IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලෝක ශූර එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පෙරළිකාර ජයක් ලබති

කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල මුම්බායිහිදී ඊයේ (01) සහභාගි වූ පළමු තරගයේදී ආසන්නතම ලෝක ශූරියන් වන ප‍්‍රබල එංගලන්ත පිල පරාජය කරමින් කඩුලූ 1 ක තියුණු ජයක් ලැබීමට සමත් විය.

ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 239 ක ජයග‍්‍රාහි ඉලක්කය කඩුලූ 9 ක් දැවී අවසන් පන්දුවේදී සම්පූර්ණ කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිලට ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දුවේදී ලකුණක් අවශ්‍ය වූ අතර ඩිලාන් මනෝදර හයේ පහරකින් තරගය අවසන් කිරීමට සමත් වූවාය.

47 වැනි  ඕවරය අවසන් වන විට ශ්‍රී ලංකා පිලට පන්දු 18 කදී ලකුණු 29 ක් රැුස්කිරීමට සිදුවූ අතර 48 වැනි  ඕවරයේ ලොක-සූරියගේ හතරේ පහර දෙක සහ දීපිකා රසාංගිකාගේ හතරේ පහරත් සමගින් ලකුණු 16 ක් එකතු වීමෙන් ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ඉහළ නැංවිණි.

49  ඕවරයෙන් ලකුණු 4 ක් පමණක් ලැබීම නිසා අවසන්  ඕවරයේදී ලකුණු 9 ක් රැස්කිරීමට සිදුවිය. ලොකුසූරිය අවසන්  ඕවරයේ දෙවැනි පන්දුවට ගැසූ හයේ පහරත් සමග ශ්‍රී ලංකාව ඉතිහාසගත ජයග‍්‍රහණයට සමීප විය.   

මෙම ලකුණු 244 ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල හඹාගොස් ජය ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර ශ්‍රී ලංකා පිල 2011 වසරේ බංග්ලාදේශයේ පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලකුණු 197 ක් හඹාගොස් ජය ලබා තිබුණි.

ශ්‍රී ලංකාව 1997 වසරේ සිට වසර 16 ක කාලයක් එංගලන්තය සමග තරග කර ඇති අතර මෙම ජයග‍්‍රහණය දක්වා ජය ලැබීමට සමත්ව නොසිටියේය.

ඒෂානි ලොකුසූරිය ජයග‍්‍රහණය දැවැන්ත කොටස්කාරියක් බවට පත්වෙමින් පන්දු 41 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 56 ක් රැුස්කරමින් ශ්‍රී ලංකාවෙන් ගිලිහියමින් තිබූ ජයග‍්‍රහණය නතුකර ගැනීමට වූවාය. එහිදී ලොකුසූරිය ප‍්‍රබල එංගලන්ත පන්දුයවන්නියන් අසරණ කරමින් ක‍්‍රීඩාංගණය පුරා පන්දුව ඇදීයෑමට සලස්වමින් සිය දෙවැනි අර්ධ ශතකය රැස්කළාය.

ශ්‍රී ලංකා ජයග‍්‍රහණයට ශක්තිමත් අඩිතාලමක් දමමින් චමරි අතපත්තු (62) සහ යශෝධා මෙන්ඩිස් (46) ලකුණු 103 ක වාර්තාගත ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. 

චමරි අතපත්තු පන්දු 72 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 62 ක් රැස්කළාය. ශ්‍රී ලංකාවේ එකම එක්දින ශතක ලාභිනිය වන චමරි අතපත්තුගේ තෙවැනි අර්ධ ශතකය මෙය වේ. යශෝධා මෙන්ඩිස් අනගි සහයක් ලබා දෙමින් පන්දු 90 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 46 ක් රැස් කළාය.

ශෂිකලා සිරිවර්ධන පන්දු 45 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 34 ක් රැස්කළාය.   ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට එංගන්ත පිලට ආරාධනා කළාය. ශ්‍රී ලංකා පන්දුයවන්නියෝ එංගලන්ත ප‍්‍රබල පිතිකාරියන් තිදෙනකු ලකුණු 29 ක් තුළ පිටියෙන් ඉවත්කිරීමෙන් ඉනිම අඩපණ විය.
එංගලන්ත පිතිකාරියෝ අවසන්  ඕවර කීපයේදී වේගවත්ව ලකුණු රැස්කිරීම නිසා ලකුණු 238 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය.

