සල්ලි එක දෙක කරන්නට ගොස් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ දහඅට හමාරක් රැගෙන පැන ගිය කැමරන් ජාතිකයා කොල්ලුපිටියේදී අල්ලා ගත් නමුත් මුදල් සොයාගෙන නැතැයි පොලීසිය කියයි.
ඔහු අද රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පිටවීමට ගුවන් ටිකට්පතක් ගැනීමට ගොස් සිටියදී ව්‍යාපාරිකයාගේ මිතුරකු ඒ බව ඔහුට දන්වා ඇත.
පොලීසිය ඔහු සොයා ගියේය. ඔහු ජිප් රියකින් පලා යන්නට විය. පොලීසිය ඔහු ලුහු බැන්ඳේය. ඔහු ජිප් රිය අතහැර ත්‍රීරෝද රියකට ගොඩවිය. පොලීසිය ලුහුබැඳ එනු දුටු එයින් බැස මහ පාරේ දිව්වේය. පසුව ගොඩ නැගිල්ලකට ඇතුළු වී දොර වසා ගත්තේය.
පොලීසිය එහි ඇතුළු වී ඔහු අත්අඩංගුවට ගතේය. මුදල් කොහිදැයි ඇසූ විට දුවද්දී විසි කළා යැයි කියා ඇත. එය බොරු ප්‍රකාශයක් විය හැකි බව පොලීසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් අපේ කට්ටිය උදව්කරලද දන්නේ නෑ (ස)
හොදට සැළකිළි ලැබිලා පාටයි. (නි)
සාමාගේ කීම නිවැරදියි. (නි)
මෝඩයො ඉන්න රටක් නිසා කමක් නැහැ. අපි ඇයි පිටරට අයට බණින්නෙ? (නි)
සුනිල් ඔයත් ඒ රටේ ඉන්න කෙනෙක් බව මතක තබා ගන්න..!(නු)
සංචාරක ව්‍යාපාරයෙන් ගලාගෙන එන විදේශ මුදල් ගංගාව සමග රට තුළට ගලාගෙන එන කුණු රොඩු ගංගාව තමයි මේ. (නි)
මෙහෙම සල්ලි අරගෙන පනින රටක් ලෝකයේ කොහේවත් නැතුව ඇති. (නි)
මට නම මේක විශ්වාස කරන්නත් අමාරුයි මේක චිත්‍රපටියක කෑල්ලක් වගෙයි. (නි)
කෝ අපේ දේශප්‍රේමී අයගේ අදහස්? (නි)
මේ වගේ අය එක්ක ගනුදෙනු කරන මෝඩයොත් ඉන්නවනෙ මේ රටෙත්, හැබෑටම. ඇරත් සල්ලි දෙගුණ කරගන්න. (නි)
සමන්ගේ කතාව සම්පූර්ණ ඇත්ත (ස)
ආයෙ නොකරන්නම ලැබිලා තියෙන පාටයි.. ලංකාවෙ අයගේ තරම දැන ගන්න ඇති..!(නු)
රුපියල් 10ක් විතර දඩගහලා නිදහස් කරයිද දන්නෙ නැහැ. (නි)
ලෝකයේ නොදියුණ රට වලින් එක හොරුන්ටයි, කොණ්ඩය බැදපු චීන්නුන්ටයි රැවටෙන අපේ මිනිස්සු ගැන මට ඉතාමත්ම කණගාටුයි. (නි)
විදෙස් සංචාරක ව්‍යාපාරය දියුණු වෙද්ද සිද්ධ වෙන අනිටු විපාක තමයි මේ (ස)
පිටරට වලදී අපේ අයට දඩුවම් දෙනවනම් මෙහේ ඇවිත් වැරදි කරන විදේශිකයන්ටත් මෙහෙදිම දඩුම්දීලා යවන්න (ස)
අපේ අය කැමරන් භාෂාවත් දන්නවද ? (ස)
යවන්නකො සෞදියට... (නි)
ලංකාවේ හොරෙක් අල්ලගත්තා නම් මළකඩ කාපු එකක අරන් යනවා. පිටරට හොරෙක් නිසාද දන්නෙ නැහැ සුපිරි වාහන වල අරන් යන්නේ? ඔහොම යන්.... (නි)
අපේ රටේ වංචාවට නැත ඉඩ (දී)
ජයවේවා
මාර මිනිහෙක්නේ , චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් දැක්කොත් රඟපාන්න ගනීවි (ස)
ඔය දිවිලි හරියන්නෙ නැහැ අපේ රාළහාමිලත් එක්ක..!(නු)
අර උජාරුවෙන් 2012 වසරේ ලංකාවට ආවා කියන විදේශිකයන්ගේ ගණනට මේ අයත්, අර ළගදි පිටුවහල් කළ චීන්නුත්, විදේශීය ගණිකාවොත් ඇතුළත්ද? (නි)
ශ්‍රී ලංකා පොලිසියට සුභ පැතුම්! (නි)
දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
ශ්‍රී ලංකාවේ පොලීසිය එක්ක සෙල්ලම් බැහැ කොල්ලෝ. (නි)
සල්ලි එක දෙක කරන මැෂින් එකට දාලද දන්නේ නෑ (ස)
වංචාව හොද නැහැ (දී)
ඔන්න මොළයක් තියෙනවා නම් දැන් හොදට බලාගන්න ලංකාවට එන සංචාරකයින් කවුද කියලා. (නි)
වැරැද්ද අපේ. (නි)
කෝ ඉතින්? අර මේ රටේ මිනිස්සුන්ට සළකන විදියට සැළකුවාද එයාටත්? (නි)
මම දුටු එක් දෙයක් තමයි දැන් ලංකාවට ඕනෑම රටකින් ඕනෑම කෙනෙකුට ඉතාම ලේසියෙන් ඇවිත් ඕනෑම නීතිවිරෝධී වැඩක් කරලා ලේසියෙන්ම පැනලා යන්න පුළුවන්. මම ඊයේ පත්තරේ දැක්කා බැංකුව රවට්ටලා පැනලා ගිය පිටරට ආයෝජකයන් වගයක් ගැන. ඉතින්, සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න මහන්සි ගන්නා මේ වකවානුවේ මේ ගැනත් ටිකක් හිතලා බැලුවොත් හොඳයි නේද? (නි)
ඔන්න ලංකාවේ නවතම විදේශික සංචාරකයෝ. වැරදි රටවල් සංචාරක කර්මාන්තයට තෝරගත්තහම තව තව මෙහෙම දේවල් ඉදිරියටත් දැකගන්න ලැබෙනවා. (නි)
සංචාරක කර්මාන්තයේ දියුණුවට අතේ සතේ නැති අප්‍රිකානුවන්ට, කපටි කෛරාටික ඉන්දියානුවන්ට, චීන්නුන්ට, ඉරානයට, ඉරාකයට, පකිස්ථානයට වැනි රටවලට අත දික්කලාම ඕවා තමා ලැබෙන ප්‍රතිඵල. බලධාරීන් දැන්වත් මොවුන්ට ලබාදෙන වීසා සීමා කළයුතුයි. (නි)
මේ දේවල් වලට මුල තණ්හාවයි. තණ්හාය ජායතී සෝකෝ... (නි)