දෙහිවල පදිංචි දුරකතන ව්‍යාපාරිකයින් දෙදෙනෙකු රුපියල් හැටපන් ලක්ෂයක රට සල්ලි යට ඇඳුම් අස්සේ සගවාගෙන සාජා සහ ඩුබායි යාමට කටුනායක ගුවන් තොටට පැමිණ රේගු පිවිසුම පසුකරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීයයි.
අත්අඩංගුවට ගත් විදේශ මුදල් අතර යූරෝ තිස් දෙදාස් හාරසීයක්, ස්විස් ෆ්‍රෑන්ක් තුන්දාස් දෙසීයක්, කැනේඩියානු ඩොලර් දෙදාස් නවසිය පනහක් සහ හොංකොං ඩොලර් දෙදාස් නවසීයක් තිබූ බව රේගුව කියයි.
මොවුහු කිහිපවරක් ඩුබායි, සාජා සහ ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කර ඇති බව හෙලි වී ඇත. රේගු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන්ගේ ගමන් විලාශය මත ඇතිවූ සැකයක් මත පරික්ෂා කිරීමෙන් අනතුරුවය.
මේ පිළිබද විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ අධීක්ෂනය යටතේ කටුනායක ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත රේගු අධිකාරී එල්.පී ආරියරත්න මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, චන්දිම කරුණාරත්න, උපුල් ඉන්ද්‍රජිත්, නුවන් බංඩාර, සොනාලි ලොකු බාලසූරිය, දිමුත් ප්‍රසන්න, අසංක ප්‍රියදර්ශන, නිශාන්ත ජයසිංහ සහ හසන්ත කෞෂල්‍ය යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් ගුද ප්‍රශ්නයක්ද? (නි)
අයියෝ! සල්ලි සුවදයි නේද? කටිටිය හොදට ඉඹලා.(නදී)
බැලුවද කොළ ටික හොදට හොර සල්ලිද කියලා? (නි)
කණිෂ්ක, කරුණාකරලා වැදගත් විදියට ප්‍රතිචාර දාන්න. එක්කෝ ඒක අගය කරන්න.(නදී)
සල්ලි ගනන් කරලා අත හෝදගන්න. යට ඇ‍්දුමේන් ගත්ත නිසා සුවද ඇති.(නදී)
12 දෙනෙක් මේක පරික්ෂා කරනවා. ඊට පස්සෙ ලොකුම හොරු ටීක සද්ද නැතිව ඇතුළට යනවා. මොකද එයාපෝට් එකේ ඉන්නේ ඔක්කොම නිළධාරී එතනනේ. (නි)
කීයක්හරි හොයාගන්න දෙයියනේ කියලා හැදුවා විතර වෙන්න ඇති. (නි)
මෙවැනි දේවල් වලට තදින් පියවර ගන්න. (නි)
අල්ලන කෝටි ගණන් මුදල්, ටොන් ගණන් රත්තරන් වලට මොකද වෙන්නේ? (නි)
අම්මෝ! හිනාව.. (නි)
කණීෂ්ක නම් ඒ සුවද හොදට හදුනනවා වගෙයි. (නි)
රේගුවේ දොළොස් දෙනෙක් මෙතන හිටියදී ලොකු හොරු දොළොස් දෙනෙක් මාරුවෙන්න ඇති ගාණට. (නි)