ඈෂ් නමින් හඳුන්වන තහනම් මත්ද්‍රව්‍ය විකිණීම බෙදා හැරීම හා ළඟ තබා ගැනීම මත ශ්‍රී ලාංකිකයෝ හතර දෙනෙක් රියාද් නුවර බතා නගරයේදී දීරා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
රියාද් තානාපති කාර්යාලයයේ ප්‍රකාශකයකු පැවසුවේ තහනම් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් මෙම ශ්‍රී ලාංකිකයන් හතර දෙනාට තමන් රැකියාව කළ ආයතනයෙන් පලා ගොස් නීතිවිරෝධීව රැඳී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලාංකිකයන් හට විකිණීම සහ බෙදා හැරීම කර ඇත. සෞදි අරාබි මුස්ලිම් පූජක වරුන් ඔත්තුකරුවන් මගින් කළ මේ වැටළීමෙන් ඈෂ් කූරු 15ක් සොයාගෙන ඇත.
එහි වටිනාකම සෞදි රියාද් 1500කි. (රුපියල් 51000කි)
ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියකු පැවැසුවේ මහ මොළකරු අනුරාධපුරයේ අයකු බවයි. ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් තිදෙනකු ද මොහුට සහාය වී ඇති බව කියති.
ආරක්ෂක අංශ තොරතුරු අනුව මොවුන් ගණිකා මඩම් හා කසිප්පු ජාවාරම් ද කරතියි කියති.
මේ අතර එක් ශ්‍රී ලාංකිකයකු හදිසියේ තානාපති කාර්යාලයට කඩා පැන තානාපති නිලධාරියකුට පහරදීමට තැත් කිරීමේදී තානාපති ආරක්ෂක අංශ පොලීසිය කැඳැවීය. පොලීසිය ඔහු අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිස්වාන් සින් එක තිතටම දන්නවා වගේ.තම තමන්ගේ මට්ටම් තම් මැට්ටම්.(නදී)
වරද ඔප්පු උනොත් අනිවාර්යෙන්ම මරන දඬුවම ලැබෙනවා. මෙහේ මේ දේට උපරිම දඬුවම් (ස)
අපේ අයියලා යන යන තැන විනාස කරනවා (ස)
51000 ක කුඩු කියන්නේ ලොකු ගොඩක් නෙමෙයි. නමුත් මෙයාලව නොමරා ඇගට දැනෙන්න හොදට කසපහර 100 විතර දුන්නනම් මරේ මරු.(නදී)
සෞදිවල මේවා කිරීම සියදිවි නසාගැනීමක්.(නදී)
ඉෂාන් මහත්තයෝ! සාක්කි නැතුව හරි කමක් නැහැ වැඩේ වෙනවා නම්.(නදී)
සහාය වුණ මුස්ලිම් ජාතිකයන්ගේ ජනවර්ගය පමණක්ද එළි කරන්නේ ? දෙවි පිහිටයි සියල්ලන්ටම. (නි)
ලංකාවේ අපේ පොලිසිය අල්ලන කුඩු රුපියල් ලක්ෂ ගනන්. සෞදි පොලිසියේ අල්ලා ඇති කුඩුවල වටිනාකම රුපියල් 51000/= යි. (නදී)
අනේ මෝඩ දුම් කුඩ්ඩා, අල්ලලා ලයිට් කනුවක එල්ලන්න ඕනේ කාටත් පේන්න.(නදී)
මෙහෙමත් මිනිස්සු!(නදී)
සෞදි අරාබියේ කුඩු විකිණීම, ස්ත්‍රී දුෂණ හා මිනිස් ඝාතන සඳහා මරණ දඬුවම ලබාදේ.(නදී)
නඩුවත් ඔහෙදීම විසදන්න (දී)
මේක වෙන්න බැහැ. ලංකාවේ මිනිස්සු මේ වගේ දේවල් වලට පැටලෙන්නෙ නැහැ. අනිවාර්යෙන් බුදුන් වදින්න ගිහින් තමයි කොටුවෙලා ඇත්තේ. අපි අරාබිය වර්ජනය කරමු. කෝ ඔය සේනාව? (නි)
බෙල්ල නම් කපන්නේ නැහැ. සවුදි රටේ නීතියට අනුව අවුරුදු 8ක් විතර ඉන්න වෙයි. හිරේ ලංකාවේනම් දවස් 14න් නිදහස්. (ස)
