මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහා රැජනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් තේකෝප්පයක් හා පීරිසියක් නිර්මාණය කළ ඇන්ජලිකා විමලසූරිය (12) ශිෂ්‍යාව එම රාජකීය තේ කෝප්පය හා පීරිසිය මහ රැජනට පිළිගැන්වීමට බකින්හැම් මාලිගයට යාමට නියමිතය.
මහා බ්‍රිතාන්‍යයේ සිසුන් අතර පැවති මේ තරගයෙන් ඇන්ජලිකා ද, මැග්ග්‍රාත් (9) තවත් දැරියක ද ජයගත්හ. ඔවුන්ගේ සැලසුම් අනුව බර්ස්ලම්හි මුවර් ක්‍රොෆ්ට් පිඟන් භාණ්ඩ කම්හල එම බඳුන් නිෂ්පාදනය කළේය. ඇන්ජලිනා බ්ලර්ටන්හි ඕර්මිස්ටන් ශ්‍රීමත් ස්ටැන්ලි මැතිව්ස් විදුහලේ ශිෂ්‍යාවකි.
ඇය සමග බ්ලර්ටන් පාසලෙන් අවසන් වටයට 20 දෙනෙක් තෝරා ගනු ලැබූහ. රැජනට එක් කට්ටලයක් ද, පිඟන් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සම්මේලනයට තවත් කට්ටලයක් ද හිමි වන අතර ඇය ද එක් කට්ටලයක සාඩම්බර හිමිකාරිනියක් වන්නීය.
ඇන්ජලිකාගේ ගුරුවරිය වන ඇනී රෙනිසන් පැවසූයේ ඇය දීප්තිමත් ශිෂ්‍යාවක බවයි.
ඇගේ පාසලට පොත්පත් හා උපකරණ ගැනීම සඳහා පවුම් 2500ක් (රුපියල් 515000) හිමිවිය.
ඇන්ජලිකාගේ මව රමණී ජයකොඩි (46) පැවසූයේ තම දියණිය ගැන බිහෙවින්ම ආඩම්බර වන බවයි.
‘නිදහස් වේලාවලදී ඇය අඳිනවා. ඇය ඊට දක්ෂයි. ඉතාලියේ පදිංචිව සිටි ඇංජලිකා ඇගේ මව සහ පියා තිලකසිරි විජේරත්න බ්‍රිතාන්‍යයට ගියේ දෙවසරකට කලිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුබ පැතුම්...... අපෙ ජීවිතේ ගැබ්වී ඇති සරල කමයි..... නොපසුබටව ඉගෙනීමේ හැකියාවයි ..... පිටරට ගියත් ලක් වැසියන් ඉහල තමයි..... සනාථ කර ඇත මේ වගෙ දක්ෂ ළමයි (ස)
දුව ලංකාව කියන අපායේ හිටියා කියල කියන්නවත් එපා (ස)
ඔබ රටට ආඩම්බරයක් (දී)
අපේ සුභ පැතුම්! (නි)
ඇයට ඇමෙරිකාවටත් යන්න ලැබේවා! (නි)
නංගි, ඔයාට මුළු ජාතියේම ප්‍රණාමය! (නි)
ඇති විශිෂ්ටයි (දී)
සුභ පැතුම්! (නි)
මේ දරුවා ලංකාවේ හිටියා නම් ඉවරයි. කෝ අපේ අර පොල් කඩන මැෂිම හදපු එක්කෙනා? (නි)
මේ දරුවගේ දෙමවුපියන් මේ දරුවාවත් අරගෙන මේ රටින් පිටවෙන්න ගත්තු තීරණය කොච්චර හොදද කියලා දැන් තේරෙනවද? (නි)
මේ දරුවා ලංකාවේ හිටියා නම් මෙහෙම පිළිගනීවිද? (නි)
ඔබට මගේ සුභ පැතුම් දුවේ.. හොද වෙලාවට ඕක එංගලන්තෙ කලේ ලංකාවෙ කළානම් මෙලහකටත් අධිකරණයටත් ගිහිල්ලා..!(නු)
දරුවා, ඔබට සුභ අනාගතයක්! ඔබේ දෙමවුපියන් ඔබත් සමග ලංකාවෙන් පිටවෙන්නට ගත් තීරණය හුගක් වටිනවා. (නි)
බොහොම දක්ෂ දරුවෙක්. මෙහෙම දරුවන් ලංකාවෙන් යන එක ගැන දුකක් තිබුණත්, මෙහේ ඇති ප්‍රශ්න දිහා බලද්දී ඒ ගැන කණගාටුවකුත් නැහැ. (නි)
හැකියාව හා වාසනාව . ජය වේවා දුවේ (ස)
