ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ උප නායිකාව ලෙස ලෝක ක‍්‍රිකට් පිලට ද ඇතුළත්ව සිටින තුන් ඉරියව් ක‍්‍රීඩිකා ඒෂානි ලොකුසූරිය පත්කර තිබේ. ශෂිකලා සිරිවර්ධන තව දුරටත් නායිකාව ලෙස කටයුතු කරන්නීය.
ලෝක අනුශූර බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව මේ මස 22 වැනිදා රංගිරි දඹුල්ල ජා්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහ 14 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ආරම්භක පිතිකරිනී යශෝධා මෙන්ඩිස් ආබාධයකට ලක්වීම නිසා හිටපු නායිකාවක් මෙන්ම ආරම්භ පිතිකාරියක් වන චමරි පොල්ගම්පොළ සංචිතයට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතය:
ශෂිකලා සිරිවර්ධන (නායිකාව), ඒෂානි ලොකුසූරිය (උප නායිකාව), චමරි අතපත්තු, චමරි පොල්ගම්පොළ, ඩිලානි මනෝදර, ඩිලානි මනෝදර, සඳමාලි දොළවත්ත, චමනි සෙනෙවිරත්න, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේෂිකා ප‍්‍රබෝදනී, ප‍්‍රසාදිනී වීරක්කොඩි, දීපිකා රසාංගිකා, ඉනෝකා රණවීර, නිපුනි හංසිකා සහ රංගිකා ප‍්‍රනාන්දු
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් මට්ටමින් කාන්තා ක්‍රිකට් දියුණු කළොත් මීටවැඩිය හොද තත්ත්වයක් උදාවේවි. (නි)
සුභ පැතුම්! (නි)