ඒෂානි ලොකුසූරිය, චමනි සෙනෙවිරත්න සහ ශෂිකලා සිරිවර්ධන කඩුලූ දෙක බැගින් දවාගැනීමට සමත් වූහ.

ජයග‍්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධ පැවසුවේ මෙම ජයග‍්‍රහණය සිහිනයක් සැබෑවීමක් ලෙස තමන්ට දැනෙන බවයි. 

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය හෙට (03) බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වේ.

ලකුණු පුවරුව
එංගලන්ත කාන්තා ක‍්‍රිකට් පිල
චාලට් එඞ්වඞ්ස්  ප. ලොකුසූරිය     9
ඩැනියල් වේට්  ක. මූ. කළා ප. සෙනෙවිරත්න     15
ඇරන් බි‍්‍රන්ඞ්ල්  දුවද්දී දැවී ගියා     31
ලූඩියා ග‍්‍රීන්වේ   ක. මූ. කළා ප. සෙනෙවිරත්න     2
හීතර් නයිට්  ප. දොළවත්ත     38
ජෙනී ගන්   ඇ. මනෝදර ප. ලොකුසූරිය     52
අමී ජෝන්ස්   ප. සිරිවර්ධන     41
කැතරින් බ‍්‍රන්ට්  ඇ. මෙන්ඩිස් ප. සිරිවර්ධන     12
ඩැනියල් හසෙල්  නොදැවී     19
හොලී කොල්වින්   නොදැවී     4
අතිරේක      15
එකතුව  ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී     238
පන්දුවට පහර නොදුන් පිතිකාරිනිය: ජෝර්ජියා එල්විස්
කඩුලූ වැටීම:
1-22(එඞ්වඞ්ස්), 2-26(වේට්), 3-29(ග‍්‍රීන්වේ), 4-93(බි‍්‍රන්ඞ්ල්), 5-114(නයිට්), 6-197(ගන්) 7-203(ජොන්ස්), 8-223(බ‍්‍රන්ට්)
ඒෂානි ලොකුසූරිය: 9.1.49.2, ශ්‍රීපාලි වීරක්කොඩි 4.0.20.0, චමනි සෙනෙවිරත්න: 8.0.35.2, ෂෙරීනා රවිකුමාර්: 9.0.35.0, ශෂිකලා සිරිවර්ධන: 10.0.62.2, සඳමාලි දොළවත්ත: 10.0.34.1

ශ්‍රී ලංකා කාන්තා පිල
චමරි අතපත්තු  ඇ. හසෙල් ප. බි‍්‍රන්ඞ්ල්     62
යශෝධා මෙන්ඩිස්  ඇ. කොල්වින් ප. බ‍්‍රන්ට්    46
ශෂිකලා සිරිවර්ධන  ඇ. ග‍්‍රීන්වේ ප. එල්විස්     34
ප‍්‍රසාදිනී වීරක්කොඩි  ප. එල්විස්     1
සඳමාලි දොළවත්ත  ඇ. ග‍්‍රීන්වේ ප. ගන්     4
ඒෂානි ලොකුසූරිය  දුවද්දී දැවී ගියා    56
චමනි සෙනෙවිරත්න  ප. ගන්     14
ශ්‍රීපාලි වීරක්කොඩි  ඇ. ජෝන්ස් ප. බි‍්‍රන්ඞ්ල්     0
දීපිකා රසාංගිකා  ඇ. එල්විස් ප. හසෙල්     9
ඩිලානි මනෝදර  නොදැවී     8
ෂෙරීනා රවිකුමාර්  නොදැවී     0
අතිරේක     10
එකතුව  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී     244
කඩුලූ වැටීම:
1-103(අතපත්තු), 2-142(මෙන්ඩිස්), 3-145(ප‍්‍රසාදිනී), 4-153(ශෂිකලා), 5-157(දොළවත්ත), 6-197(සෙනෙවිරත්න), 7-206(ශ්‍රීපාලි), 8-229(රසාංගිකා), 9-238(ලොකුසූරිය)
පන්දු යැවීම:
කැතරින් බ‍්‍රන්ට්: 10.0.36.2, ජෝර්ජියා එල්විස්: 7.0.39.2, ඩැනියල් හසෙල්: 9.0.44.1, කොලි කොල්වින්: 8.0.47.0, ඇරන් බි‍්‍රන්ඞ්ල්: 9.0.38.2, ජෙනී ගන්: 5.0.32.1, ඩැනියල් වේට්: 2.0.8.0

තරගයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව: ඒෂානි ලොකුසූරිය



අදහස් (0)

