ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී එම්.ජි චමින්ද කුමාර මහතාට පහර දී මරණිය තර්ජන එල්ල කළැයි රෝහලේ කණිටු සේවකයකු ඇතුළු පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලීසිය කියයි.
දිගින් දිගටම රෝහලේ සිදුවන අනිසි ක්‍රියාවන්ට තමන් විරුද්ධවීම හේතුවෙන් මෙම පහරදීම හා මරණිය තර්ජනය එල්ල කළ බව වෛද්‍ය අධිකාරීවරයා පොලීසියට කළ පැමිණිල්ලේ සදහන් වෙයි. සැකකරුවන් ලග්ගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් රජයේ රෝහල් වල දොස්තරලා, නර්ස්ලාට වැඩිය ඇටෙන්ඩන්ලා, සිකුරිටිලා ගාණට වැඩියි. (නි)
රජයේ රෝහල් වල ඉන්න කොයි කවුරුත් ඉන්නේ මහ ගෙම්බර් දාගෙන. (නි)
බලාගෙන දොස්තර මහත්තයෝ. සේවකයා පොඩි වුණත් දේශපාලන බලවතෙක්ද දන්නෙ නැහැ. (නි)
දැන් මිනිස්සුන්ව මරනවා කියන්නේ හරියට වතුර බොනවා වගේ (දී)
අයියෝ සල්ලි (දී)
මනුස්ස ජිවිතයක් නැතිවෙන්නයි යන්නේ, ආරක්ෂා කර ගන්න (දී)