ශ්‍රී ලංකාවේ හැටපස් වැනි නිදහස් සැමරුම් උත්සවයක් මලයාසියාවේ ක්වාලම්පුර් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ‍්‍රයේදී අභිමානවත් ලෙස පැවැත්විණි.
මලයාසියාවේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් මේජර් ජනරාල් එස්.ඩබ්ලිව්.එල්. දවුලූගල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලාංකීය සම්ප‍්‍රදායික චාරිත‍්‍ර වලට මුල්තැන දෙමින් මෙම උත්සවය පැවැත්විණි. එරට සිටින ලාංකිකයෝ පිරිසන්ද එයට සහභාගී වූහ.
මලයාසියාවේ ප‍්‍රධාන සංඝනායක කිරින්දේ ධම්මරතන හිමිප‍්‍රමුඛ සර්ව ආගමික වතාවත් වලින් ඇරැුඹි උත්සවයේ ලාංකික සංස්කෘති අංග ඇතුළත් මඟුල් බෙර වාදනයක් ශ්‍රී ලංකා යුද හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කැරිණි. පසුව ජනාධිපති අගමැති හා විදේශ ඇමැති නිදහස් පණිවිඩද ඉදිරිපත් කැරිණි.
උත්සව සභාව ඇමතූ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් පැවසුවේ මලයාසියාවේ සිටින ශ්‍රී ලංකිකයන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සමග සමීපව කටයුතු කරන බවත්, ඔවුන් ලංකාවේ සංවර්ධනය සඳහා දායක කරගැනීමට බලාපොරොත්තු වන බවද කීවේය. නිදහස් දින සැමරුමට සමගාමීව එදිනම ක්වාලම්පූර්හි සිටින වෙනත් රටවල රාජ්‍ය තාන්ත‍්‍රිකයින්ට මලයාසියා රජයේ නියෝජිතයින්ට දේශීය ආහාර වලින් යුතු රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක්ද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි.
(තිළිණි ද සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ වෙන අයට පිහිටවෙන්න කම්කරු සුභසාධක සංගමය තියෙන්නේ. (නි)
මලයාසියාවේද? මම ඉන්නේත් ඔය රටේමයි. අසරණ වුන මිනිහෙක් ඔය මහකොමසාරිස් කාර්යාලයට යන්න ඔනේ කොහමද සලකන්නේ බලන්න.(නදී)
මේ අය අපිට සළකන විදිය බලන්න මේකට ගිහිල්ලම බලන්න ඕනෑ. (නි)
හරිම ආඩම්බරයි. අපේ රටේ නිදහස ගැන.(නදී)
මේ රටේ අසරණ වෙන මිනිහෙක් ගැන හොයන්න කිවුවොත් නම් ඔය කවුරුවත් නැහැ. (නි)
මලයාසියාවේ එහෙම වෙන්නෙ නැහැ. (නි)
හරිම සන්තෝෂයි ඔබට සුභ පැතුම් !!!!!!!! .(ස)