දෙහිවල පදිංචි දුරකතන ව්‍යාපාරිකයින් දෙදෙනෙකු රුපියල් හැටපන් ලක්ෂයක රට සල්ලි යට ඇඳුම් අස්සේ සගවාගෙන සාජා සහ ඩුබායි යාමට කටුනායක ගුවන් තොටට පැමිණ රේගු පිවිසුම පසුකරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීයයි.
අත්අඩංගුවට ගත් විදේශ මුදල් අතර යූරෝ තිස් දෙදාස් හාරසීයක්, ස්විස් ෆ්‍රෑන්ක් තුන්දාස් දෙසීයක්, කැනේඩියානු ඩොලර් දෙදාස් නවසිය පනහක් සහ හොංකොං ඩොලර් දෙදාස් නවසීයක් තිබූ බව රේගුව කියයි.
මොවුහු කිහිපවරක් ඩුබායි, සාජා සහ ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කර ඇති බව හෙලි වී ඇත. රේගු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන්ගේ ගමන් විලාශය මත ඇතිවූ සැකයක් මත පරික්ෂා කිරීමෙන් අනතුරුවය.
මේ පිළිබද විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ අධීක්ෂනය යටතේ කටුනායක ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත රේගු අධිකාරී එල්.පී ආරියරත්න මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, චන්දිම කරුණාරත්න, උපුල් ඉන්ද්‍රජිත්, නුවන් බංඩාර, සොනාලි ලොකු බාලසූරිය, දිමුත් ප්‍රසන්න, අසංක ප්‍රියදර්ශන, නිශාන්ත ජයසිංහ සහ හසන්ත කෞෂල්‍ය යන නිලධාරීහු සිදුකරති.
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලක්ෂ හැටපහක් යට ඇඳුමෙන් එළියට
දෝහා Saturday, 16 February 2013 10:14 PM
මේකත් ගුද ප්‍රශ්නයක්ද? (නි)
නිෂාන් Sunday, 17 February 2013 01:22 AM
අයියෝ! සල්ලි සුවදයි නේද? කටිටිය හොදට ඉඹලා.(නදී)
බන්දුල Sunday, 17 February 2013 02:00 AM
බැලුවද කොළ ටික හොදට හොර සල්ලිද කියලා? (නි)
පෙරේරා Sunday, 17 February 2013 04:27 AM
කණිෂ්ක, කරුණාකරලා වැදගත් විදියට ප්‍රතිචාර දාන්න. එක්කෝ ඒක අගය කරන්න.(නදී)
කණිෂ්කා Saturday, 16 February 2013 04:59 PM
සල්ලි ගනන් කරලා අත හෝදගන්න. යට ඇ‍්දුමේන් ගත්ත නිසා සුවද ඇති.(නදී)
රොෂාන් Saturday, 16 February 2013 05:08 PM
12 දෙනෙක් මේක පරික්ෂා කරනවා. ඊට පස්සෙ ලොකුම හොරු ටීක සද්ද නැතිව ඇතුළට යනවා. මොකද එයාපෝට් එකේ ඉන්නේ ඔක්කොම නිළධාරී එතනනේ. (නි)
ලලිත්-කටාර් Saturday, 16 February 2013 05:24 PM
කීයක්හරි හොයාගන්න දෙයියනේ කියලා හැදුවා විතර වෙන්න ඇති. (නි)
අනිල් Saturday, 16 February 2013 05:58 PM
මෙවැනි දේවල් වලට තදින් පියවර ගන්න. (නි)
තිලක් Saturday, 16 February 2013 07:06 PM
අල්ලන කෝටි ගණන් මුදල්, ටොන් ගණන් රත්තරන් වලට මොකද වෙන්නේ? (නි)
තුෂාර Saturday, 16 February 2013 07:28 PM
අම්මෝ! හිනාව.. (නි)
කිවි Saturday, 16 February 2013 07:29 PM
කණීෂ්ක නම් ඒ සුවද හොදට හදුනනවා වගෙයි. (නි)
ගාමිණී Saturday, 16 February 2013 08:19 PM
රේගුවේ දොළොස් දෙනෙක් මෙතන හිටියදී ලොකු හොරු දොළොස් දෙනෙක් මාරුවෙන්න ඇති ගාණට. (නි)