දඹුල්ල හා සීගිරිය ලොකු ලූනු අස්වැනු නෙළීම ඇරැඹී ඇත. ලොකු ලූනු ගැණුම් මිළ කිලෝවක් රුපියල් 75 - 80 අතර පවතී. එම මිළ තමන්ට ප්‍රමාණවත් බව දඹුල්ලේ ලොකු ලූනු ගොවීහු කියති. මෙවර මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූනු හෙක්ටයාර 3000 පමණ වගාකර ඇති බවත් එයින් මෙට්ට්‍රික් ටොන් 60000 අස්වැන්නක් බලාපොරොත්තු වන බවත් මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මිය පැවැසූහ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ පෞද්ගලික ආයතන කිහිපයක් මෙන්ම ගොවීන් පෞද්ගලිකව ලොකුලුනු වගාවට දායක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ලූනු අස්වනු වෙනුවෙන් සතුටක් ලැබුවට කමක් නැහැ .... ලොකු ලූනු විකුනගන්න බැහැ කියලා උද්ගෝෂනය කරන්න නොලැබේවා.....!!! (නි)
මටත් මගේ අතීතය සිහිවෙනවා අපි ගොවිතැන් කරන්න ,වගා ආරක්ෂා කරගන්න නිදිවර්දිතව පැල් රැක්ක හැටි ...අපහසුවෙන් ආයාසයෙන් ඒ දවස් ගෙවුනද ," නිදහස් " බව දැනෙනවිට වර්තමානයට වඩා අතීතය ලස්සනම බව දැනෙනවා. මක් නිසාද ? අපි කාටවත් යටත් නොවුන නිසා (නි)
අපිටත් සතුටුයි,ගොවියාට තව ටිකක් ලැබුනට කමක් නෑ වැවූ ගොවියාට සාධාරණ මිළක් ලැබිය යුතුයි. ඔය අස්වැන්න විකුණගන්න ඒ මිනිස්සුන්ගේ හිත සතුටුවන මිලක් නියම කලොත් තමයි හොඳ....(ස)
දැකීමත් සතුටක් (අ)
දැන් ඔයා කාටද යටත් බණ්ඩාර (ස)
සුදත් කාටවත් යටත් වෙන්න ඕනේ නෑ..... (ස)
මේ ළූණු කොළ වියලෙනකම් ඉන්නේ නැතිව ගලවන එක තමයි නරක. අමුවෙන් ගැලෙව්වම කල් තියාගන්න බෑනේ. (ස)
මම ගෙදර ගියහම අනියන් රින්ග්ස් එක්ක බත් ටිකක් කන්න ඕන.(අ)
අනේ වාසනාවන් සෑමට දෙවි පිහිටයි ! අපේ දේ අපිම වවාගත්තනම්, පිට රටට කඹුරන්න වෙන්නෙ නෑනේ....... (ස)
දෙවියන්ට ප්‍රසංසා වේවා ... (ස)
අස්වැන්න තමා ජීවිතේ කියල හිතන එකට මේ රටේ දෙශාපලුවොත් හරි ආසා ඇති. නමුත් ඇස් අරින්න අවට බලන්න. (අ)
ප්‍රීතියි..ප්‍රීතියි ... (ස)
දැකීමත් සතුටක්. අපේ රටේ මිනිසුන්ගේ මහන්සිය. (ස)
සිරිපාලත් දන්නා දේවල් ..... බටර් අනියන් රින්ග් .... අපිට මොන බටර්ද ,,,, (ස)
හරිම සතුටුයි මේ වගේ දේවල් දකින්න ලැබිම ගැන. (ස)
ලංකා ලොකු ළූණු පැහැයෙන් සහ රසින් ඉන්දියානු හෝ පකිස්තානු ළූණු වලට වඩා ගොඩක් හොදයි. නමුත් කල් තියාගන්න බැරි නිසා ජාත්‍යන්තර වෙළඳ පොලේදී අන් රටවල් වලට පරදිනවා. ඒකට එක හේතුවක් තමයි හොඳින් වියලා නොගැනීම. (නි)
