරු හෝ ඒ සඳහාත් කටයුතු කරන්නේ නම් ඉතා වටිනවා. (නි)
මේ අසරණ දරුවන් වෙනුවෙන් රටයන්න සිදු වුණ අම්මාව ගෙන්නලා මේ පවුලටත් සහනයක් සැලසීම දිවි නැගුම වැනි නොයෙකුත් රැඟුම් වල අර්ථය වෙන්න ඕනෑ නේද? බේදවාචකයක් වුණාම කම්පා වෙලා අනුකම්පා ආධාර දීලා පලක් නැහැ. දැන් රිසානාගෙ පවුලට සියල්ලම තියෙනවා. ඒත් රිසානා නැහැ. මේ වගේ තව පවුල් බොහෝ තියෙනවා. වගකිවයුත්තන්ගේ ඇස් යොමුවේවා! (නි)
මේ වගේ අසරණයෙකුට පිහිට වෙන්න කතාකරන්න කවුරුවත් නැහැ. (නි)
මම මෙය කියවන විට 9480 දෙනෙක් මෙය කියවා ඇත. අඩුගානේ රුපියල් 100 වත් දුන්නොත් ලොකු ගානක්.. මමත් දැන්ම සල්ලි දානවා.. මේ අයට උදව් කරන අයට ඉතා ඉක්මනින් සුභදායක ආරංචියක් ලැබෙයි.. ඔබ සැමට ලොතරයි දිනුම් ලැබේවා.!(නු)
මට පුළුවං 3000ක් ගිණුමට දැම්මා.. ඔබටත් දරු දෙදෙනාටත් බුදු සරණයි.. ඉක්මන් සුවය ලැබේවා..!(නු)
ඔබ අපිට ආඩම්බරයක් ( දී)
තම දරුවන්ව ලිංගික ගොදුරු බවට පත්කර ගන්නා පියවරුන් සිටින රටක ඔබ ඉතා උතුම් පියෙකි. (නි)
මේ සමාජ ක්‍රමය වෙනස් විය යුතුයි. දුප්පතුන් තාලා පෙලා දමන එක නවතින්නේ කවදද ? (ස)
දරුවන් මහමග මරා දමනා දෙමවුපියන්ට ඔබ ආදර්ශයක් (දී)
දරු සෙනෙහසක තරම. (දී)
දිරිය පව්ලක්. අපිත් පිහිට වෙමු (දී)
අශෝක දුරකථන අංකය හරි මමත් ඇමතුමක් දුන්නා..(නු)
මම මට පුළුවන් උපරිම අයුරින් මුදල් ආධාරයක් කළා. ඔයගොල්ලොත් පුලුවන් නම් උදව් කරන්න. (නි)
හැකි හැමෝම මොවුන්ට උදවු කරන්න. අපිත් උදවු කරනවා. (නි)
බොදු බල සේනාව මේ පවුලට යමක් කළා නම් නේද හොද? (නි)
සංවේදී කතාවක් (දී)
අපි හැමෝම උදවු කරමු. (නි)
මේ ප්‍රවෘත්තිය අපට ලබා දීම ගැන මම ලංකාදීපයට ගෞරවාන්විත ස්තුතිය පල කරන ගමන්ම අපි හැමෝම එකතුවෙලා උදව් කරමු. හැබැයි මේක මුලිකත්වය අපේ ලංකාදීපය ගත්තොත් හොදයි. (ත)
හරිම දුකයි (ස)
පියාණෙනි ඔබට තව තවත් ශක්තිය ලැබේවා (දී)
මම දුරකථන ඇමතුමක් ගත්තා . නමුත් එය වැරදියි (ස)
අනේ හරිම දුකයි. දරු පැටවුනේ ඔයාලට සුව වෙනවා. දෙවියන් වහන්සේ ඔයාලා දිහා බලයි. මමත් සල්ලි එවන්නම්. (ත)
ඇයි මේ පුද්ගලයාට මොකක්හරි රැකියාවක් කරලා හම්බ කරන්න බැරි? (නි)
උහුලන්න පුලුවන්ද මේ දුක (දී)
බොදු බල සේනාවේ ගෞරවනීය ස්වාමීන් වහන්ස, ක්‍රියාකාරී සාමාජික සහෝදරවරුනි, සැබෑ ලෙසම බෞද්ධකම ගැන කැක්කුමක් තියෙනවනම් මේ දරුවො දෙන්නගේ ජීවිත බේර ගන්නත් වහාම දරුවන්ගේ මව නැවත ගෙන්වා ගෙන ඔවුන්ට ආර්ථික පීඩනයෙන් මිදෙන්න යමක් කරන්න නායකත්වය ගන්නා මෙන් මම ඉල්ලා සිටිනවා. උදව් කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඔබලා කල යුත්තේ ඒ සඳහා යම් වැඩපිලිවෙලක් සැකසීම පමණි. තෙරුවන් සරණයි! (ස)
ඔන්න කරනවා නම් පින් සිදුවෙන වැඩ. (නි)
අපිත් පුළු පුළුවන් හැටියට උදව් කරමු (දී)
ඒ පියා අසරණ උනා (දී)
උත්සහ වන්ත පව්ලක් (දී)
සිහින ඔක්කොම බොද වෙලා (දී)
අම්මත් පව්, තාත්තාත් පව්, (දී)
මෙහෙමෙ දේවල් දකින්න ලැබෙන්න එපා (දී)
අනෙ කවුරුත්ම නැද්ද මේ දරු දෙදෙනාව සනිප කරන්න. (නි)