IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලෝක කැරම් ශූරතාවලියට ශ්‍රී ලංකාව සුදානම්

හයවැනි ලෝක කැරම් ශූරතාවලිය අනිද්දා (31) කොළඹ ගලදාරී හොටලයේදී ඇරැුඹෙයි. සිවු වසරකට වරක් පැවැත්වෙන මෙම තරගාවලියට රටවල් 18 කින් කණ්ඩායම් (පිරිමි/කාන්තා) සහභාගිවේ. ජාතික කැරම් ශූර නිශාන්ත ප‍්‍රනාන්දු සහ ජාතික ශූරී ජෝශප් රොෂිටා ඇතුළු පිරිමි හා කාන්තා දෙ අංශයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 10 දෙනෙක් ශ්‍රී ලංකා පිලට ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික පුහුණුකරු ලැන්ග්ලි මතායස් මහතා යටතේ පුහුණුවීම් ආරම්භ කර තිබේ. අවසන් වරට 2008 වසරේ ප‍්‍රංශයේ පැවැති 5 වැනි ලෝක කැරම් ශූරතාවලියේදී පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකා කී‍්‍රඩා ඉතිහාසයේ ලෝක ශූරතාවක් හිමිකර ගත් තෙවැනි අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්විය. එම ජයග‍්‍රහණය නැවතත් ශ්‍රී ලංකාවට ලබාගත හැකි මට්ටමෙන් ක‍්‍රීඩකයන් පුහුණුවීම්වල නිරතව සිටින බවත්, ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවන්ද තරගාවලියේදී පෙරළියක් කරනු ඇතැයි ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලැන්ග්ලි මතායස් මහතා පවසයි. කුළී ගෙවීමේ පදනම මත මහරගම ප‍්‍රදේශයේ ස්ථානයක පවත්වාගෙන යන ශ්‍රී ලංකා කැරම් සංගම් මුලස්ථානයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මුලික පුහුණුවීම්වල නිරතවුහ. වායු සමීකරණ මධ්‍යයේ ක‍්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අපහසුතාවන්ට ලක් වු අවස්ථා තිබු බවත්, තරගාවලිය ආරම්භවීමට දින තුනක් තිබියදී ඒ සඳහා හුරුවීමට හිල්ටන් හෝටලයේ පුහුණුවීමේ අවස්ථාව ඔවුන්ට හිමි වු බවත් පුහුණුකරු මතායස් මහතා පැවසීය. ඔවුන් හිල්ටන් හෝටලයේදී පසුගිය 26 වැනිදා සිට නේවාසිකව පුහුණු කටයුතු වල නිරත විය. ශ්‍රී ලංකා පිලේ සිටින ප‍්‍රබලම ක‍්‍රීඩකයන් දෙදෙනා චමිල් කුරේ සහ නිශාන්ත ප‍්‍රනාන්දු වේ. චමිල් සහ නිශාන්ත, 5 වැනි ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට දායක වු අත්දැකීම් සපිරි ක‍්‍රීඩකයෝ වෙති. ජාතික කැරම් තරගාවලියේදී පිට පිට අට වරක් පිරිමි කේවළ ශුරතාව දිනා සිටින චමිල් ජාතික කැරම් ශූරතාව වැඩිම වරක් දිනා ගත් ක‍්‍රීඩකයා ලෙස ශ‍්‍රී ලංකා කැරම් ක‍්‍රීඩා ඉතිහාසයට එක්ව සිටින කී‍්‍රඩකයාය. චමිල්, අන්තර්ජාතික තරග බිමේදී අවස්ථා කිහිපයකදීම ලෝක කැරම් ශූර ඉන්දියාවේ යෝගේෂ් පර්දේශී පරාජය කිරීමට සමත්ව සිටීමත් කැපී පෙනේ. ‘‘අපට අභියෝගයක් වන රට ඉන්දියාව පමණක් නොවෙයි. බංග්ලාදේශයටත් අප වර්තමානයේදී අවස්ථා කිහිපයකදී පරාජය වුණා. අපි දැන් හොඳ පුහුණුවක් ලබලා තියෙනවා. අපේ වැරැදි හදාගෙන ඉදිරියට යෑමයි අපේක්‍ෂාව යැයි’’ චමිල් ‘ලංකාදීපයට’ පැවසීය. 2008 වසරේ ලෝක ශූරතාව දිනා ගැනීමෙන් පසුව අන්තර්ජාතික කැරම් තරගාවලියේදී ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් අපොහොසත්ව සිටියි. පසුගිය වසරේ මැලේසියාවේදී පැවැති ලෝක සම්මේලන කුසලාන කැරම් තරගාවලියේද ශ්‍රී ලංකාවට හිමි වුයේ අනුශූරතාවයයි. අතීතය එසේ වුවත් මෙවර ශ්‍රී ලංකාව සත්කාරය දක්වමින් ලෝක ශූරතාව හිමිකර ගැනීමේ දැඩි උත්සාහයක නිරතවේ. විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගල, මිශ‍්‍ර යුගල ඉසව් හා කණ්ඩායම් ඉසව්වන්ගෙන් තරගාවලිය සමන්විතවේ. තරගාවලිය නොවැම්බර් මස 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ලෝක කැරම් ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල: පිරිමි:- නිශාන්ත ප‍්‍රනාන්දු (නායක), චමිල් කුරේ, මොහොමඞ් ෂෙරිෆ්ඞීන්, ඩිමල් සේනාරත්න සහ අජිත් චන්ද්‍රසෝම (අතිරේක) කාන්තා:- ජෝශප් රොෂිටා (නායිකාව), මධුෂිකා කාංචනමාලා, යශිකා රාහුබද්ධ, චලනි ලක්මාලි සහ අරෝෂා වික‍්‍රමසිංහ (අතිරේක), ලැන්ග්ලි මතායස් මහතා (පුහුණුකරු/කළමනාකරු)   ශ්‍රී ලංකා පිරිමි කැරම් පිල ශ්‍රී ලංකා කාන්තා කැරම් පිල (ඡායාරූප: සජීක ජයසිංහ) පුහුණුකරු ලැන්ග්ලි මතායස් මහතා සහ කැරම් සංගමයේ ලේකම් රෝහිනී මතායස් මහත්මිය



අදහස් (0)

ලෝක කැරම් ශූරතාවලියට ශ්‍රී ලංකාව සුදානම්

පහන් Monday, 29 October 2012 06:24 PM

ආණ්ඩුවේ කන්තෝරුවල කැරම් ගහන හැටියට ලංකාව අනිවාර්යයෙන්ම ලෝක ශූරතාව දිනන්න ඕනෑ. (නි)

:       0       0

ජගත් Monday, 29 October 2012 08:59 PM

ජයවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site