ලෝක ශූර එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පෙරළිකාර ජයක් ලබති

ප්‍රදීප් Friday, 01 February 2013 04:48 PM

මම තරගය බැලුවා. ඒක පුදුමාකාරයි. (නි)

:       0       0

වරුණ Friday, 01 February 2013 04:52 PM

නියමයි. ඉදිරියටම යන්න. (නි)

:       0       0

මධුර Friday, 01 February 2013 05:11 PM

අපේ සුභ පැතුම්! (නි)

:       0       0

අනුර Friday, 01 February 2013 05:14 PM

කොල්ලෝ වගේම කෙල්ලොත් වැඩකාරයෝ. ජය වේවා! (නි)

:       0       0

අනුර Friday, 01 February 2013 05:14 PM

ලංකාවේ කෙල්ලන්ට ජයෙන් ජයම ප්‍රර්ථනා කරනවා. (දී)

:       0       0

මාර්ක් Friday, 01 February 2013 05:21 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ශානිකා Friday, 01 February 2013 05:32 PM

කෝ දැන් තරගයක් පැරදුණහම බැණලා අදහස් දාන අය? (නි)

:       0       0

අනුර Friday, 01 February 2013 05:46 PM

අපේ සුභ පැතුම්! ජයෙන් ජය! (නි)

:       0       0

ෂිරාශ් Friday, 01 February 2013 05:53 PM

විශිෂ්ට ජයග්‍රහණයක්. සුභ පැතුම්! (නි)

:       0       0

සම්පත් Friday, 01 February 2013 05:58 PM

ලංකාවේ ජ්‍යෙෂ්ඨයින්ට සුද්දෝ කොහොමත් බයයි. (නි)

:       0       0

කපිල Friday, 01 February 2013 06:17 PM

ජය වේවා! (නි)

:       0       0

අනුර Friday, 01 February 2013 06:19 PM

ඔහොම යමු කෙල්ලනේ! (නි)

:       0       0

සුජීවා Friday, 01 February 2013 06:25 PM

ඉෂානි, සුරංගිකා, චමරි, යසෝදා හා සියළු කාන්තා ක්‍රිකට් වීරවරියන්ට සුබ පැතුම් (ස)

:       0       0

අනිල් Friday, 01 February 2013 06:39 PM

නියමයි. ඔහොම යමු. (නි)

:       0       0

චරිත් Friday, 01 February 2013 06:52 PM

සුදු කෙල්ලන්ට පාඩමක් උගන්වපු පුංචා අපේ කෙල්ලන්ට සුබ පැතුම් (ස)

:       0       0

ගයාන් Friday, 01 February 2013 06:54 PM

අපේ සුබ පැතුම්. නංගිලා ඉදිරියටම එන්න (ස)

:       0       0

කුරුවිට Friday, 01 February 2013 06:56 PM

පොඩ්ඩක් ඇඟට දැනුනා (ස)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 04:13 PM

නියමයි , ජය වේවා ! (ස)

:       0       0

රුමේෂ් Friday, 01 February 2013 07:36 PM

සුද්දියෝ ටිකට දුවන්න දුන්නා. නියමයි කෙල්ලනේ. (නි)

:       0       0

සරත් Friday, 01 February 2013 08:52 PM

කෙල්ලනේ, ලංකාවේ පුරුෂ ආධිපත්‍යය බිදපියවු! (නි)

:       0       0

කුමාර Friday, 01 February 2013 08:57 PM

ශ්‍රී ලංකාව නමි ක්‍රිකටි තමයි. ත්‍රිකටි නමි ශ්‍රී ලංකාව තමයි.(නදී)

:       0       0

සුනන්ද Friday, 01 February 2013 09:22 PM

නියමයි, සුභ පැතුමි! (නදී)

:       0       0

මාතර ආතර Sunday, 03 February 2013 12:49 AM

සුභ පැතුම්! අපේ අතපත්තු සහ දොලවත්ත යන පිතිකරුවන් දෙදෙනාගේ ඉතාමත් ඉහළම තාක්ෂණ පිති හරඹ නෙලිල්ලත්, කල්යල් බලා පිත්ත ඇඟට වෙර නොගෙන පන්දුවට එල්ල කිරීමේ කලාවත්, කොල්ලන්ටත් බලන් ඉගෙන ගන්න පුළුවන් හොඳ පාඩමක්. (නි)

:       0       0

මාලිංග Saturday, 02 February 2013 01:32 PM

නියමයි, ඔහොම යන් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site