හලාවත - ඉරණවිල මුහුදු වෙරළේ විවේක සුව විඳිමින් සිටි ජර්මානු තරුණියකට අතවර කිරීමට උත්සහ කළ බව කියන මැදිරිගිරියේ තරුණයකු අත්අඩගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.
ජර්මනියේ බර්ලින් නුවර තරුණිය පොලීසිය කියා ඇත්තේ නිවාඩුවක් ගත කිරීමට ලංකාවට පැමිණි තමා හලාවත ඉරණවිල සංචාරක හෝටලයක නැවැතී සිටි බවයි. එම හෝටලය ඉදිරිපිට ඇති වෙරළේ සිටියදී සැකකරු තමාට අතවර කිරීමට උත්සාහ කළ බව ද ඇය කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ව්‍යාපාරයෙන් ගුවන්තොටුපොලේ ඉන්න පෝටර් ගෙන් පටන්ගත්තාම ගොවියෝ මාළු වෙළෙදුන් වගේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ජීවත් වෙනවා.. අප සංචාරකයන්ට මීට වඩා සළකමු..!(නු)
මේක තමයි ආසියාවේ ආශ්චර්යය..!(නු)
රටේ නම කැත කරන්නනම් ඕන තරම් අය ඉන්නවා (ස)
ලෝකය ඉදිරියේනොසැලී ඉන්න තියෙන ශක්තිය ලංකාවට නැති කරන්න එපා.(දී)
ලංකාවේ නමට නිගා කරන්න එපා
බලමු මේකට මොකද කරන්නෙ කියාලා..!(නු)
අපේ රටේ කාන්තාවන් අපේම මිනිසුන් අතින් මේවගේ අපහරණයටලක්වුනාම රටේ නම කැත වෙන්නේ නැද්ද? මහපාරෙ මිනිසුන් මරණවා.. කාටවත් කෙලින් කතාකරන්න ශක්තියක් නැහැ.. කතාකරන්න බැහැ.. අද මුළු ලෝකෙම දන්නවා රටේ නම..!(නු)
සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් සංචාරකයින්ගේ අනන්‍යතාවය සහ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. (නි)
වැඩේ අව තක්සේරුකරනවා නෙමේ, නමුත් මීට ඉස්සරලා රටට පැමිණි සංචාරක කතුන්ට සිදුවුනු අතවර වලට වගකිවයුත්තෝ නිදැල්ලේ. ඒ ඔවුන් කුමන හෝ බල පුළුවන් කාරකම් නිසා. බලන්නඔයාට වෙනදේ ? (ස)
ඔය කැත කරනවයි කිව්ව නම ලිස්ට් එකෙන් අයින් කරන්න බැරිද ? (ස)
අවයවය කෑපුවනම් හරි මෙයාගෙ. (ස)
මේ කාන්තාවත් කොහොම හිටියද කවුද දන්නේ (ස)
විදේශිකයෝ බය කරන්න රාජ්‍ය නොවන සංවිධාන කරන වැඩ මේවා (ස)
රත්න, බාප්පලා මාමලා ළමයි දූෂණය වෙන කළ, කපා කොටා දාලා ගියපු නයි නළගනගේ පැමිණිල්ල අයින් කරන්න යන්න... අපේ රටට සදාචාරයක් නැතිව මොනවා තිබුණත් වැඩක් නැහැ..!(නු)
අපේ රටට අව මෙහෙ අය ගොඩක් අපේ දේවල් ගැන ඉහළින් කතා කරනවා.. ඒත් මේ වගේ වැඩවලින් වෙන්නේ හැමෝගෙම නම කැතවෙනවා.. රත්න ඔයා කියනදේ තමයි වේනේ.. නිසි දඩුවම් ලබාදෙන්න.,!(නු)
ඒ කාන්තාවගෙත් කැමැත්තක් තියෙන්න ඕන නේද මේ වගේ දෙයක් වෙන්න? (ස)
තරුණයා උත්සාහ කරලා විතරනේ. පොඩි සමාවක් දෙමු අනුකම්පා කරලා. (නි)
ලස්සන නම කැතකරලා (ස)
විදේශික බලවේගවල බලල් අත් තමයි මේ අපේ කට්ටිය කියන විදියට.!(නු)
සංචාරකයෝ බයකරලා ලංකාවට එන එක නවත්තන්න කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණ නෙමෙයි..!(නු)
මේක රටට හොද නැහැ.. (නු)
අර කිව්වත් වගේ ... සුද්දේ දැන් බොරු කියනවද කොහොද .. (ස)
සංජීව ඔබත් හැමදේකටම කිසිම දැනුමක් නැතිව කතා කරන ජාත්‍යන්තර බලවේග කියන අය වගේ නේ.. (නු)
මොකද්ද මේ වැඩ වල තේරුම(දී)
ලංකාවේ මිනිස්සුන්ට දැන් පුදුම අමාරුවක් තියෙන්නේ. ආච්චි කෙනෙක්වත් ගෙදර තියාගන්න බැහැනේ. (නි)
වැඩේනම් කැතයි තමයි ..මොකද රටේ නමත් කැත වෙන නිසා . (ස)
රටේ නීති පද්ධතිය අලුත් වෙන්න අලුත් වෙන්න සිදුවෙන අපරාධ රැල්ලට හා සමනවම වැඩි වෙනවා.. මොකද නීති පද්ධතියේ තියෙන ලිහිල් භාවය නිසා.!(නු)
රටේ වෙන දේවල් හැටියට ඕක මොකද්ද ? (ස)
වෙන්නප්පුවෙ අය බහුලව ඉන්න ඉතාලිවල අපිට මෙවන් දේවල් උන පුවත් නම් නොවේ..!(නු)
වැරදිකරුට උපරිම දඩුවම් කළ යුතුයි..නමුත් අපේ තරුණියෝ පිටරට ගිහිං ඒ රටවල යගෙන් අතවරයට ලක් උනාම ඒ රටවල පොලිසිවලින් අපේ අයට සාධාරණයක් කරනවාද? ඒ රටේ වරද කරුට දඩුවම් දෙනවාද?(නු)
අපේ රටේ වෙන සිදුවීම්වල හැටියට නම කැතවෙන්න දෙයක් නම් නැහැ.. දැනටත් වෙලා ඉවරයි..!(නු)