ශ්‍රී ලංකාවේ හැටපස් වැනි නිදහස් දින සැමරුම් උත්සවයක් චීනයේ බිජිං හි ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ‍්‍රයේ දී අභිමානවත් ලෙස ඉකුත්දා පැවැත්විණි.
චීනයේ බීජිං හි ශ්‍රී ලංකා තානාපති රංජිත් උයන්ගොඩ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික කොඩිය ඔසවා ලාංකීය සම්ප‍්‍රදායික චාරිත‍්‍රවලට මුල් තැන දෙමින් නිදහස් සැමරුම පැවැත්විණි. බීජිං නුවර ශ්‍රී ලාංකිකයෝ පිරිසක්ද සහභාගි වී සිටියහ.
සර්ව ආගමික වතාවත්වලින් පසුව උත්සව සභාව ඇමතූ තානාපති රංජිත් උයන්ගොඩ මහතා කීවේ දේශපාලන, සමාජීය, ආර්ථික වශයෙන් සංවර්ධනයක් කරා යන ගමනේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම ඉතා ශක්තිමත්ව පවතින බවත්, මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ඉතා වැදගත් බවත්ය.
මෙම අවස්ථාවට චීනයේ බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරි මණ්ඩලය, බීජිංහි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරු, චීන ජාත්‍යන්තර ගුවන් විදුලි සේවයේ නියෝජිතයෝ ශ්‍රී ලංකා x චීන තරුණ සංසදයේ සාමාජිකයෝද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන හැටියට චීන නිදහස් දිනයත් ලංකාවෙම සමරයි වගේ.(වදී)
චීනයේ මෙන්ම ලංකාවේද දේශපාලන බල පුළුවන්කාරකම්කාරයෝ දුප්පත් ජනතාව පීඩනයට පත්කරලයි තියෙන්නේ. (නි)
ලෝකේ කොහේ හිටියත් අපේ රට අමතක කරන්න බැහැ. (නි)
උත්කර්ෂවත් අන්දමින් කළා කියන්නේ, මුදල් ගොඩක් වියදම් වෙලා ඇති නේද? (නි)
අපේ අසල්වාසියා වියයුත්තේ චීනයයි. (නි)
අපි කවදාදා චීනයෙන් නිදහස් වෙන්නේ? (නි)
මේක එම්බසියක් නෙමෙයිද? (නි)