වැල්ලව ඇතිලියාගොඩ දී මරා දැමූ පුද්ගලයා කුරුණෑගල යත්තම්පලාවේ පොලී මුදලාලි කෙනකුවන නිලන්ත පෙරේරා (43) බව පොලිසිය කියයි. එක්දරු පියකුවන ඔහු පසුගිය නොවැම්බර 11 වැනිදා සිට නිවසින් අතුරුදන් වී සිටි බව කියති. කිතුල් පොල්ලකින් ගසා ඔහු මදා දමා ඇත්තේ ඔහුගෙන් රුපියල් දෙලක්‍ෂයක් සල්ලි පොලියට ගත් අයෙකියි පොලිසිය සැකකරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපිල ඔයා හරි. කෝලිත මානසික රෝගියෙක්. මිනිහා මොකට කොහොම අදහස් දාන්න ඕනෑ කියලා දන්නෙවත් නැහැ. එහෙම මිනිහෙක්ගෙන් රටට ඇති වැඩකුත් නැහැනේ? පිස්සු මිනිහෙක් කියලා අල්ලලා දාමු. පව්. (නි)
ලංකාවේ හැටියට නම් වැරදිකාරයා මැරුණු කෙනායි. (නි)
වැරදි කළොත් දඩුවම් ලැබේවි. (නි)
කෝලිත, ඔයා කෙහෙද යන්නේ මල් පොල් වගේ කතානේ කියන්නේ (ස)
කපිල දඅං ලංකාවෙ ඉන්න මිනිසුන් ඒකනේ කරන්නෙ හැම දේටම.. (නු)
මෙන්න පොළියට දෙන අයට හොද පාඩම්... (නි)
වජිර, කවුරුවත් බලෙන් පොළියට සල්ලි දෙන්නෙ නැහැ. (නි)
තුෂාර කිවුවා වගේ වංශය කබල ගාලා හරියන්නෙ නැහැ. (නි)
කෝලිත, තමුන් සිංහලද? කවදාවත් අන්‍ය ජාතිකයෝ සිංහලයා වෙනුවෙන් කතා කරන්නේ නැහැ. අපේම මිනිස්සු අපිට විරුද්ධයි. කවදාහරි සුලුජතිය වුණුදාට තේරෙයි. තමන්ගෙ ජාතියට විරුද්ධව වචනයක් හරි කියනවා නම් ඔබ ලැජ්ජා විය යුතුයි. (නි)
අනුරට මනුස්සකමක් නැද්ද? (නි)
පොලියට සල්ලි දෙන අයට හොද පාඩම් තමයි..අනුන්ගෙ ගින්දරනෙ.!(නු)
අපි හලාල් වලට උද්ඝෝෂණ කරමු. අරාබි නීතිය පතුරු ගහමු. මේ වගේ දේවල් වෙද්දී කට වහගෙන අපේ වැඩක් බලාගනිමු. (නි)
වැරදිකරුට ඉක්මණින් දඩුවම් දෙන්න. (නි)
මේකටත් ඉතින් නිකන් ඉන්න තම්බි නානලාට බැණපල්ලා. (නි)
පොළියට ගන්නකොට නම් දෙවියන් වගේ. ගෙවන්න බැරි වෙද්දී පොළී මුදලාලිව පෙනෙන්නේ යකෙක් වගෙයි. (නි)
කවුද අනේ බලෙන් කාටවත් පොළියට දෙන්නේ? (නි)
ගොඩක් අය හිතාගෙන ඉන්නේ පොළියට සල්ලි දෙන අය ඒවා මිනිස්සුන්ට දෙන්නේ බලෙන් කියලනේ. (නි)
පොළියට දෙන්නෙ නිකන් සල්ලි බෙදන්න බැරි නිසානේ. (නි)
රටක් ධර්මද්වීපයක් වෙන්න වෙන්න නම් රටේ මින්මිස්සු ධර්මය පිළිපදින්න ඕනා. එක වෙන්නේ නැතුව අපි අපේ ඉතිහාසය ගැන පතුරු ගගහා හිටියා ට මේක ධර්මද්වීපයක් වෙන්නේ නැහැ. අද අපි අ තත්වයෙන් හුගාක් ඇත ට ගිහිල්ලා තියෙන බව මේ වගේ නිව්ස් හැමදාම් දකින කොට හිතෙනවා. (ස)