කෘෂි කර්මාන්තය තුළින් අපේ රට දියුණුව කරා යන්න පුළුවන් අවශ්‍ය සාධක අපේ රටේ තියනවා. ඉදිරියේදී ලෝක ආහාර අර්බුදයක් ඇතිවෙනවා. එකට අපි සුදානම් වෙන්න දැන් ඉදලම, පැරණි රජවරු ඒ දේ කලා අකුරටම වගාකළ හැකි බිම් වගාකර රට ඉදිරිය ගෙනියමු එකමුතුවෙන් අපේ උතුරේ ජනතාව ඉද්රියේදී හොද සහයක් දේවි. කෘෂි කර්මාන්තයට දමිළ සහෝදරවරු වගාවට හරි දක්ෂයි. සැමට බුදුසරණයි! (ස)
නෙත පිනවන දසුනක්.මිහි මව එය මත හෙලන දා බිංදු වලට වටිනාකමක් දී ඇති බව පෙනෙයි.සිඟිති මුවේ පිපුණු සිනා මල් මත කඳුලක් නොවැටේවා යනු මගේ පැතුම. (ස)
දැක්කහම ආසයි (නි)
මගේ රට දියුණුව කරා යනවා අනිවාර්යෙන්ම!! කෘෂිකර්මතය, සංචාරක ව්‍යාපාරය , දේශීය කර්මාන්ත අපේ දේවල් තුළින් මේ රට ගොඩ ගන්න පලුවන්. අපේ සම්පත් ප්‍රයෝජනයට අරගෙන රට ඉදිරියට ගෙනියමු. විධිමත්ව (ස)
හොද දේවල් ලියන්න ඔබ සැමට නුවණ පහල වීම ගැන මගේ ප්‍රණාමය!!! (ස)
සතුටුයි. නමුත් පහුගිය දවසක මම ලොකු ළූණු ගත්තේ කිලෝව 156 ගණනේ? (ස)
මේ රට මගේ රට මා ඉපදුන රට. හැදෙන වැඩෙන රට මගේම මව් රට.... මටත් මතක් වෙනවා අපේ අතීතය. කොතරම් ලස්සනද සැහැල්ලුද. එදා ලෙඩ නැහැ, තරඟ නැහැ. ප්‍රශ්න නැහැ. තරහකාරයෝ නැහැ. අයෙත් යන්න හිතෙනවා ගමට. (ස)
හරිම ලස්සනයි (නි)
චන්ද්‍ර.. මොනවා මේ ඒවා නෙමෙයි. (ස)
චුටි පැටව්නේ, හොදට කෘෂි විද්‍යාව ඉගනගෙන මෙරටේ කෘෂිකර්ම ලොක්කෙක් වෙන්න ඕනෑ හොදද? (නි)
බොහොම සාධාරණයි (දී)
පාරිභෝගිකයටත් මේ සතුට මේ විදියටම වින්ද ගන්න ලැබෙනවා නම් ගොඩක් සතුටුයි. (ස)
මට හරි 'සතුට'' යි (ස)
අපේ රත්තරන් පොලවේ ගොවියට කවනු වැසි වසීවා !!! (ස)
මේ පුංචි දරුවනේ කෘෂි කර්මාන්තයේ යෙදෙනවා. වගේම හොදට පාසලේ ඉගනගන්න ඕනි. මමත් කෘෂි විද්‍යාව ඉගන ගත්ත හරිම ප්‍රායෝගිකයි. රසවත් ඔබත් මේ ප්‍රයෝගික දැනුමින් හොදින් විශය හදාරා රටට සේවය කලහැකියි. අද නවීන ලෝකෙ දැනුම මිල අධිකයි.මම රටවල් 12 විතර සංචාරය කරලා තියනවා. ඇමරිකාව සහ යුරෝපයේ මම ඒ රටවල දරුවන්ට දැනුම දෙනවා. මටමගේ ළමා කාලය මතක් වුණා. මමත් තාත්තා එක්ක එළවලු කොටුවේ ඔය විදියට වැඩ කලා මඩ නාගෙන. පාසල් නිවාඩුවට මම කලේ යම්කිසි වගාවක් කරන එක. දැන් දරුවන්ට ඒ දේ නැහැ. ඇමරිකානු පාසලක විදුහල්පතිනියක් මාත් එක්ක බොහොම ළඟින් වැඩකරනවා. මට මගේ ළමා කාලය හැමවිටම මතක්වෙනවා. අපි මොනවද කලේ මේ දරුවන් මොනවද කරන්නේ කියලා!! (ස)
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි. (ස)
සිල්වා මහත්තයා, ඔයා පිටරටවල ළමයින්ට දෙන දැනුම ඇයි අපේ රටේ ළමයින්ට දෙන්න බැරි? (නි)