මහ මොල කාරයා අපේ අය්යා කෙනෙක් නේද. ඒ ඔක්කොමලගේ නම් ගම් දාන්නනය් තිබ්බේ. (දී)
ඔහෙටම කරලා තියා ගන්න (දී)
කටාර් රටෙත් ඉන්නවා මෙවැනි අය. සල්ලි ටිකක් ඉතිරිකරගන්න එන අයත් නවාතැන් පොලවල්වලදී මේවට ඇබ්බැහි වෙලා.(නදී)
මේ වගේ අයට මොන දඩුවම දුන්නත් කමක් නැහැ.(නදී)
මේ වගේ කෙනෙකුට මොන දඩුවම් දුන්නත් කමක් නැහැ. (නි)
ලංකාවේ කීර්ති නාමයට කළ කැළලට මොවුන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
මෙහේට එවන්න එපා මේහේ වැඩිපුරත් එක්ක ඉන්නවා (දී)
කොයි තරම් දුප්පත් වුනත් මෙවැනි දේවල් මනුස්සයන්ට උචිත නැහැ. දෑතේ වීරියෙන් ජීවත් වෙන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. පුලුවන්නම් සමාව දුන්නට වරදක් නැහැ. හැදෙන්න බැරිනම් දඩුවම් ලැබිය යුතුයි.(නදී)
ඇති විශිෂ්ටයි (දී)
මේකට තමයි කියන්නේ ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියලා. (නි)
ලංකාවේ කුඩු විකුනන්නේ පිට රට ඉදන්ද (දී)
මේ අයව මෙහේට නම් එවන්න එපා. (නි)
මෙහෙම අයට මොන විදියේ දඩුවමක් දුන්නත් අපිට දුකක් නැහැ. (නි)
මෙහෙම අය අපේ රටට පමණක් නොවේ ලෝකයටම බරක්. (නි)
මෙහේ එවන්න එපා. ආවත් මාසෙන් නිදහස් වෙන එකනේ. (නි)
මෙහේට නම් එවන්න එපා. ඔහේ හිටියොත් හොද දඩුවමක් හරි ලැබෙයි. (නි)
එයාලව මෙහේ පැත්ත පළාතේ එවන්න එපා. (නි)
සොරි ඩොට් කොම් තමයි ඉතින්. (නි)
ඔන්න ඔය වගේ තැන්වලදි අරාබි නීතිය හරියටම ක්‍රියාත්මක විය යුතුයි. මේයාලා නැවත ලංකාවට නම් එවන්න එපා. ආවත් කරන්නේ මේකමයි. ඒ අය ලංකාවට විතරක් නොවේ මුළු ලෝකයට ම පිළිලයක්.... (ස)
රටේ නම කැත කරනවට මරණ දඩුවම දෙන්නයි තියෙන්නේ. (නි)
අපේ ලාංකියන්ගේ සුපිරිකම ලෝකෙට පෙන්වන එක් අවස්ථාවක්.(ස)
ෙමි අයටයත් කස පහර නැත්නම බෙල්ල. අනේ හොඳා ලංකාෙවනමි ඉතින් ෙමිවැනි වැරදි වලට අැතුලට දාලා ඉලියට දාන ඒක ෙන් කරන්ෙන්.(ස)
මරන දඬුවම දුන්නත් වැරදි නැහැ. (ස)
අනිවාර්යෙන් ම ඉතින් මරන දඬුවම තමයි මෙයාලට ..(ස)
මේ වරදට බෙල්ල කපයිද ? හිරේ දායිද ? (ස)
ලංකාවේ නම් බේරෙන්න පුළුවන්.. සවුදි වල දෙයියෝ සාක්කි.. (ස)
ලංකාවේ දඬුවම් නැති නිසා මෙයාලා ජයටම ලංකාවේ මේවා කරනවා. දැන් ඉතින් බෙල්ල නැතුව තමයි එන්න වෙන්නේ. ෂරියා නීතිය ම මොවුන්ට ක්‍රියාත්මක කරන්න...(ස)
මෙයාටත් කියයිද දන්නේ නැහැ මරණ දඩුවම දෙන්න එපා මෙයා බාලවයස්කාරයෙක්, හොර ලියකියවිලි හදලා තියෙන්නේ කියලා.(නදී)
මුස්ලිම් නීතිය පොත කියවලා බලන්න. මේ ගොල්ලන්ට මරණ දඩුවම ලැබෙයි කියා හිතෙනවා හරියටම සාක්ෂි ඉදිරිපත් වුනොත්.(නදී)
දඬුවම් අනිවාර්යෙන් ම ලැබෙනවාම යි...! (ස)