පොලී මුදලාලිලගේ ආයුෂ කොටයි වගේ (ස)
අපෝ මෙයා ආපහු ඇවිත්... (ස)
හොඳට තිබුණු මේ ලස්සන රටට ගිය කලක්. හොරු, මීනීමරුවෝ, කුඩු කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, පාතාල අපරාධකාරයෝ වැහි වැහැලා. මේවා මර්දනය කරන්න උපරිම ශක්තිය යෙදවීම අවශ්‍යයි. අනික මෙහෙම සිදුවීම් සිද්ධ වෙන්න ගියාම වෙන්නේ රටේ නීතිය පිළිබඳව මහජනතාවගේ විශ්වාසයක් නැති වෙලා යාම. ඒ නිසා මෙවැනි දේවල් ඉදිරියට සිදු නොවීමට වගබලා ගැනීම තමයි කරන්න ඕනෑ හොඳම දේ. ඒ වගේම මෙවැනි සිදුවීම් ඇති වීමට හේතු සාධක සොයා බැලිය යුතුයි. මිනිසුන් අතර ආර්ථික දරිද්‍රතාව ව්‍යාප්තවීමේ හේතු හැකිතාක් අවම මට්ටමක ගෙන ඒම වැදගත්. රටේ භාණ්ඩ හා සේවා මිළ යම් මට්ටමකට පාලනය කළ කාහටත් දැරිය හැකි අවම මිළකට ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කරදීම වැදගත්. (නි)
අනේ ජීවිතයක් (ස)
පොල්ලක් තිබ්බා නම් කමක් නැහැනේ, ඔහොම මරන්නේ නැතුව. (නි)
ශිරංගිගේ කතාවත් ඇත්ත. ඒත් පොලීසියේ බොහෝ දෙනෙක් දැන් අනුකම්පාවක් නෑ මිනිස්සු ගැන (ස)
ඔබ සාධාරණ නම් කිසිම කෙනෙකුගෙන් ණයට ගන්නත් එපා. කිසිම කෙනෙකුට ණයට දෙන්නත් එපා. (නි)
සල්ලිද වටින්නේ, මිනිස්සුද වටින්නේ (දී)
සල්ලි කියන එක මිනිස්සුන්ට වඩා වටිනවද ?(දී)
අනෙක් ආගම් ජාතීන් වලට ඊර්ෂ්‍යා කරනකල් මේ රටේ මීටවැඩිය දේවල් වෙයි. (නි)
දුකට හදිස්සියට සල්ලි ගන්න ඉන්නේ ගමේ පොළී මුදලාලි විතරයි. සල්ලි දෙන්න බැරිනම් කතා බහ කරලා මොනවාහරි කරගන්න තිබුණනේ. (නි)
ලක්ෂ දෙකකට මුදලාලිව මැරුවා නම් කෝටි දෙකක් විතර දුන්නොත් හාමිනේවයි, දරුවන්වයි ඔක්කොම මරයි. (නි)
පොළියට සල්ලි දෙන්නේ මිනිස්සු ඉල්ලන නිසානේ. (නි)
තනි තරුව පොලිස් මහත්තයා හොද නිලධාරියෙක් වගෙයි පෙනෙන්නේ. (නි)
ඔහොම වෙලා මදි. අහිංසක මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් නිකම්ම සල්ලිකාරයෝ වෙන්න හදනවා. පොළිය 20% ක්. කොච්චර අසාධාරණද? (නි)
ෂිරාන්, යකාට බය නම් සොහොනේ ගෙවල් හදාවිද? (නි)
ගණුදෙණු හරියට බේරුවා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැනේ. (නි)
පොළියට දීමත් වැරදියි. පොළියට ගැනිමත් වැරදියි. නමුත් මිනිසකු මැරිම ඊට වඩා වැරදියි. (නි)