රෝමය මූලස්ථානය කරගත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 2013 සභාපති පදවියට රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා නිතරඟයෙන් පත්විය.
රටවල් 132ක නියෝජිතයෝ මීට එක්වූහ. අසිත පෙරේරා මහතා එහි ආසියා උප සභාපතිවරයාද විය.
සංවර්ධනය වන රටවල අන්තර්ජාතික ආර්ථික හා සමාජ සංයමය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් 1964 රටවල් 75ක සහභාගිත්වයෙන් මේ සංවිධානය පිහිටැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් ඔබ තුමාට ..ඔබ ගැන ආඩම්බරයි (ස)
සුබ ගමන්. තෙරුවන් සරණයි (ස)
මේ තනතුර දුන්නේ කවුද ? (ස)
උණුසුම් සුභ පැතුම් (දී)
ඔබ තුමාට සුබ පෑතුම්.රට වෙනුවෙන් යමක් කිරීමට ශක්තිය ,දිරිය හා කාලය ලෑබේවයි පතමි. (ස)
අපේ රටත් ඇතුළුව ලෝකයේ ආහාර වලට තියෙන ප්‍රශ්න උපරිමයෙන් විසඳීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා (ස)
පින්තූරයක් වත් දාන්න ඔන නේද ? (ස)
අපේ රටේ දක්ෂ මිනිස්සු සේරම දැන් පිටරටවල්වල ජීවත් වෙන්නේ....මොකද්ද ඒකට හේතුව (ස)
මේ මහත්තයාටත් අපේ රටේ හම්බකරලා ගන්න පඩිය මදි නිසා තමයි ඉතාලි ගිහිං තියෙන්නෙ..! (නු)
හෙළ ලක් පුතෙක් (දී)
ඔබට සුබ පැතුම්! (නි)
ඉසුරන්දි, ශිරාස් අසිත පෙරේරා කියන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉතාලියේ තානාපතිතුමා. ශ්‍රී ලාංකික නිත්‍ය නියෝජිතයා. රජයේ සේවකයෙක් ,බොහොම නිහතමානි කෙනෙක්. ලංකාවේ හම්බකරලා ගන්න පඩිය මදි නිසා ඉතාලියට ආපු කෙනෙක් නෙමේ මෙතුමා. (නි)
පෙරේරා මහතා සියලු කුමන්ත්‍රණ පරාජය කරයි කියලා අපි ප්‍රර්ථනා කරනවා! (නි)
මුල් පුටුව ලැබුණාට කමක් නැහැ, වැඩ නම් මුල්ලකට දාන්න එපා දෙයියෝ. (නි)
කරමින් නිහඩ නිදහස් සේවය රටට ආඩම්බරයි ඔබ ගෙනදුන් තැන ලකට ලක්වැසි අපි සියලු දෙන එක්වී එකට ආසිරි පතමු දෙවි රැකවරණයි ඔබට... (නි)
ලක් මවටයි ආඩම්බර (දී)
වෙන රටක ඔය තනතුරට තියෙන තැන අද ලංකාවේ අපිට තියෙනවද? සිතා බලන්න. (නි)
පළමුව ලිපිය හරිහැටි කියවා ඉන්පසු අදහස් ප්‍රකාශ කරන ලෙස මම පාඨකයන්ගෙන් ඉල්ලනවා. (නි)