කෘෂිකර්මාන්තය කියන්නේ හිතට පුදුම සහනයක් ගෙන දෙන කර්මාන්තයක්.මමත් ලංකාවට ආව දවසක පලතුරු වගාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. (නි)
බර හොදට තියෙන්න ඕන නිසා හොදින් වේලෙන්න ඉස්සෙල්ලම ගලවනවා.ගෙදර ගෙනාවම ටික දවසකින් බාගෙට කුණු වෙනවා.කිසිම පාරිභෝගික අයිතිවාසිකමක් නැති පරිභෝගිකයෝ තමයි ඉන්නේ.(ස)
තමන් මහන්සියෙන් වගා කළ වගාවක අස්වැන්න නෙලන දවස කියන්නේ පුදුම සතුටක් තියෙන දවසක්. ඒ සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. (නි)
මේ දසුන් දකින නෙත් සතුටින් පිරි ඇත්තේ.. දහඩිය කඳක් සොලවා ප්‍රතිඵල ගත්තේ.. ආදර්ශයකි මේ ගොවියෝ දී ඇත්තේ.. වවමූ අපිත් හැකි සැම දේ අපෙ වත්තේ (ස)
ලංකාවේ ලොකු ළූණු රසෙන් වැඩියි.නමුත් ප්‍රශ්නය කල් තියාගන්න බැරි එක.ගොවි මහත්වරු මේ ගැන වැඩිය හිතන්න ඕන.ගොවියා වගේම පරිභෝගිකයත් අරක්ෂා වෙන්න ඕන.ඔවුන් නොදන්නවා ඇති බොහෝවිට ගොවියන් පාඩු ලබන්නෙ මෙම හේතුව නිසා කියලා.ප්‍රමිතිය හොඳ වෙන්න ඕන. (ස)
විද්‍යානුකූලව හරියට කෘෂිකර්මාන්තය කරනවා නම් අපේ රට කෘෂිකර්මාන්තයෙන් දියුනු කරන්න පුළුවන්.ඒ සදහා හොද පසක් සහ දේශගුනයක් අප සතුව පවතිනවා. (නි)
ලග පාතක හිටිය නම් මේ රටලුනු මල්ලක් ගන්නවාමයි. සමන් කිවුවා වගේ ලංකාවේ සෑම පළතුරක්, එලවලුවක්ම රසෙන් වැඩියි. එය දැනෙන්නේ පිටරට ශීත ගබඩා වල පලතුරු කනවිට. (නි)
ගොඩක් සතුටුයි. ගොවියන්ගේ දෑතට තව තවත් සවි ශක්තිය ලැබේවා යනු මගේ පැතුමයි (නි)
වැවූ ගොවියාට සාධාරණ මිළක් ලැබිය යුතුයි. (නි)
අවසන් ඡායාරුප 2 තුළ දිස්වන ඵෙතිහාසික සිගිරි ගල ඔබ දුටුවාද? මෙම දසුන් පෙලට එය තවත් චමත්කාරයක් එක් කරන්නේය. (නි)
ගොඩක් කලකින් දැකපු සතුටුදායක පුවතක්. සාධාරණව මහන්සියෙන් උපයාගත් අස්වැන්න දැකීමත් සිත පහන් කරනවා. (ගිනියම් අවුවේ මහා වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ) . මේ ගොවීන්ට මගේ ප්‍රණාමය!!! (නි)
නොරොච්චෝලේ පොළ ළඟ මුරුගන් මල්ලිගේ වගා ළිඳෙන් වතුර ඇදලා ලුණු පාත්තිවලට දැමු හැටි මතක් වෙනකොට දැනෙන සතුට.? ""සෙම්බු තාලි උකුලේ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා ලුණු පාත්තියට දමා විඩාපත් වෙලා..."" (නි)
නිහාල්, සමන්, ඔබ ඉතාම වැදගත් දෙයක් කියන්නේ. මං දන්නේ නැහැ කෘෂි. නිලධාරීන් කොයි තරම් දුරට මේ ගොවීන් දැනුවත් කරලා තියෙනවද කියලා කල් තබා ගැනීමේ ක්‍රමවේද ගැන. නමුත් ඊ ලඟට ගොවීන් පාරට එන්නේ විකුණගන්න බැරි දුක් ගැනවිල්ලත් අරගෙන. කල් තබා ගත නොහැකි නිසා ගොවීන්ගේ කේවල් කිරීමේ ශක්තිය ඉතාම අඩුයි. රජය අත දිය යුත්තේ ඒ ප්‍රශ්නයටයි. නැතුව ලුණු තොගය රජයෙන් මිලදී අරන් කුණුවෙන්න හැරලා මහජන මුදල් නාස්ති කරන්න නොවෙයි.(නදී)
