ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ තුන් ඉරියව් ක‍්‍රීඩිකා ඒෂානි ලොකුසූරිය අන්තර්ජාතික ක‍්‍රිකට් සභා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට නම් කරනු ලැබ ඇත. ශ්රී ලංකා ක‍්‍රීඩිකාවක් ලෝක කාන්තා ක‍්‍රිකට් පිලට ඇතුළත් වූ පළමු අවස්ථාව ද මෙය වේ.
ඉන්දියාවේදී ඊයේ (17) අවසන් වූ දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව නම් කළ ලෝක කණ්ඩායමේ අංක හය පිතිකරු ස්ථානය ඒෂානි ලොකුසූරියට හිමිව තිබේ.
ක‍්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් යුත් ලෝක කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකාව ලෙස නාවසීලන්ත ක‍්‍රීඩිකා සූෂි බේට්ස් නම් කර තිබේ. මෙම කණ්ඩායමට ඕස්ටේ‍්‍රලියානු සහ එංගලන්ත ක‍්‍රීඩිකාවෝ සිවුදෙනෙක් බැගින් ඇතුළත්ව සිටිති. බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩිකාවන් දෙදෙනකු ද කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
ලොකුසූරිය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට සහ ඉන්දියාවට එරෙහිව අර්ධ ශතක දෙකක් රැස්කරමින් ශ්‍රී ලංකා පිල පෙරළිකාර කණ්ඩායමට බවට පත්කිරීමට සමත් වූවාය.
ලෝක කාන්තා ක‍්‍රිකට් පිල: (පන්දුවට පහර දෙන අනු පිළිවෙළට)..
සූෂි බේට්ස් (නායිකා - නවසීලන්ත), චාලට් එඞ්වඞ්ස් (එංගලන්තය), රිචෙල් හේන්ස් ( ඕස්ටේ‍්‍රලියාව), ස්ටෙෆෙනි ටේලර් (බ.ඉ.කො.), ඩිනේන්ද්‍ර ඩොටි (බ.ඉ.කො.), ඒෂානි ලොකුසූරිය (ශ්‍රී ලංකාව), ජොඩි ෆිල්ඞ්ස් (කඩුලූ රකින්නිය - ඕස්ටේ‍්‍රලියාව), කැතරින් බි‍්‍රන්ට් (එංගලන්තය), හොලි කොල්වින් (එංගලන්තය), ඇනියා ශරුබ්සොලි
(ඕස්ටේ‍්‍රලියාව), මෙගාන් ස්ෂූට් ( ඕස්ටේ‍්‍රලියාව) සහ හොලි ෆර්ලින් (12 වැනි ක‍්‍රීඩිකාව - ඕස්ටේ‍්‍රලියාව)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ළමයෙක් මේකට තෝරාගත්ත එක ගැන සතුටුයි. (නි)
සූභ පැතුම්! (නි)
අල්ලපු රටේ කවුරුවත්ම නැද්ද? (නි)
ඔයා දැන් ලොකු ළමයෙක්. සුභ අනාගතයන් නංගී.(නදී)
අපේ කෙල්ලන්ටත් කීයක් හරි හොයාගන්න. පටන්ගන්නකෝ කාන්තා අයි.පී.එල් එකක්.(නදී)
සිරියාවන්ත කෙළි පොඩිත්ත. (නි)
සුභ පැතුම්! (නි)
ජයවේවා සන්තෝසයි (දී)
තව මේ වගේ එක්කෙනෙක් හිටියා නම් කප් එන ගන්න තිබුනා.(නදී)
අපිට ආඩම්බරයි. ඔබට සුභපැතුම්.(නදී)
අපේ අර්ජුනට සුභ අනාගතයක්.(නදී)
තරගය කවදද? ලෝක පිල සහ අනුශුරයන් අතරේ නෙවෙයිද තරගය? (දී)
නියමයි. (නි)