දුවේ, ඔබට සුභ අනාගතයක්! හැබැයි මෙහාට නම් එන්න එපා. (නි)
ලංකාසිරි, ඔයා ලංකාවේ ආහාර ගැන මොකුත් දන්නේ නැද්ද.? විදේශිකයෝ අපේ ආහාර වලට කොතරම් කැමතිද.? ලංකාව යුරෝපය වගේ වතුර පොදක් බොන්න බැරි තරමට හිමෙන් වැහෙනවද ?. ලංකාවේ කොස් පොලොස් හරි කන්න පුළුවන්. (නු)
මේ දරුවා එහේ පුරවැසිබාවය ලබා තිබුණත් නැතත් අපේ සුභ පැතුම්! (නි)
මෙහේට නම් එන්න හිතන්නවත් එපා දුවේ. (නි)
ඔන්න නියම ලාංකිකකම. ඔයා ඔහේටම වෙලා ඉන්න දුවේ. (නි)
දැරිය ලස්සනයි වගේම දක්ෂයි. (නි)
සුබ පැතුම් (ස)
අනේ මේ දක්‍ෂ දරුවාට සුබ පතන්නේ නැතිව ඇයි මේ අපේ අය ලංකාව පහත් කරලා කථා කරන්නේ. (නු)
ඔබගේ දස්කම් ගැන අපිටත් හරිම ආඩම්බරයි. (නි)
උගත් බුද්ධිමත් වැඩි දෙනෙක් ලාංකිකයන් සිටින්නේ විදේශවල බව ඔබ දන්නවාද? සත්‍ය එයයි..!(නු)
සතුටුයි දුවේ නුඹෙ සුන්ඳර නිපැයුමට ආසිරි පතන්නෙමි ඉදිරියටම යන්ට! (නි)
දුවේ ලංකාවට නම් ඕවා නිර්මාන්‍ය කරලා වඩක් නැහැ.. මොකද ඒවායේ දාගෙන කන්න බොන්න දෙයක් නැති නිසා..!(නු)
අපේ රට වෙනුවෙනුත් බත් පිගානක්වත් නිර්මාණය කරන්නකෝ. (නි)
අපේ රට ගැන අපිට ආඩම්බරයි. පිටරට ඉදගෙන හරි මෙවන් විශිෂ්ට නිර්මාණ කිරීම ගැන ස්තූතියි. (නි)
සුභ පැතුම්! (නි)
හොද තුවක්කුවක් නිර්මාණය කළානම් ලංකාවෙන් සම්මානයක් ගන්න තිබුණා..!(නු)
දෙවි පිහිටයි පුතේ ඔබට! හොදින් ඉගෙනගන්න ලැබේවා! (නි)
අපිට ගොඩක් සතුටුයි. අන්ජලී දියණියට අපේ සුබ පැතුම්! තෙරුවන් සරණයි. (නි)
ලාංකීක අපට ආඩම්බරයි. දුවට සුභ අනාතයක්! (නි)
අංජලිකාදුවේ ඔබට සුභ පැතුම්...!(නු)
ඉතාලියේ රජයේ පාසැල් වල අධ්‍යාපනය ලබා වෙනත් රටවලට පදිංචියට යන අපේ ළමයි විවිධ දක්ෂතා පෙන්වනවා . ඉතාලියේ හොඳ අධ්‍යාපනයක් ලබාදෙනවා. මෙහේ ඉංග්‍රීසි පාසැල් වල අධ්‍යාපනය ලැබු හුඟ දෙනෙක් අසාර්ථක වී තිබෙනවා. (නි)
රටටම ආඩම්බරයක්. මගේ සුභ පැතුම්! ඉදිරියටම යන්න. (නි)
ඒ වුණාට මීටවැඩිය ලොකු දේවල් අපේ කට්ටිය කරලා තියෙනවා. (නි)
ඉදිරියට යන්නට ඔබට සම්මා සම්බුදු සරණයි! (නි)
ඔබට ජය වේවා (දී)
නංගි ඔයාට මුළු ජාතියේම ප්‍රණාමය.අපේ අය ලංකාවේ ඉදන් ලංකාවේ නම කන විදිය දැක්කම ඔයාල වගේ අය ලංකාවෙන් පිට ඉදලත් මේ කරන දේවල් වලට රටක් විදියට අපි ගොඩක් ආඩම්බරයි... (ස)
අපේ සුභ පැතුම්!(නු)
මේ ළමයා එංගලන්තෙ පුරවැසියකෙත. ලාංකිකයෙක් නෙමෙයි.. ලංකාවෙ හිටියනම් ජනාධිපතිට කෝප්පය්ක නිර්මාණය කලානම් මෙහෙම පිළිගැනීමක් ලැබෙයි.. මීට කලිනුත් එහෙම ළමයින්ට පිළිගැනීමක් ලැබුණා.. ඒත් ටික දිනකින් ලංකාවෙ වගේම එයාලටත් මේවා අමතක වෙයි.. නීලා කියන දේ හරි.. විද්‍යාත්මක නව නිපැවුම් දිරිමත් කරන්න ලංකාවෙ කිසිම කෙනෙක් උත්සාහකරන්නෙ නැහැ.!(නු)