ජපානයේ චිබා නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මිශ‍්‍ර කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ මුලික වටයේ තරග දෙකම පරාජය වු ශ්‍රී ලංකා පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (26) පැවැති තරගයෙන් එංගලන්තය තරග 4/1 ක පහසු ජයක් ලබා ගැනීමට සමත්විය. සචින් ඩයස්, මෙම තරගයේ එකම ජය වාර්තා කළ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා විය. සචින් පිරිමි කේවළ ඉසව්වේදී එංගලන්ත ක‍්‍රීඩක ඇලෙක්ස් ලේන්, 22/20 ක් සහ 21/17 ක් ලෙස පරාජය කිරීමට සමත්විය. ජාතික බැඞ්මින්ටන් ශූරී තිළිණි ප‍්‍රමෝදිකා, කාන්තා කේවළ ඉසව්වේදී චිලොයි බර්ච් (21/14, 22/20) හමුවේ පරාජය වුවාය. එංගලන්ත ක‍්‍රීඩිකාව ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩිකා) 633 වැනි ස්ථානයේ පසුවෙයි. පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ‍්‍ර යුගල ඉසව්වලදී ද ශ්‍රී ලංකාවට හිමි වුයේ පරාජයයි. තරගාවලියේ පළමු දිනය වු ඊයේ (25) ප‍්‍රබල චීනය හමුවේ ශ්‍රී ලංකා පිල තරග 5/0 ක අන්ත පරාජයක් ලැබීය. රටවල් 30 කින් කණ්ඩායම් සහභාගිවන මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගිවිය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේ මුලික වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට
චන්ද්‍රසිරි Saturday, 27 October 2012 02:07 PM
තවම පොඩි ළමයිනේ. ලොකු වෙනකොට හොදට සෙල්ලම් කරයි. (නි)