හැබෑට ඒ සීගිරියද ? මම සීගිරිය දැකලා නැහැ කියා ඇමති කෙනෙක් කියපු කතාව මට මතක් වුණා. හැබෑම ලස්සනයි අජිත් කුරුවිට ඒ දර්ශනය. (නි)
බලන්න අර පොඩි පැටවු දෙන්නගේ මුහුනේ තියන සතුට,මෙොලගේ ගොඩක් බලාපොරොත්තු ඇති මේවා විකුණලා ලබාගන්න.ඔබ සැමට සදා ජය වේවා (නි)
අනේ මේ අහිංසක මිනිසුන්ගේ මුනුවල තියෙන සිනහව බලන්නකෝ , මාස ගානක් මහන්සි වෙලා ලබපු අස්වෙන්න පාඩුවක් නැතුවම විකුණගන්න ලැබේවා!(නදී)
ලොකු සතුටක්. මේවා කල් තබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන ගොවියන් දැනුවත් කරන්න (නි)
ලූණු හදන කොට හැම කෙනාම ලූණූ. තක්කලි හදනකොට ඊට එහා. අනේ මන්දා කවදා හැදෙයිද කියලා.(නදී)
වවන කලට කිසිවෙක් නැත.....නෙලන කලට හැමෝම ඇත (නි)
හෙළ නිපැයුම් නෙත් සිත් පිනා යන දසුන්. (නි)
අපිටත් සතුටුයි (නි)
මෙවන් දසුන් දැකීමත් සතුටක් . සිරිලක දේ සිරි සැප දේ.. (නි)
අපිටත් සතුටුයි,ගොවියාට තව ටිකක් ලැබුනට කමක් නෑ.(ස)
සෙනසුරාද දවසක යාලුවෙක් එක්ක අවන්හලක ගොස් මම ගන්න බයිට් එකක් තමයි බටර් අනියන් රින්ග්... ලූනු වලින් හදන රසම කෑමක්.... ලොකු රවුම් කපලා ලුනු කුඩු ටිකක් ඉහල ගත්තම නිකන් වුණත් කන්න පුලුවන්(අ)
හෙළ උරුමය... (නි)
ඔය අස්වැන්න විකුණගන්න ඒ මිනිස්සුන්ගේ හිත සතුටුවන මිලක් නියම උනොත් ණය බේරාගෙන සතුටින් ඉදී. (ස)
පිටබැද්දර ජයා බොරු කියන්න එපා. මම ඔයාගේ අදහස දැකල ආයෙමත් පොටෝ ටික හොදට බැලුවා. එකම එක පොඩි එකෙකුගේ ලාවට හිනාවක් හැර අනිත් මුහුණුවල හිනාවක් නැහැ.(නදී)
මෙයයි අපේ ජාතියේ වාසනාව (අ)
ගොවීන්ට සතුටක් ඇතිවෙන්නේ කොහොමද කිලෝවට රුපියල් 75-80 ක් නම් ලැබෙන්නේ. පාරිභෝගික අපිට ගන්න ලැබෙන්නේ රුපියල් 120 ට. මේකෙන් ලාබ ගන්නේ අතරමැදියෝ. එකට පාර කපලා දුන්නා. හේතුව වෙන්නේ පහුගිය දවස්වල සියයට 30 න ලොකුළුෑනුවලට බද්දක් දැම්ම එකයි. (ස)
මගේ රටට ජයවේවා. වැවූ ගොවියාට සාධාරණ මිළක් ලැබිය යුතුයි. (නි)
නැත්තම් සාදාරන මිලක් ඉල්ලලා උද්ඝෝෂණ කරන්න ගිහින් කන්නයි වෙන්නේ...... (ස)
හැම කෙනාම බලාගෙන ඉන්නේ මහන්සිවෙන කෙනාව කොල්ලකන්න. ගොවියන්ටත් ඒකමයි වෙන්නේ (නි)
හැම දාම හොඳ මිලක් ගොවියාට ලැබෙනවා නම්,පාරිභෝගිකයා වන අපටත් හරි සතුටුයි. ඒවිට ගොවියන් හොඳින් වගා කටයුතු කරයි. (අ)